IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසේ මැද

(අංජුල මහික වීරරත්න)

විවිධ හේතුන් මත නවතා දැමුණ "සුරක්ෂා" සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි කී අමාත්‍යවරයා මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව කීය. ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බවද ප්‍රේමජයන්ත මහතා කීය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීවේ ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (10) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන අතර බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමග සම්බන්ධ වෙමින් පාසල් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා ගුරුවරුන් 13,800ක් මේ වන විට පුහුණු කර අවසන් බවත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා පෙළපොත් යාවත්කාලීන කිරීම ද කඩිනම් කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

 



අදහස් (4)

උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසේ මැද

සුරංග Monday, 10 July 2023 08:16 PM

උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසයේ මැද. ඊළඟ උසස් පෙළ විභාගයට අයැදුම්පත් බාරගැනීමේ අවසන් දිනය ජූලි මාසයේ එහෙම වුණොත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන් සියලු දෙනාම සමත්වෙලා හිටියා නම් හොඳයි... නැත්නම් ඔවුන්ට ඊළඟ වතාවේ ඉල්ලීම කරන්න වෙන්නේ නැහැ..

:       2       7

සල්ලි Monday, 10 July 2023 10:25 PM

මේකාලා ආයෙත් එලි බැහැලා. දන්න කාලෙක ඉදලා දේශපාලනේ. රට සුඛිත මුදිත වෙලාද ? නෑ මිත්‍රවරුනි.

:       0       1

මැක්ස් Tuesday, 11 July 2023 11:09 AM

ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ දෙබෑයන් ඔය සැලසුම් ඒ ලෙසටම කරගන්න ඉඩ දෙයි ද?

:       1       0

dasunTuesday, 11 July 2023 02:42 PM

ඔය කාලකන්නින් දෙබෑයන්ට ,දෙමාපියන් තවත් ඉවසන්නේ නෑ .දුටු තැන විරෝධය පාන්න ලෑස්ති වෙලා ඉන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site