ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කිරීම සුදුසු බවට ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මාසික රැස්වීමේ දී ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත විය.
‘ඌව පළාත් සභා මහ ඇමැතිතුමාට හා මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට ඇඳිය හැකි බැටලු ලොම්වලින් හැදූ කබා, හිස්වැසුම් හා යට ඇඳුම් ආධාර වශයෙන් ඇඹිලිපිටිය නගර සභාවෙන් ලබා දීමට මම යෝජනා කරනවා‘ යැයි මන්ත්‍රීවරයා කීවේය.
‘හල්දුම්මුල්ල නාය යන විට සීතල හැදුනේ නැති ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති සහ මන්ත්‍රීවරුන්ට හැදුණු සීතල කොහෙන් නවතීද දන්නේ නැහැ. සීතල සඳහා අඳින ඇඳුම් යැවීමට කළ යෝජනාව මා සම්මත කරනවා.‘ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගේ යෝජනාව ස්ථිර කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා කීවේය.
මෙම යෝජනාවට හේතු වූයේ සීතල නිසා ඌව පළාත් සභාවේ දෙසැම්බර රැස්වීම මාස එක හමාරකින් කල් දැමීමට ගත් තීරණයයි. එහි සත්‍ය කතාව නම් සන්ධානයේ මන්ත්‍රී තිදෙනකු විපක්ෂයට පැමිණ ඌව පළාත් සභා බලය සන්ධානයට අහිමි කිරීම බව සියයට අනූ නවයයි දශම නවයයි නවයක්ම විශ්වාස යැයි ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව හැමදා සීතලේ ,(ත)
හරින්ට ජයවේවා!! මහා ඇමති වෙන්න කලේ හරි නේද ??? (ස)
මේ සීතල සිසුන් කාර්යාල සේවකයන් ඇතුළු සියලු මහජනතාවට බලපාන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවය පිලිබඳ වගන්ති සලකා සියලුම පාසල් හා කාර්යාල ද නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. (ස)
දේශපාලන පරාජය දැකලත් සමහරුන්ට සීතල හැදෙනවා! (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා තමන්ට ඇති වියදම සිමාවන් ගැන දන්නේ නැහැ.හරිම කණගාටුයි. (ස)
ස්තූතියි පුංචිහේවා මහතාට (නි)
මොන විකාරද මේ.......එහෙම මිනිස්සුන්ට එළියට බැහැල වැඩක් පළක් කරන්න බැරි, ගල් ගැහිල යන හීතලක් නෑ. ඌවට හිම වැටෙන්නෑ. (හේ)
ගල් හොරු ටිකක් ... හරින්ට බයේ හැංගිලා ඉන්නවා ලජ්ජි අපිටනම් උවේ කියන්නත් මේ වගේ බල වැඩ කිසිම කලෙක උෟවේ මිනිස්සු කළේ නෑ (අ)
ජනවාරි 08 වෙනිදා වෙනකොට මේගොල්ලෝ සීතලෙන් නොවෙයි, උණුසුමෙන්ම ගල්වෙයි. (නි)
ලැජ්ජයි (ස)
එයාලත් කැමති ඇති උණුසුම් වෙන්න (නි)
ඇයි එයාලට මේක අලුත් දෙයක් වුණේ දැන්ද? (නි)
අනේ! ඌවෙ තියෙන හීතල දන්නේ නැතුව හිම ගැන කියන පරම්පරාව දන්නේ නැහැ සීතල සන්නිය හැදිලා වැහි කාලේ මැරුණ අයත් ඉන්නවා කියලා. පොඩ්ඩක් ගමක දුරුත්තේ හීතල විඳලා බලන්නකෝ. (නි)
ඕක අපේ සභාවේ අයත් කිව්වේ සම්මාදම් එකතු කරලා හරි උණුසුම් ඇඳුම් යවමු කියලා. (නි)
දුන් කොළයකුත් දුන්නනම් හරි. (ත)
සීතල හැදුණු අයට ඡන්දෙ දුන්න කට්ටියට නාස් ලණුව බැගිනුත් යවන්න යෝජනා කරනවා. (ත)
රටම හිනස්වනවා. (නි)
උෟව පළාතත් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරය වගේ හිමෙන් වැහිලද ? හැබැයි එහි නම් නගර සබා රැස්වීම් නිසි පරිදි පවත්වනවා. එසේ නොපැවැත්තුවොත් එම මන්ත්‍රීන්ට හැමදාම ගෙදරට වෙලා පොරවාගෙන නිදියන්ට වෙනවා (නදී)
හීතලවෙලා තියෙන්නේ කට්ටියගේ පපුව සහ බොක්ක (නි)
මේ මදි (නි)
මොන විකාරයක් ද මේ. සීතල රටවල පාර්ලිමේන්තු අවුරුද්දෙන් බාගයක්ම වහලා දාන්න වෙයි මෙහෙම හිතන්න ගත්තොත්. (නි)
හෙට අනිද්දා වෙනකොට නියමෙට දහඩිය දමයි (නි)
ෂා නියමයිනේ! (නි)
අනේ අම්මපා! රටට ගිය කලක් ! (නි)
විජිත ජී පුංචිහේවා මන්ත්‍රී තුමා ඔබතුමාගේ ෆිල් එක නැහැ නේද ජපති තුමා ගාව? (ස)
මොන සීතලද? සීතල බල හුවමාරුවකට ඇති බය නිසා ඡන්ජේ ඉවර වෙනකම් විවේක කාලයක් දීල. දන්නෝ දනිති. (ස)
ඌව පලාබබා තියෙන්නේ "උත්තර ධ්‍රැවයේ" ලු..මහ ඇමති "ඉග්ලු" ලු. . (ස)