ඌව පළාත් සභා මැතිවරණයේ   ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 105ක් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි.   එම සංඛ්‍යාව 80  ක් බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ගිනි අවි භාවිතයෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබෙන බවත්,    රාජ්‍ය දේපල අයථා පරිහරණය කිරීමේ සිදුවීම් රැසක් දිස්ත්‍රික්ක දෙකෙන්ම වාර්තා වූ බවත් කැෆේ සංවිධානය පවසයි.