IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උසස් පෙළ විශිෂ්ටයනට ඉඩ

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ප්‍රතිඵල ගත් විද්‍යා කලා වාණිජ විෂය ධාරා ඇති එක ඒ බී පාසල්වල සිසුන් හට උසස් පෙළ සදහා වෙනත් ජනප්‍රිය පාසලකට යෑමට නොහැකි වන පරිදි නිකුත් කර තිබූ  චක්‍රලේඛය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නව සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් කළේය.

2013.06.28 දිනැති  2013/27 දරණ නව චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතාගේ අත්සනින්  පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු රජයේ පාසල් වල ප්‍රධානීන් වෙත යොමු කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

ඒ අනුව මීට පෙර නිකු කළ 2013.04.29 වැනි දිනැති 2013/4 දරන චක්‍රලේඛයේ තුන් වැනි ඡේදයට නව වගන්තියක් එකතු කරනු ලැබ ඇත.

එම වගන්තිය අනුව අතිදුෂ්කර පාසල්වලින් උසස් ලෙස සමත් වූ සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා ඒ අට, ඒ නවය විශිෂඨ සාමාර්ථ ලබා ගත් සිසුන් ඇතුළත් කර ගත හැකිය.

එමෙන්ම අපොස උසස් පෙළ නව තාක්ෂණවේදය විෂය ධාරව සඳහා අදාළ පාසලේ පහසුකම් නැතිනම් සාමාන්‍ය පෙළ විශිෂට සාමාර්ථ ලබා ඇති සිසුන්ට තම අභිමතය පරිදි තාක්ෂණවේදය විෂයධාරව ඇති පුරප්පාඩු සහිත කැමති පාසලකට ඇතුළත් විය හැකිය.

2013/04 දරණ චක්‍රලේඛයත් 2013 අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කිරීමත් සමග සමාජයේ කතාබහක් ඇති වූ අතර සිසුන් පිරිසක් සමග ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද, ජාතික අධ්‍යාපන කොමිසමට ද පැමිණිලි කළහ.

‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි දෙමාපියන්ගේ සංගමය‘ නමින් සංගමයක්ද පිහිටවූ අතර අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ කහිපයක් පැවැත්වීය.

ඉන් පසු එම සංගමයේ දෙමාපියන් පස් දෙනකු ද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් ජගත් ආනන්ද සිල්වා ද ඇතුළු පිරිසක් සමග පසුගිය 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී සංශෝධිත චක්‍රලේඛයන් නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා එකඟ විය.



අදහස් (0)

උසස් පෙළ විශිෂ්ටයනට ඉඩ

වාසනා Wednesday, 03 July 2013 07:58 AM

මගේ දරුවන් දෙදෙනාම ඒ නවය බැගින් අ පො ස සාපෙළ සමත් වුනත් මේ චක්‍රලේකය නිසා හොඳ පාසල් වලට දමාගන්න බැරිවුනා (නි)

:       0       0

මදු Wednesday, 03 July 2013 12:48 PM

ඉගෙනගන්න ළමයා කොහේ ගියත් ඉගෙනගන්නවා. දුෂ්කර අයට එහෙම දෙයක් කරාට කමක් නෑ. නමුත් ළමයා කැමති දේ කරන්න දෙන්න සහ ළමයා කැමති පාසැල තෝරාගන්න දෙමව්පියන්ගෙන් සහ රජයෙන් එන බලපෑම් ඕනවට වඩා වැඩි. (දී)

:       0       0

සුමුදු Tuesday, 02 July 2013 11:18 PM

ඉතා හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site