මාධ්‍ය ඇමැතිටත් වඩා මාධ්‍ය මෙහෙයවන කෙනෙක් ආණ්ඩුවේ ඉන්නා බවත්, පන් දහසකට වඩා සෙනඟ පැමිණි කැලණියේ නිල්පවුර වැඩසටහන රූපවාහිනී නාළිකාවන්හි නොගියේ එම පුද්ගලයා කැපූ නිසා බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
ඇමැතිවරයා එලෙස කීවේ ලංකාදීප ‘එසැණ හමුව‘ සමඟ එක්වෙමිනි.
වැඩ කර ගෙන යද්දී තමාට ආ කැපිලි කෙටිලි ගැනත්, ඌවේ ඡන්ද ප්‍රතිඵලය ගැනත්, ඉදිරි දේශපාලන වැඩ ගැනත් ඔහු එසැණ සමඟ අදහස් දැක්වීය.
ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සම්මූඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ටිකක් කට ඇරියට කමක් නැහැ කියලා හිතෙනවා වගේ නේද අනේ? නැත්නම් කෑම කන්න විතරනේ කට ඇරියේ. (නි)
අනේ පවු! (නි)
ඇමතිතුමනි, ඔහොම යමු! කැලණියේ දුටුගැමුණුලා යන්න ඕනෑ නැහැ කොහේවත් (නි)
අනිත් පැත්තෙන් දැන් සුදු හුණු එහෙම ලැහැස්ති කරගෙන ඇති ඔක්කොම කළු පැල්ලම් ලප එහෙම මකන්න. (නි)
ජය වේවා ඔබට (නදී)
අනේ පවු! (නි)
මෙයට බන්දුල පෙරේරාගේ අදහසක් බලාපොරොත්තු වෙමු. (නි)
කරන කලට පව් මිහිරිය මීසේ.... විඳින කලට දුක් දැඩිවෙයි බොහොසේ.... (නි)
අනේ ඇමතිතුමනි, අපි ආයෙත් බිංදුවෙන්ම පටන්ගනිමු . (නි)
වෙනත් මාර්ගයක් තෝරාගත්තා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන්නේ නැත්ද? (නි)
අනේ ඉතින් ඕවා මොනවද? (නි)
අනේ අපේ රට! (නි)
පන්සිල් පද දහයක් ? තුන් දෙනෙක් ඩබල් දල යනවා වගේ කතාවක්....පන්සිල් පද දහයක් නෙමෙයි සික්ෂා පද දහයක් .....ඒකවත් දන්නේ නෑ එපා යුඑන්පි එකට (අ)
දැන් නම් හොඳටම අසරණවෙලා වගෙයි (නි)
බලයට මුදලට කෑදරවෙලා තමන්ගේ ආත්මය පාවාදෙන්න එපා. (නි)
වික්‍රම, අර ගාමිණී සිරිවර්දන මහත්මයා කියලා තියෙන්නේ අනිත් පාර්ශවයෙන් ලැබෙන පිළිතුර. ප්‍රශ්නය තිබෙන්නේ කාලය පිළිබඳව පමණයි. එකපාරටම ගන්නත් බැහැනේ. (නි)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
එහෙම කොහොමද අනුන්ට ඇඟිල්ල දික්කරන්නේ? (නි)
ඕවා ගණන් ගන්න එපා ඇමතිතුමා (නි)
ඇමතිතුමාගේ කතාව ඇහුවම දුකහිතෙනවා. (නි)
අනේ දැන් මෙයා බන කියනවා පව්. කොහෙන් හරි ගැහිල්ලකට ගිහිල්ල මාට්ටුවෙලා ඇති. දැන් ඉතින් පොට වරදින බව දන්න නිසා. කලින්ම සද්දේ දාල අනෙකාගේ වැරදි පෙන්නන්න හදනවා. අර කලින් සමෘදි ඇමති ගහල මාට්ටු වුනාම චන්ද්‍රිකා ලෙඩේ අදින්න කලින් පැත්ත මාරු කරලා කෑ ගැහුවේ. අර දිසානායක. අන්න ඒ වගේ මෙයත් (නදී)
