මධ්‍යම හා වයඹ පළාත්වල පාසල්වලින් නීති විරෝධී ලෙස අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි පිට පළාත්වල සිසුන්ගෙන් එසේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දීමේදී මුදල් අයකරගැනීමක් හෝ අල්ලස් ලබාගැනීමක් සිදුකර ඇත් ද යන්න සොයාබැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මධ්‍යම හා වයඹ පළාත්වල පිහිටි පාසල්වලින් මෙවැනි සිද්ධි කිහිපයක්ම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද විමර්ශන සිදු කරයි. මේ වන විට විදුහල්පතිවරු දෙදෙනෙක් වැඩ තහනමට ලක්ව සිටිති.
මෙලෙස විභාගයට පෙනී සිටි සිසුන් සම්බන්ධයෙන් ගතයුතු තීරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අඟහරුවාදා (30) පැවැත්වෙන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සරලයි. අදාළ දිස්ත්‍රික්ක නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් පැහැදිලිව තිබෙනවා. එය අනුගමනය කළාම ඉවරයි. (නි)