ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කිරීම සුදුසු බවට ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මාසික රැස්වීමේ දී ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත විය.
‘ඌව පළාත් සභා මහ ඇමැතිතුමාට හා මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට ඇඳිය හැකි බැටලු ලොම්වලින් හැදූ කබා, හිස්වැසුම් හා යට ඇඳුම් ආධාර වශයෙන් ඇඹිලිපිටිය නගර සභාවෙන් ලබා දීමට මම යෝජනා කරනවා‘ යැයි මන්ත්‍රීවරයා කීවේය.
‘හල්දුම්මුල්ල නාය යන විට සීතල හැදුනේ නැති ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති සහ මන්ත්‍රීවරුන්ට හැදුණු සීතල කොහෙන් නවතීද දන්නේ නැහැ. සීතල සඳහා අඳින ඇඳුම් යැවීමට කළ යෝජනාව මා සම්මත කරනවා.‘ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගේ යෝජනාව ස්ථිර කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා කීවේය.
මෙම යෝජනාවට හේතු වූයේ සීතල නිසා ඌව පළාත් සභාවේ දෙසැම්බර රැස්වීම මාස එක හමාරකින් කල් දැමීමට ගත් තීරණයයි. එහි සත්‍ය කතාව නම් සන්ධානයේ මන්ත්‍රී තිදෙනකු විපක්ෂයට පැමිණ ඌව පළාත් සභා බලය සන්ධානයට අහිමි කිරීම බව සියයට අනූ නවයයි දශම නවයයි නවයක්ම විශ්වාස යැයි ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌව මහ ඇමැතිටත් ඇඹිලිපිටියෙන් උණුසුම් ඇදුම්
චන්ද්‍රා Sunday, 30 November 2014 03:23 PM
ජනතාව හැමදා සීතලේ ,(ත)
කුසල් Sunday, 30 November 2014 08:38 AM
හරින්ට ජයවේවා!! මහා ඇමති වෙන්න කලේ හරි නේද ??? (ස)
චාමික Sunday, 30 November 2014 09:21 AM
මේ සීතල සිසුන් කාර්යාල සේවකයන් ඇතුළු සියලු මහජනතාවට බලපාන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවය පිලිබඳ වගන්ති සලකා සියලුම පාසල් හා කාර්යාල ද නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. (ස)
ජබීර් Monday, 01 December 2014 03:22 AM
දේශපාලන පරාජය දැකලත් සමහරුන්ට සීතල හැදෙනවා! (නි)
නේතුක මදුමාල් Sunday, 30 November 2014 10:00 AM
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා තමන්ට ඇති වියදම සිමාවන් ගැන දන්නේ නැහැ.හරිම කණගාටුයි. (ස)
රේණුක Sunday, 30 November 2014 06:21 PM
ස්තූතියි පුංචිහේවා මහතාට (නි)
බණ්ඩාර Sunday, 30 November 2014 06:00 AM
මොන විකාරද මේ.......එහෙම මිනිස්සුන්ට එළියට බැහැල වැඩක් පළක් කරන්න බැරි, ගල් ගැහිල යන හීතලක් නෑ. ඌවට හිම වැටෙන්නෑ. (හේ)
මහින්ද රත්නායක Sunday, 30 November 2014 11:26 AM
