බණ්ඩාරවෙල මලිත්තේ 17 හැවිරිදි සිසුවකු රුපියල් දහසේ හොර නෝට්ටු මූද්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. උසස් පෙළට ඉගෙන ගන්නා ඔහු පරිගණක ඇතුළු සියලූ ආම්පන්න  ද සමග අත්අඩංගුවට  ගත් පොලිසිය දැන් ඔහු ඊට යොමු කළ මහා මොළකාරයා සොයයි.