ඌව පළාත් සභා ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
බුත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ මොනරාගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේනගේ බුත්තල කතරගම පාරේ පිහිටි කාර්යාලයයට අද අලුයම එල්ලවූ ප්‍රහාරයකින් කාර්යාලයය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මොණරාගල දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන කාර්යාල දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් තිබුණ ද එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන බව කැෆේ සංවිධානය පවසයි.
ගරාජ් අංක සහ අංක තහඩු රහිත වාහනවලින් පැමිණි කණ්ඩායම් මොරණරාගල ප්‍රහාර එල්ල කරන බව විපක්ෂයේ අපේක්ෂකයෝ කියති.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඌව මැර ක්‍රියා තවත් නඟී
උපාලි Wednesday, 03 September 2014 12:52 AM
අනේ ඉතින් ජනතාවට පුළුවන් තරම් හොඳින් සේවය කරන්නනේ මේ මහන්සි වෙන්නේ. පොලු මුගුරු පාවිච්චි කරලා ඒ මහත්වරුන්ගේ සියුමැලි අත් රිදෙනවත් ඇති. පව්. (නි)
සරත්, ඇමරිකාව Wednesday, 03 September 2014 01:35 AM
මට මතක්වෙනවා 1980 කාලය... (නි)
ගාමිණී Tuesday, 02 September 2014 09:43 AM
බලය තිබෙනතුරු චණ්ඩිකම් කරාවි. මෙතන ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? (නි)
ගමගේ Wednesday, 03 September 2014 01:43 AM
මානව හිමිකම් කොමිසමට මේ වගේ දේවලුත් වාර්තා වෙනවා ඇති (නි)
අශාන් Wednesday, 03 September 2014 02:49 AM
අපේ බන්දුල පෙරේරා සද්දයක් නැත්තේ එතුමත් ඌවට ගිහින්වද්ද? (නි)
ජෙරාඩ් Tuesday, 02 September 2014 10:01 AM
ජන මතයට ගරු කරන්න තරම් බුද්ධියක් නැති මිනිස්සු දේශපාලනයට පැමිණිවිට වෙන වින්නැහිය තමයි මේ. (නි)
කුමාර Wednesday, 03 September 2014 11:37 AM
මම මේ පක්ෂ බේදයක් නැතුව කියන්නේ, අද අනෙක් පක්ෂයක් බලයේ හිටියත් මේකම නේද වෙන්නේ? (නි)
ධම්ම Tuesday, 02 September 2014 10:29 AM
කොහොමහරි දිනන්න ඕනෑ (නි)
මහේෂ් Wednesday, 03 September 2014 11:42 AM
අපිට තියෙන ආදරේටනේ ඔයතරම් මහන්සි වෙන්නේ මනාප ටික ගන්න. (නි)
ජොහාන් Tuesday, 02 September 2014 10:39 AM
මොකද මේ මැරබලය ඔච්චරටම යොදවන්නේ? (නි)
මෙත්මල් Wednesday, 03 September 2014 03:56 AM
දෙවියන්ටත් වංචා කරන සමහර අයගෙන් ජනතාවට සාධාරණය බලාපොරොත්තු වියහැකිද? (නි)
රත්න Tuesday, 02 September 2014 10:42 AM
අපි මැරයන් පත්කරවන ඡන්දය වර්ජනය කරමු. (නි)
ගාමිණී Tuesday, 02 September 2014 10:46 AM
මේවා කරන අයට කවදාහෝ මේවා පළදෙයි (නි)
පියුමි Tuesday, 02 September 2014 10:58 AM