ගල් හොරු ටිකක් ... හරින්ට බයේ හැංගිලා ඉන්නවා ලජ්ජි අපිටනම් උවේ කියන්නත් මේ වගේ බල වැඩ කිසිම කලෙක උෟවේ මිනිස්සු කළේ නෑ (අ)
අජිත් කරුණාරත්න Sunday, 30 November 2014 06:27 AM
ජනවාරි 08 වෙනිදා වෙනකොට මේගොල්ලෝ සීතලෙන් නොවෙයි, උණුසුමෙන්ම ගල්වෙයි. (නි)
කලණ Sunday, 30 November 2014 11:44 AM
ලැජ්ජයි (ස)
ඇසිලින් Sunday, 30 November 2014 07:58 PM
එයාලත් කැමති ඇති උණුසුම් වෙන්න (නි)
ශානි Sunday, 30 November 2014 06:32 AM
ඇයි එයාලට මේක අලුත් දෙයක් වුණේ දැන්ද? (නි)
අබේපාල Sunday, 30 November 2014 08:10 PM
අනේ! ඌවෙ තියෙන හීතල දන්නේ නැතුව හිම ගැන කියන පරම්පරාව දන්නේ නැහැ සීතල සන්නිය හැදිලා වැහි කාලේ මැරුණ අයත් ඉන්නවා කියලා. පොඩ්ඩක් ගමක දුරුත්තේ හීතල විඳලා බලන්නකෝ. (නි)
ගිහාන් Sunday, 30 November 2014 06:38 AM
ඕක අපේ සභාවේ අයත් කිව්වේ සම්මාදම් එකතු කරලා හරි උණුසුම් ඇඳුම් යවමු කියලා. (නි)
ගැමුණු Sunday, 30 November 2014 06:42 AM
දුන් කොළයකුත් දුන්නනම් හරි. (ත)
ලලිත් Sunday, 30 November 2014 06:45 AM
සීතල හැදුණු අයට ඡන්දෙ දුන්න කට්ටියට නාස් ලණුව බැගිනුත් යවන්න යෝජනා කරනවා. (ත)
අර්ජුන රණවන Sunday, 30 November 2014 07:00 AM
රටම හිනස්වනවා. (නි)
ලියොන් ගුනවර්දන Sunday, 30 November 2014 09:59 PM
උෟව පළාතත් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරය වගේ හිමෙන් වැහිලද ? හැබැයි එහි නම් නගර සබා රැස්වීම් නිසි පරිදි පවත්වනවා. එසේ නොපැවැත්තුවොත් එම මන්ත්‍රීන්ට හැමදාම ගෙදරට වෙලා පොරවාගෙන නිදියන්ට වෙනවා (නදී)
මුදිත Sunday, 30 November 2014 07:05 AM
හීතලවෙලා තියෙන්නේ කට්ටියගේ පපුව සහ බොක්ක (නි)
අතුල Sunday, 30 November 2014 07:05 AM
මේ මදි (නි)
එස් කේ ලියනගේ Sunday, 30 November 2014 07:13 AM
මොන විකාරයක් ද මේ. සීතල රටවල පාර්ලිමේන්තු අවුරුද්දෙන් බාගයක්ම වහලා දාන්න වෙයි මෙහෙම හිතන්න ගත්තොත්. (නි)
වරුණ Sunday, 30 November 2014 07:17 AM
හෙට අනිද්දා වෙනකොට නියමෙට දහඩිය දමයි (නි)
කමල් Sunday, 30 November 2014 07:39 AM
ෂා නියමයිනේ! (නි)
වොල්ටෙර් Sunday, 30 November 2014 07:59 AM
අනේ අම්මපා! රටට ගිය කලක් ! (නි)
රොහාන් Sunday, 30 November 2014 08:14 AM
විජිත ජී පුංචිහේවා මන්ත්‍රී තුමා ඔබතුමාගේ ෆිල් එක නැහැ නේද ජපති තුමා ගාව? (ස)
සමීර Sunday, 30 November 2014 08:18 AM
මොන සීතලද? සීතල බල හුවමාරුවකට ඇති බය නිසා ඡන්ජේ ඉවර වෙනකම් විවේක කාලයක් දීල. දන්නෝ දනිති. (ස)
රත්න Sunday, 30 November 2014 08:27 AM
ඌව පලාබබා තියෙන්නේ "උත්තර ධ්‍රැවයේ" ලු..මහ ඇමති "ඉග්ලු" ලු. . (ස)