2016 වසර සඳහා ඌව පළාත් සභාවේ අයවැය අද (16) වැඩි ඡන්ද 25 කින් සම්මත විය.
එක්සත් ජාතික පක්ෂ හා සන්ධාන මන්ත්‍රීවරු 26 දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙක් පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
තවත් මන්ත්‍රීවරුන් තිදෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හා ජවිපෙ මන්ත්‍රීවරයෙක් විය.
ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා පසුගිය 14 වැනිදා අයවැය පළාත් සභාවට ඉදිරිපත් කළ අතර දින 3ක් පුරා පැවැති විවාදය අවසන ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
ජයවේවා! (නි)