ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම්වල තොරතුරු ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ නීතිඥවරුනට ගාස්තු නොගෙවා පරීක්ෂා කිරීමට ඉඩදිය හැකිද නැද්ද යන්න ගැන දෙසැම්බර් 17 වැනිදා වන විට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළේය.
මෙම තොරතුරු ලබාදෙන ලෙස උසාවිය සංවර්ධන බැංකුවට මීට පෙර නියෝග කළත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා බැංකුවෙන් තොරතුරු ලබාදී නැතැයි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැන්වීය.
ශිරානි බණ්ඩාරනායකගේ ගිණුම් පිළිබඳ රහසිගත තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුදැනුම ඇතිව රජයේ ඉංග්‍රීසි පුවත්පතකට ,වෙබ් අඩවිවලට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුවත් ප්‍රකාශනයකට නිකුත් කර ඇති බවට කටකතා පැවති බවත් බණ්ඩාරනායක මහත්මියගේ නීතිවේදියා කියා සිටියේය. මහ බැංකු අධ්‍යක්ෂවරයා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් සේනාරත්න මහතා පැවසූයේ ඇය ඉල්ලන තොරතුරු දීමට බැංකුවට හැකියාවක් නොමැති බවයි. එසේ කිරීමට නම් දවසක තොරතුරු සැපයීමට පැය 6 ක් ගතවෙතියි ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනේ සමන් .. කියමුකෝ බලන්න ඔය ඉල්ලන්නේ මොනවද කියල ..යමක් කියද්දී නිකන් කියන්න එපා .. එහෙම කිවුවම කාටවත් තේරෙන්නේ නෑ.. (බ)
මෙතන ඉහලින් කීප දෙනෙක් බැංකු වල රාජකාරි හොඳින් දන්නා බව කියා නොදන්නා මිනිසුන්ව මුලාවේ දමන බවක් හොඳින්ම පෙනියනවා ... මට නම් කියන්න තියෙන්නේ ඒ කීපදෙනා බැංකුවක් පැත්ත පලාතෙවත් ගිය අය වෙන්න බෑ...බැංකු වල පරිගණක තියෙන්නේ ඔය වාර්තා වෙන වෙනම තියන්න තමයි ... ඉස්සර කලේ ෆයිල් වල වෙන වෙනම වාර්තා තියාගත්ත එකයි .. (බ)
අමල් ළඟ අඹ ගෙඩි 10ක් තිබුන, ඉන් 5ක් නිමල් ට දුන්නා. දැන් නිමල් ළඟ අඹ ගෙඩි කීයද? උත්තරය 20! ඕක 20 උනේ කොහොමද කියල හොයන්න. (ර)
කොච්චර කල්ගත වුණත් කවදා හෝ සත්‍ය එළිවේවි. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
බැංකුවකට අවස්ථා 4ක් යටතේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් විස්තර පිටස්තර පාර්ශ්වයන්ට දෙන්න සිද්ධවෙනවා. එයින් දෙකක් තමයි ගනුදෙනුකරුවාගේ කැමැත්ත සහ උසාවි නියෝගය. නමුත් මෙතන තියෙන්නේ එම තත්වයන් ඉක්මවා ගිය අවස්ථාවක්. මෙතන තිබෙන තත්ත්වය අනුව සාමාන්‍ය බැංකු නීතිය ගැන සඳහනක් මිසක් ඉන් එහාට භාවිතය ගැන සාමාන්‍ය උදවියට තියා බැංකු වෘත්තිකයෙකුටවත් යමක් කියන්න බැහැ. (නි)
සමහරුන්ගේ අදහස් බැලුවහම කොහොමද මෙහෙම කියන්නේ කියලා හිතෙනවා (නි)
මෙතන ප්‍රශ්නය මොකද්ද කියලා බැංකු ක්ෂේත්‍රයේ කලක් සේවය කළ කෙනෙක් හැටියට මට තේරෙනවා. නමුත් මෙතන ලියන්න අමාරුයි. මේක සාමාන්‍ය ගනුදෙනුකාර ගිණුම් වාර්තාවට එහා ගිය ප්‍රශ්නයක් බව පමණක් දැනට මට කියන්න පුළුවන්. (නි)
ඔය බොරු. බැංකු ගිනුම් වාර්ථා විනාඩි කිහිපයකින් පිටපත් ගන්න පුලුවන් (නදී)
මේ වගේ දෙයක් දෙන්න බැංකුවකට හරිම අමාරුයි.. මේ දත්ත සැකසුම් පිළිබද දක්ෂයන් දැනට ලංකාවේ හොයන්න අමාරුයි. මේක දන්නේ දත්ත පිළිබද විශාල දැනුමක් තියන කෙනෙක් පමණි.(හේ)
අනේ මෙහෙමත් බයියෝ ඉන්න රටක්. ඕනම බැංකුවකට ගියපුවහම විනාඩි 5ක් ඇතුලත අවරුදු 5හක උනත් වාර්තාවක් ගන්න පුළුවන්. හිතාගෙන ඇති තාම ලංකාවේ බැංකු වැඩ කරන්නේ 1960 ගණන් වල වගේ කියලා (නදී)
ඉතින් ඔය කියන ගිණුම් වල සල්ලි තිබුනේ නැහැනේ. වාර්තාව දෙන්න පැය 6 ක් වැඩිත් වගෙයි කියලයි මට හැගෙන්නේ (නදී)
මහා බැංකුවත් පච කෙලිනවා. විනාඩි 10 ක් තුල කෙනෙකුගේ බැංකු ගිණුමේ විස්තර ලබාගන්න පුළුවන්. උසාවියට බොරු කීම නිසා මහා බැංකුවේ නිලදාරියා වහාම රිමාන්ඩ් කරන්න. (නදී)
කොච්චර හෙව්වත් දෙන්න තියෙන්නේ එකම විස්තරයනේ. දවසට පැය 6 ගානෙ හෙව්වත් මාසයක් ඇතුළත දෙන්න බැරියැ. (නදී)
ගනුදෙනුකාරිය ඉල්ලන්න ඇත්තේ බැංකුවට කට උත්තරත් නැති, ගිණුමට හර හෝ බැර කිරීමක විස්තරද කවුද දන්නේ ? (නදී)
සංජය/චන්න ඔයාල තාම ඉන්නේ ළිදක් ඇතුළෙද. ඔය ඉල්ලන්නේ එහෙම දෙයක් නෙමේ (නදී)
කට්ටිය මෙතන තාමත් වැඩේ තේරුම් අරන් නැහැ. ගිණුම් වාර්තාව දුන්න වගේ නෙවෙයි නේ. ඒකෙ ඇතැම් අන්තර්ගතය ගැන ගනුදෙනුකාරිය හාර අවුස්සන්න ගියොත් සමහරුනට කසාය බීපු ගොළුවෝ වගේ ඉන්න තමයි වෙන්නේ. දැන්වත් තේරුනාද මෙයාලා ? (නදී)
එහෙනම් මොනාද ඉල්ලන්නේ? කියමුකෝ බලන්න තේරෙන්නත් එක්ක. (ර)
වංචාව වහන්න මොනතරම් උගත් පිරිසක් මහන්සි ගත්තද ? අමුතු නඩුවක් ඕන නැහැ ඕක තේරුම් ගන්න. රාජපක්ෂ වරු හොරු කියා කෑගහන අයම ඇයව සුද්ද කරන්න හදනවා (නදී)