මට නම් දුකත් හිතෙනවා. මෙතුමා පවු! (නි)
මේ වගේ ඇමති කෙනෙක් අපේ රටට හරි ආඩම්බරයක්. (නි)
ඔබතුමාට වැඩ නැති වුණාට අන්න අරහෙ බන්දුල පෙරේරාට නම් හොඳට වැඩ තියනවා. (නි)
අනේ! ඔන්න ඕවා අමතක කරලා දාන්න (නි)
වැඩ කියන්නේ මොනවගේ ඒවාද? (නි)
මේ පාර මහා මැතිවරණයේදී මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
දැන් මෙතුමා ඉන්න හැටිත් එයා සමඟ හිටි අපි ඉන්න හැටිත් බැලුවහම අපිට නම් එයාගේ දියුණුව ගැන හිතාගන්නවත් බැහැ. අනේ ඔබට තව තවත් ලැබේවා! (නි)
ඔබතුමාගෙන් වැඩ තියෙන කාලයකුත් තියෙනවා (නි)
මම ආණ්ඩුවේ වැරදි වලට එලි පිට සටන් කල නිසා ලොක්කා මාව අයින් කළා කියලා පස්සේ මෙයා කියයි.(හේ)
දැන් තීරණයක් ගන්න වෙලාව හරි. (නි)
බන්දුල පෙරේරා කියන ගැත්තා මේකට මොනවද කියන්නේ. ඒ වගේම තරංග ගේ අදහසත් අනුමත කරමි. (අ)
අනේ කරුණා කරලා අපේ ජාතික වීරයෙක් වන දුටුගැමුණු රජ තුමාට අපහාස කරන්න එපා (අ)
යන්ඩ පාර හදාගන්නට කරුණු එකතු කරනවා(නදී)
සල්ලි, දේපළ, යානවාහන , අල්ලස් හා දුෂණ මිනිසෙක් තෘප්තිමත් කරන්නේ නැත. කළත් ඒ තාවකාලිකව පමණි. කුමන නීතිය උල්ලංගනය කළත්, කුමන පොලිස් නිලධාරින්ට බලපෑම් කළත් තමනගේ හෘද ශාක්ෂිය රැවිටිය නොහැක. තමන්ගේ සෙවණැල්ල මෙන් තමන්ගේ හෘද ශාක්ෂියද තමන් පසුපස පැමිනෙනු ඇත. (නි)
මෙි මනුස්සයගේ හොදක් ඇත්තෙම නැද්ද ඇත්තටම. (හේ)
කියනදේ කරන කරන දේ කියන කොන්දක් ඇති නායකයෙක්.(හේ)
මේ යන විදිහට මෙතුමා මොකක් හරි නඩුවක් පටලවා ගනියි කියලා බයක් තියෙනවා. (හේ)
මෙතුමා සෑහෙන කලකිරීමෙන් වගේ (නදී)
හොඳයි.
මෙතුමාට විතරක් නොවේ අනිත් අයටත් නපුරු හීන පෙන්න පටන් අරන් වගේ..වපුරපු විදිහට නොවේ ඵලයත්.(අ)
ඔච්චර කලකිරීමෙන් ඉන්න එපා. ආණ්ඩුවෙන් යන්න. යු එන පි එකටම. ඔබ තුමාට කැපිලි වැඩියි. මාලකටත් අනාගතයක් නැ. (අ)
මෙයා වැඩත් කලා හැබැයි වැරදි වැඩ හුගක්කලා. ඒවා තමන් පසු පස දැන් හඹා එනවා. ඒක දැනගන්න ඕනේ කවුරුත් වැල්ලේ බඹරය හැමදාම කැරකේන්නේ නැහැ(නදී)
හරි කෙලින් වැඩ කරන දේශ පාලකයෙක්. (අ)
දැන් ඡන්ද ඉවරයි පස්සේ බලමු (අ)
ඒ වගේම තමයි පසුගිය කාලයේ පත් වුන අයගෙන් ජනතාව වැඩක් ගත්තෙත් නැහැ. ඒ නිසා ඔබතුමා කනගාටු වෙන්න එපා. (අ)
" අපගේ... නියෝජිතයෙකු හා සම්බන්ධ වනතෙක් මදක් රැදී .. සිටින්න " " ඔබ හට විශිෂ්ඨ සේවා වක් සැපයීමේ අරමුණින් මෙම ඇමතුම....පටිගත... කරනු ලැබේ " .(අ)
