
(ගයාන් සූරිය ආරච්චි)
නඩු භාණ්ඩයක් ලෙස ගිනිගත්හේන පොලිස් භාරයේ තිබූ වල් ඌරෙකුගේ මළකුණක් ගිනිගත්හේන පශු වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මස් පිණිස හෝටලයකට අලෙවි කළ බව කියන එම පොලිසියේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පුද්ගලයන් පිරිසක් වල් ඌරකු ඝාතනය කර ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරන බවට ගිනි ගත් හේන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් තිදෙනෙකු සමග ඝාතනය කල වල් ඌරාගේ මළකුණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව පසු දින සැකකාර නිලධාරින් තිදෙනා පශු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා වල් ඌරාගේ මළකුණ ගිනිගත් හේන පශු වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි එම මළකුණට භූමිතෙල් දමා ගිනි තැබීමක් සිදු නොකර ගිනි ගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් එම මළකුණ මස්කර තිබූූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව සැකකාර නිලධාරීන් තිදෙදෙනා එම වල් ඌරු මස් එම ප්‍රදේශයේ පිහිටි වෙනත් හෝටලයකට අලෙවි කර තිබූ බව පොලිසිය පවසයි.
එම හෝටලයේ ඌරු මස් අලෙවි කරන බවට හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කල වැටලීමකදී සැකකාර නිලධාරින් තිදෙනා එම හෝටලයට වල් උරුමස් අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව එම නිලධාරින් කළ විසමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන්ගේ රාජකාරී වැඩ තහනම් කිරීමට හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන ඇත.
හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd