ජනමත විමසීම් තුනකින්ම රජයට ඌව හොඳ නැති බව රජය දන්නේයැයි ද දැන් විවිධ මැර කණ්ඩායම් ඌවට ගෙනවුත් ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා වියලුව මීගහකිවුල ඡන්ද රැස්වීමකදී පැවසීය.
‘ඡන්දයට රජය යාන වාහන යොදා ගන්නවා .බඩු බෙදනවා .ගොඩනැඟිලි විවෘත කරනවා. රටේ බහුතරය හම්බ කරනවා. සුළු තරය සොරා කනවා.වසර 66 ක් තිස්සේ අලියටයි බුලත්කොලේටයි පුටුවටයි අතටයි දීලා කර ගත්තේ ඒ ටික පමණයි.
මන්ත්‍රී ඇමැති වෙනවා. මන්ත්‍රීගේ ගේ ලොකු වෙනවා.තේ වතු ගන්නවා.දරුවන් රට අරිනවා.ලංකාවට ගේනවා .ඡන්දෙට දානවා .මන්ත්‍රීකම් දෙනවා. එක් ප්‍රභූවරයකුගේ බාල පුතා දාන්නේ ලක්ෂ එකහමාරේ සපත්තු.තව පුතෙක් ලක්ෂ නවසිය අනූපහක් වටිනා කාර් ගෙනල්ලා රේස් පදිනවා.මේ හොරකම,ඥාති සංග්‍රහය,දුෂණය නැති කළ හැක්කේ ජවිපෙට පමණයි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන ඇහෙනකොට මට හිතෙන්නේ ලංකාවේ තාමත් ඉන්නේ නුගත් ජනතාවක් කියලා මොකද අපි වසර 66 ක් තිස්සේ හරි හරි විදියට මේ පක්ෂ 2 ටම චන්දෙ දීල තියෙනවා චන්දෙට කලින් මිනිස්සු කොච්චර ආණ්ඩුවට බැන්නත් අන්තිම දවස් ටිකේ ටකරන් ටිකක් බත් පැකට් එකක් බෙදපු ගමන් ඔක්කොම අමතක වෙලා අයෙත් චන්දෙ දෙනවා. ඊට පස්සේ අවුරුදු 5 ක් මැති ඇමතිවරු පැත්ත පළාතක එන්නේ නැහැ ඉතින් ඒ අවුරුදු 5 ම මිනිස්සු කරන්නේ ආණ්ඩුවට සහ මැති ඇමතිවරුන්ට බැන බැන ඉන්න එක. ආයෙත් චන්දෙ අාවහම ඒ මිනිස්සුම අර මැති ඇමතිවරු කරේ තියාගෙන යන හැටි දැක්කම මට පුදුම දුකක් දැනෙනවා අපේ රට ගැන මේ 2014 වර්ෂය ඒ උනාට බත් පැකට් එකට චන්දෙ දෙන මිනිස්සු තාමත් ඉන්නවා (නදී)
දේශපාලනය මිනිස්සුන්ට තිත්ත වෙලා (දී)
දේශපාලනය ගැන අපි කතා කල යුතුමද (දී)
ප්‍රියංගිකා, මගේ දැනුම හැටියට අපි හුස්ම ගැනීමත් දේශපාලනයට බද්ද වෙලා තියෙන්නේ. අපි ඔය ගැන නොහිතන නිසා තමයි අපි වලපල්ලට ගිහින් තියෙන්නේ. මිනිස්සු දුර නොබලා වැඩ නොකරන නිසාත්, ආත්මාර්ථකාමී නිසාත් වෙන විනාසේ නවත්වන්න බැහැ.(දිල්)
ජ වී පෙ එකට දීල උල කන්න ද නැත්නම්? කතා කරන්න පුළුවන් වුනාට දේශයක් පාලනය කරන්න පුළුවන් වේයිද? දැක්කේ නැද්ද අර එහෙ හොඳටම බිරුව කෙනා ආණ්ඩුවට ඇවිත් කරන විදිහ? මිනිස්සු මෝඩ වෙයිද? (අ)
එයාල දැන් එහෙම කිවුවට එයාල කලින් හිටියේ කොහෙද ? මොනවා කිවුවත් මහත්තයෝ සන්ධානේ දිනනවා. එකේ දෙකක් නැහැ. (අ)
ජේ වී පි එක මේ රට නැති කරපු ඒවා මේ අය අවුරුදු 56 තිස්සේ නැති කරපු ඒවාට වඩා ගොඩක් වැඩයි මහත්තයෝ. ඒ වටිනා තරුණ ජිවිත වගේම විනාශ කරපු මහජන දේපල වල වටිනා කම් මුදලින් මනින්න බැහැ. අදටත් මේ රට ආපස්සට අදින්න දත කන්නේ වැඩ වර්ජන මගින් ජන ජිවිත කඩා වැටෙන්න සලස්වල මල මිනි මතින් තම අරමුණු ඉටු කර ගන්න හදන්නේ සරසවියට යන සිසුවට නිදහසේ තම කාර්යය කරගෙන එලියට එන්න ඉඩ නොදෙන්නේ එදා ඉදල තිබුණු ඔය කුහක කම (නදී)
උව තීරණාත්මකයි. පාවෙන රෙස්ටුරන්ට් එකක් වල්ලවායටත් දෙන්ඩ. හැබැයි ඡන්දෙට ඉස්සෙල්ල මුල්ගල තියන්ඩ ඕනා. එතකොට අපිට විස්වාසයි. (අ)
බන්දුල පෙරේරා මහත්තයා ජ වි පෙ ට කරන විවේචනය කුහකයි කියලයි හිතෙන්නේ (නි)
ඔබට පමණයි එය කල හැක්කේ (අ)
ආණ්ඩුව දැන් මැකෝ ලව්වා ඡන්දෙ කල් දාන්න නුල් අදිනවා. (නදී)
ජන හදවත් ගැහෙන රාවය දන්නා ජනතා විමුක්ති පෙරමුණට ජයවෙවා! මේ කියන සත්‍ය මිනිස්සුන්ට වැටහේවා! (නදී)
කතාව නම් ඇත්ත. ඒ වුණත් පවතින ක්‍රමය වෙනස් කරන්න අමාරුයි නේද? (නි)
ඡන්දය කල්දමයිද කියලයි මට සැක (නි)
ජවිපෙට ජය වේවා (දිල්)
අපි නම් නැහැ (දී)
ජනතාවගේ කැමැත්ත මත සියල්ල විසදෙනවා (දී)
ඌව රජයට අවාසිද, රජය ඌවට අවාසිද කියන එක තෝර බේර ගන්න දැනට තියෙන එකම ක්‍රමය චන්දය. නමුත් දන්සල් ක්‍රමය හරහා රජය ඌ වට වාසිදායක වෙන කොට, ඌවත් රජයට වාසි ඇති කරනවා. මේක රුදුරු චක්‍රයක්. (නදී)