හිත නරක් කරගන්න එපා. අපට රජ වාසල කවටයකු නැති වෙන්න දෙන්න බැහැ. (නදී)
සුරාසැල් හා මස්කඩ කැලණිය වැනි පුජනීය නගරයක විවෘත කිරීමට ඉඩ නොදීමට ඔබ ගත් ක්‍රියාවලිය අති විශිෂ්ටයි. (නදී)
අනේ මන්දා පිටිගලගේ මොලෙත් පිටිද කොහෙද? දැන් ඡන්දේ ලඟයි මෙයා දන්නවා මේ පාර පරදින බව (නදී)
සරත්ගේ කියුම ටිකක් වෙනස් කලොත්.. නොකිය යුතු දේ කියන නොකළ යුතු දේ කරන ඔලුවක් නැති නායකයෙක්! (අ)
ඔය කතාවම රූපය නැතුව තමන්ම අහගත්තම හොදයි (නදී)
කරන කලට පවු මිහිරිය මී සේමා //විදින කලට දුක් දැඩිවේ ගිනි සේමා// යයි කියලා තියෙන්නේ නිකන් නොවෙයිනේ (නදී)
ගුටි කෑමට නියමිතයි (නදී)
ඌවෙ ඡන්දෙට මගෙන් වැඩ ගත්තේ නෑ කියන මැර්වින් ඌවෙ රජය කරපූ වැරද්ද ජනතාවට පැහැදිලි කළා (නදී)
මම නම් කියන්නේ වැඩක් නොගත්ත එක හොඳයි කියලා (නි)
ඕන් යු එන් පි එකට එහෙම එන්න එපා අාවට ගන්නෙත් නැහැ (නදී)
වැඩක් ගත්තා නම් විපක්ෂයේ ගොඩක් අය පරලොව. (නදී)
මෙයාගේ කයිවාරු විතරයි
‘ඌවෙ ඡන්දෙට මගෙන් වැඩ ගත්තේ නෑ‘ ඔබ නිසා ඡන්දය වෙනස් කොරන මැට්ටෝ දැන් ඌවේ නැත. ඌවේ නොවෙයි රටෙත් නැත. මිනිසුන්ට ඡන්දය දීමේ දී වේදිකාවේ කියන දේවල් සහ ඔබලා කියන දේවල් වැඩක් නොමැත. වැඩකට තිබෙන්නේ අවුරුදු ගණනක් ඒගොල්ලෝ වින්ද දේවල් ය. සියල්ලටම පළමුව රටේ නීතිය ස්ථාපිත කරන්න. (නදී)
ඔබතුමාව කපන්නේ ආණ්ඩුවේ අය නොවේ. මීලග මහජන ජනමතයෙන්. (නදී)
ඇමති තුමෝ, ඔබතුමා ඇමෙරිකාවේ උපන්නා නම් ඇකඩමි සම්මානය අරගෙන හුගක් කල්. (නදී)
ඌව ඡන්දෙට මෙයා ගියානම් UNP එක උඩින්ම දිනනවා ...මාලකටත් ඉස්සරහට අබ සරණං තමයි(අ)
වැඩිපුර පෙති අරගෙන වගේ ..........මෙහෙම අයට ඡන්දෙ දෙන්නේ වල්ග දෙකේ ගොන්නු (අ)
මෙතුමා අරන් ගියා නම් ඉතිං අද වෙන කෙනෙක් මහ ඇමති. මෙතුමා අයින් වෙලා යනවා කියන්නෙ සංධානයට ඉදිරි මැතිවරණ වලට තියන ලොකුම බාදකයක් අයින් වෙනවා කියන එක. පුතා මාතරින් ගත්ත ගෙදර විතරක් ලක්‍ෂ 480ක් වෙනවා. සීයාගෙ සමූපකාර තැඹිලි ව්‍යාපරයෙන් ලැබුන සල්ලි. 91දි කන්න නැතුව ගෙදරට වැටිලා හිටිය පවුල කියලා චන්ද්‍රිකා නෝන කිව්වා.අද පිටරය ගෙවල් හයයි.පුතාගේ කාර් එක බදු නැතුව ලක්‍ෂ 450යි කියලා පුතාම කිව්වා.විපක්‍ෂය මෙතුමාව ගන්න තරම් බංකොලොත් කියලා මම නම් හිතන්නෙ නැහැ. (අ)
ළඟ පිකප්. කොට මොඩල් කිවේ ඔබයි. දැන් ඔබේ පළාතට සුරා බලපත්‍රයක් රජයෙන් පාස් කරල තියෙද්දීත් ඇයි රජයට එරෙහි නොවී ඉන්නෙ. ඉල්ලා අස්වෙන් නැත්තේ. කියනවා වගේ කෙරුම් නැත.