තවත් දෙමුකෝ ඡන්දෙත් ඉතින්... (නි)
පද්මිණි Tuesday, 02 September 2014 11:12 AM
මේ වගේ අයට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? (නි)
ලලිත් Tuesday, 02 September 2014 11:16 AM
ඔහොමද ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද කරන්නේ? (නි)
බණ්ඩාර Tuesday, 02 September 2014 11:43 AM
මේවා දකිනකොට අනේ අපොයි කියලා හිතෙනවා. (නි)
ශාන්ත Tuesday, 02 September 2014 11:43 AM
හිනාත් යනවා මේවා දකිනකොට (නි)
ටිකිරි බණ්ඩාර Tuesday, 02 September 2014 11:50 AM
සමහර අය හිතාගෙන ඉන්නේ තමන්ගේ ඔලුවට උඩින් කපුටෙකුටවත් ඉගිලෙන්න බැහැ කියලයි (නි)
ඉසුරන්දි Tuesday, 02 September 2014 11:56 AM
බලනකොට මේක මැර ඡන්ද ව්‍යාපාරයක් මිසක් නිදහස් ඡන්ද ව්‍යාපාරයක් නෙමෙයිනේ.ඡන්දෙන් පත්වෙන උදවියත් මැර බලයෙන් මිස ජනතා කැමැත්තෙන් පත්වෙන උදවිය නෙමෙයි වගේ. (නි)
ඇන්ටන් Tuesday, 02 September 2014 12:09 PM
අවංකව ජනතා සේවය කරන්න මේ වගේ මැර වැඩ කරලා බලයට එන්න ඕනෑද? ඌව ජනතාවනි, මේ ගැන දෙවරක් හිතා බලන්න (නි)
ජගත් Tuesday, 02 September 2014 12:21 PM
පිරිවර හැඳිනගෙන, මේ ලෙස විපත දෙන සුරිඳුනි කතරගම, ඔබේ නෙත් හෙලනු මැන (නි)
සේන Tuesday, 02 September 2014 12:35 PM
පත්වෙන්න කලින් මෙච්චරම මැරවැඩ කරනවා නම් පත්වුණාට පස්සේ කොච්චර මැරවැඩ කරයිද? (නි)
ප්‍රනාන්දු Wednesday, 03 September 2014 05:57 AM
ඌවේ සියලුම දෙනා ඡන්දය දැමුවොත් මැරයන් පරාජය කළහැකියි. (නි)
කුමාර් Tuesday, 02 September 2014 12:47 PM
රටේ නීතිය අගාධයටම ගොස් තිබෙන අවස්ථාවක් මේක!!! (නි)
මිලානො ජයන්ත Tuesday, 02 September 2014 12:51 PM
දේශපාලනය කරන්න හෘද සාක්ෂිය අවශ්‍ය නැති බව නම් පැහැදිලියි. (නි)
රොකී Tuesday, 02 September 2014 01:37 PM
සාධාරණ සාමකාමී විදිහට මැතිවරණයක් තියන්න බැරිනම් මැකෝ මහත්තයෝ, ඇයි තවත් බල බලා ඉන්නේ? ජීවිත කිහිපයක් නිකරුනේ විනාශ වෙන්න පෙර මැතිවරණය අවලංගු කරලා දාන්න. (නි)
සුනෙත් Tuesday, 02 September 2014 03:24 PM
ඔය කියන උදවිය කාටද පක්ෂ කියල ජනතාව දන්නවා. (නි)
රන්ජිත් Tuesday, 02 September 2014 04:18 PM
මේවා පෙනි පෙනී තවත් ඡන්දෙත් දෙමුකෝ (නි)
බණ්ඩා Wednesday, 03 September 2014 08:07 AM
මොනවා උනත් මේ තියෙන ආණ්ඩුව හොදයි (නදී)
අජිත් Tuesday, 02 September 2014 09:12 PM
මම ඉන්නේ පිටරට. අපේ රට ගැනයි අපේ මිනිස්සු ගැනයි මට පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
පියදාස Tuesday, 02 September 2014 11:23 PM
ඔය සංවිධාන වලින් වැඩක් තිබේද? මොකක්ද ලැබුණ ප්‍රතිඵලය? (නි)