ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පියුමි ධනංජනා වාණිජ අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමුවැනියා ලෙස සමත්ව සිටියි. වාණිජ අංශයේ දෙවැනි ස්ථානය පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ.රවින්දි සංදිනී හිමිකර ගෙන ඇත.
කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සවින්දී නෙත්සලා සිසුවිය හිමිකරගෙන අැත.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ හිරුණි උදාරා සිසුවියද, ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජා දරුකීසාන් විසින්ද හිමිකරගෙන ඇත.
උසස් පෙළ ප්‍රතිඵල අද(27) සවස අන්තර්ජාලයට එක් කර තිබූ අතර www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ.රවින්දි සංදිනී


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතින් සුබ පැතුම් සියලුම දරුවන්ට....රට බබළවන්න දයාබර දරුවනේ...(දිල්)
ගොඩක් දුක් මහන්සිවෙලා පාඩම් කරලා ලොකු මහන්සියක් අරගෙන ඔයාලා මේ ලබාගත්තු ජයග්‍රහණයට මම හදවතින්ම සුබපතනවා....(දිල්)
කෝ විද්‍යා ප්‍රතිළුල ? (ම)
දරුවනේ,හොදින් ඉගෙන ගෙන ගුණවත් උගතෙක් වෙන්න.ඔබටත් රටටත් ළුලක් ඇති දෙයක් කරන්න ඔබ සැමට ධර්මයේ ශක්තිය ලැබේවා! (ම)
මාගේ උණුසුමි සුභ පැතුම් (දිල්)
දුවේ ඔබට වාසනාවන්ත සුභ අනාගතයක්.(දිල්)
මේ ගමන අපේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හපනෙක් බිහිවෙලා නැද්ද? (නි)
සුගත් , ගණිත අංශයේ දෙවැනියා රාජකීය විද්‍යාලයෙන්. (ර)
සුගත්, ඉන්නවා. ඉන්නවා. ගණිතය දෙවන ස්ථානය. (ර)
කොළඹ ජනප්‍රිය පාසල් වල විභාග ප්‍රතිපල පසු බෑමට ප්‍රධාන හේතුව දේශපාලන බලපෑම් වලින් ළමයින් ඇතුලත් කර ගැනීමයි. වෙනදා ශිෂ්‍යත්ව විභාගය සමත් වී පාසලට ඇතුලත් වන දක්ෂ දරුවන්ට වඩා දැන් ඒවායේ සිටින්නේ දේශපාලක ඇතුලත් වීම් ලැබූ බුද්ධි මට්ටම ගැන කනගාටු සිතෙන දරුවන්. මගේ පුතාගේ පන්තියේ නිළියකගේ දරුවකු සිටින අතර දරුවාගේ පියා ආදී ශිෂ්‍යයෙකු නොවී අදාළ දුර සීමාවේද පදිංචි නොවී එම ළමයා පන්තියට ගොඩ බැස සිටින්නේ කොහොමද කියල දන්නෝ දනිති. (නදී)
වීරකැටිය සෙන්ට්‍රල් එකට මොකද උනේ (නදී)
ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් පාක්‍ය රාජා තරුකීෂන්ගේ ජයග්‍රහණය විශේෂයෙන් අගය කළ යුත්තේ2009 දක්වා කුරිරු යුද පසුබිමේ සිට දහසකුත් එකක් කරදර දුක්පීඩා පරාජය කර ඉදිරියට පැමිණි අයෙක් නිසාය. (දිල්)
මමත් මේ බලා ගෙන හිටියේ අපේ දඹානේ පොරමොලා මැදී විදුහලෙන් කවුරුත් නැද්ද කියලා. (දිල්)
වීරකැටියෙන් කවුරුත් නැද්ද මේ පාර? (ර)
මමත් පානදුරේ. මගේ දූලත් පානදුර බාලිකාවේ ආඩම්බරයි ඒ ගැන. (ර)
ජනප්‍රිය පාසල් වල දැන් ඉගෙන ගන්නේ දේශපාලකයන්ගේ මොලයක් නැති ළමයි ටික සහ ඒ අයගේ ලැයිස්තුවලින් ආපු ළමයි. ඉතින් කොහොමද ඒ පාසල් වල විභාග ප්‍රතිපල හොඳ වෙන්නේ. මට නම් අවංකව මම ඉගෙන ගත්තු පාසල ගැන කනගාටුයි. වෙනදා මීට වැඩිය මුල් ස්ථාන කිහිපයක්ම ලැබෙනවා. (නදී)
කොළඹ ජනප්‍රිය පාසල් දේශපාලක ළමයින්ගෙන් පිරිලා. ඉතින් කොහෙද ප්‍රතිපල පෙන්නන්නේ. ? මම නම් ඉගෙන ගන්න දක්ෂ එකම දේශපාලක දරුවා විදියට මේ කාලයේ දකින්නේ චම්පික රණවක මහතාගේ දුව විතරයි. (නදී)
ගණිතය ලංකාවේ 2 රාජකීයෙක් (නදී)
දුවේ ඔබ සැමට බුදුසරනින් වසනාවන්ත අනාගතයක් වේවා. (නදී)
කොළඹ පාසල් පිරිලා තියෙන්නේ දේශපාලුවන්ගේ ළමයින්ගෙන් ඉතින් ප්‍රතිපල කොහෙද ? (බ)
අපේ දක්ෂ දරුවන් ගැන අපිට ගොඩක් සතුටුයි ඔක්කොම ප්‍රථමයෝ දුවලා.... ලේඩිස් ෆර්ස්ට්. පුතාලට මොකද උනේ? ලොව දිනන්න දක්ෂයින් සැමට සුබ පැතුම්! තුන් සරණයි! (බ)
ඉතිහාසය පුරාවටම ගණිත අංශයෙන් ප්‍රථමයා වුනේ පිරිමි ළමයි. එක හැමදාම නියතයි.(හේ)
පානදුරේ පුද්ගලයෙක් විදියට මේ දුව ගැන සතුටු වෙනවා. දුවට සුබ පැතුම්!(දිල්)