කොහොම නමුත් කවදාවත් කම්මැලි නැහැ, කතා කරනවා. අහන්න හරිම රසවත්. ඒක හැමෝටම පිහිටන්නේ නැහැ (නි)
අනේ ඇමතිතුමා දුක් වෙන්න එපා. දැන් ලගදීම ලොකු ඡන්දයක් එනවනේ. මන් හිතන්නේ එ්කට වැඩ ගන්න ඕනි නිසා ඇමතිතුමාව මහන්සි කරන්න හිතෙන්න නැතුව ඇති (නදී)
මේ වගේ මිනිහෙක් රටේ පාලන බලයේ ඉන්නවා කියන්නේ ..අපි හරිම අවාසනාවන්ත ජාතියක් කියලයි මට හිතෙන්නේ....ඉතාම සුළු සමුපකාර සේවකයෙක් වුනු මොහු රටේ පවතින අස්ථාවර භාවයෙන් ප්‍රයෝජන ගනිමින් කෝටිපතියෙක් වෙලා.(අ)
ඔබතුමාගෙන් වැඩක් නොගත්ත එකත් හොඳයි එක අතකට. (නි)
ඇමතිතුමා අනේ පවු කියලා හිතෙනවා (නි)
මොහුගේ රඟපෑම් නම් දැන් අප්‍රසන්නයි. ආණ්ඩුව ජනතාවට එපා කරවපු කෙනෙක් තමයි මෙයා. (අ)
අනේ ඔබතුමා ඕවා ගණන් ගන්න එපා (නි)
බල්ලා මැරෙන්න ලං උනාම මැක්කො අයින් වෙනව (අ)
කැළණිය මැතිඳු අද තනිවම පසුවන්නේ.... (නි)
සුදු කොඩි පේනවා වගේ (අ)
සුදු කොඩි පේනවා වගේ (අ)
මට වාවගන්න බෑ අනේ..! කොච්චර අවංක අහිංසක පිරිසිදු සතයක්වත් හොරට හම්බ නොකරපු පාතාල වැඩ ගැන දන්නෙවත් නැති දුප්පත් දේශපාලකයින්ට යන කල..(අ)
මොකක්ද මේකෙන් පැහැදිලි වෙන්නේ? (නි)
මෙයාගෙන් වැඩ ගන්න ගියානම් මේවෙනකොට හරින් තමා මහා ඇමති (අ)
හොඳ වෙලාවට වැඩක් ගත්තේ නැත්තේ (නි)
ආතතිය ඇති වෙයි වෙන මොනවා වෙන්නද? (ර)
මෙතුමා වත්කම් ප්‍රකාශනය ට අත්සන් කරලද අවේ. මෙයාගේ දියුණුව නම් අහස උසට. අනෙක් හොරු ගැන මොන කතාද. ජෝන්ස් මලු කඩෙන්ම හම්බ කරපු සල්ලි? (අ)
දිඨිට ධම්ම වේදනීය කර්මය පලදෙනවා එහෙම නෙමෙයිනේ! (නි)
ඔහොම කියන්න එපා. මටත් ඇඬෙනවා (නි)
ඌව පළාතේ ඉන්න මිනිස්සු අහිංසකයි. ඒ මිනිස්සු අර ජාතියේ කතාවලට කැමතිම නැහැ. ඒ නිසා වෙන්න ඇති (නි)
ඔබ තුමාටත් තිබුනේ බයිසිකලයක් පමණි. කව්ද සමුපකාරේ වැඩකරේ. මහින්ද මහත්තයා හින්දා ඔබ තුමා අද ගොඩ ගිහින්. දැන් ඔබේ වත්කම් බලන්න, කොහොම ද මේවා ඉපැයුවේ. මිනිස්සු සියල්ල දන්නවා. ජනාධිපතිතුමත් දන්නවා. ඔබ තුමා තමයි පාට මාරු කරන්නේ.(නදී)
අපි ඔබතුමා සමඟයි (නි)