හිටපු මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සහ මන්ත‍්‍රී රවින්ද්‍ර සමරවීර මහතා පාර්ලිමේන්තුවට පත් වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී ධූර දෙකෙන් පළමුවැන්නට තමා පත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්ට සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා කේ.පී.ජී.පී විජේවර්ධන මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ලැබූ මනාප අනුව ලැයිස්තුවේ ඊළඟට සිටින තැනැත්තා තමන් බැවින් පළාත් සභා මැතිවරණ පනත අනුව එම පුරප්පාඩු සඳහා තමන් පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරයා බැඳී සිටින බව පෙත්සම්කරු කියා සිටී.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය,එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් , ඩබ්ලිව්.එස්.පටබැඳිගේ, එම්.සචිත‍්‍රානන්දන්,ඌව පළාත් සභාවේ ලේකම් ඇතුළු 15 දෙනෙක් වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මැතිවරණ ක්‍රමයේ සහ මැතිවරණ නීතියේ තියෙන අවුල් තමයි මේවයින් පෙන්න තියෙන්නේ . පහුගිය කලේ පුරාවටම සිද්ධ වුණේ මේ නීති සහ අනපනත් තමන්ට වාසි විදියට අර්ථ දැක්වීමනේ . බැලු බැල්මටම මෙතන ලොකු වැරද්දක් වෙලා තියෙන බව පැහැදිලියි . (ම)
බලයට තියෙන කෑදර කම හා ඉන් ලැබෙන සුවදායක ප්‍රතිපල, මහජනයාට සේවය කිරීමට වඩා ලොකු බව මෙවැනි දේවලින් මොනවට පැහැදිලි වෙනවා.(ම)
ඊළඟට සිටිනා පුද්ගලයාට අවස්ථාව දියයුතු බවයි මමත් කියන්නේ (නි)
අනිවාර්යයෙන් වෙන්න ඕන ඒකනේ. එහෙම නැතිනම් මොකටද ඡන්ද තියන්නේ (බ)
අනිවාර්යෙන් වෙන්න ඕන නැහැ කියල ව්‍යවස්ථාවේ ඇති. නැත්නම් ඔහොම දෙයක් කරන එකක් නැහැ .(ම)
මෙයා අනිත් පැත්තට පැන්න (බ)
ඡන්ද ප්‍රතිපලය අනුව මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි. (බ)