IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඌව සබේ කැලඹේ


 
 
(ප්‍රසාද් රුක්මල්)

 
ඌව පළාත් සභා මාසික රැස්වීම අද (23) ආරම්භ වීමත් සමඟ එහි මුලසුන හෙඹවූ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා සභා ශාලාවෙන් පිටව ගියහ.


ඌව පළාත් සභාවේ මාසික මහ සභා රැස්වීම අද පෙරවරු 10.30ට නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 


සභා රැස්වීම ආරම්භ වීමත් සමඟ නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර මහතා (එ.ජා.ප) ඉකුත් පළාත් සභා මාසික සභා රැස්වීමේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව මන්ත්‍රීවරුන් හත්දෙනෙකු අත්සන් කරගෙන ආ පසුව පරාජයට පත් වූ විශ්වාසභංග යෝජනාවට පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාත් අත්සන් කර ඇත. 


ආණ්ඩු පක්ෂයේ සිටින ආණ්ඩු පක්ෂයේම ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව එසේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මේ නියෝජ්‍ය සභාපතිතුමා අද සභාවේ සභාපති පුටුවේ මුලසුන හෙඹවීය. එමනිසා විපක්ෂයේ (එ.ජා.ප) මන්ත්‍රීවරුන් කණ්ඩායම නියෝජ්‍ය සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන තෙක් ඔහුට විරෝධය පළ කර සභා ශාලාවෙන් පිටත් වී ඇත.


අනතුරුව සභාවේ නියමිත ඝණපූර්ණය නොමැති හෙයින් සභාව පෙරවරු 10.35ට පමණ විනාඩි 10කට කල් තැබීමට නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට සිදුවිය.

 



අදහස් (1)

ඌව සබේ කැලඹේ

Hafeel Thursday, 23 August 2018 11:13 AM

මහජන මුදල් නාස්ති. සභාව කල් තැබුවත්, මේ මන්ත්‍රීලාට වැටුප්, දීමන ගෙවනවාමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site