හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ නඩුව අතරතුර ඔහුට පක්ෂව අධිකරණයේ කෑකෝ ගැසීයැයි අධිකරණ සිර මැදිරියට දැමූ පුද්ගලයා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
සුදේශ ප්‍රේමලාල් ෆොන්සේකා (24) නම් එම සැකකරු පොලිසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නඩුවට විමල් වීරවංශ වැරදිකරුවකු නොවන බවත්, එකල සිටි නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගත යුතු බවත් එම සැකකරු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උරුලෑවා ගිය තැන ගඳයි කියනවනේ. පුදුම වෙන්න දෙයක් නැහැ. මේ, සිසිර පැරිස් මහත්තයෝ, විමල්ගේ පවුලේ සාමාජිකයන්ට රජයේ වාහන දෙක තුන හිතුමනාපයේ තෑගි දෙන්න වෙනත් කෙනෙකුට තිබුන අමාරුව මොකද්ද? පැරිසියේ කටයුතු කෙරෙන්නේ එහෙමද? (නි)
මේ පුද්ගලයා හරි (බ)
හේතුව මොකක් වුනත් , උසාවිය කියන්නේ උත්තරීතර ස්ථානයක් , එතන කෑගහන ,බුරන තැනක් නොවෙයි , වාහනයක නලා ශබ්දයක් වත් නාදවෙන්න තහනම් . (බ)
විමල් ගේ කට වගේම එකක් තියෙන එකෙක් වගේ. තැන නොතැන බලන්නේ නෑ කියවනවා. නොදකින් මෙහෙමත් මිනිස්සු. (බ)
මේ හාදයට අපේ රට බේරාගත් වීරයා යුද්ද ටැංකියක්වත් දීලද මේ කෑ ගහන්නේ .(බ)
හිටපු නියෝජ්‍ය ඇමතිතුමා මොකටද අනුන්ගේ පවුල්වල නෑදෑයින්ට වාහන දෙන්නේ ? (බ)
ඔය අය දන්නේ ගිරිය පුප්පාගෙන දහදිය පෙරාගෙන අනුන් වෙනුවෙන් තමන්ගේ ලාබ ලබාගැනීම සඳහා කෑ මොරදීමයි. හිතුවද දන්නෙ නැහැ දේශපාලනය කෝලමක් හෝ රූප සුන්දරී තරඟයක් කියලා. අශෝබනයි, ලැජ්ජයි! (නි)
මේ කට්ටිය තාම හිතාගෙන ඉන්නේ කුස්සියේ නඩු අහන කාලේ කියල.(බ)
මේ ගොල්ලෝ නීතියට කිසිසේත්ම ගරු නොකරන ඒවගේම තැනක හැසිරෙන්න දන්නේ නැති පිරිසක් බව ඒ අයම ඔප්පු කරලා පෙන්වනවා (බ)
මෙහෙව් මෝඩ මිනිස්සු ඉන්න කල් තමයි මෙයාලගෙ පැවැත්ම තියෙන්නෙ (බ)
වටේ ඉන්නේ මේ වගේ උසාවියක වාඩිවෙලාවත් ඉන්න දන්නේ නැති කට්ටිය තමා....පේනවනේ ..(බ)
ඔහු ඇත්තටම විමලේට හිතවත් කෙනෙක් වෙන්න ඇති (නි)
උසාවිය තියෙන්නේ හරියට වැරදි නිවැරදි බව තිරණය කරන්න මිස ඉස්සර වගේ දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්න නොවේය කියන එක නොදත් මෝඩයෙක්. දවස් 14 කටවත් මෙයාවත් දඟගෙදරට යැවුවොත් තමා හොඳ. කරපු වැඩේ හොඳට තේරෙන්න. (බ)
මෙයාට කඩේ යන අයටත් කිසිම සංවරයක් සදාචාරයක් නැහැ. උපරිම දඬුවම් දෙන්න (බ)
ගුරාගේ හැටියට ගෝලයොත් ඉන්න එපාය.(බ)
මොහුට මොනවා හම්බවුණාද කවුද දන්නේ. එ්කට කළගුණ සළකන්න ආවා වෙන්න ඇති. (නි)
සන්තෝසයි දැන් තමයි නීතිය හරියට වෙන්නේ (බ)
දැන් මාර වැඩ තමයි තියෙන්නේ.(හේ)
දැන් මෙයාටත් විමල්ගේ ගෙදරින් කෑම හම්බවේවි.(හේ)
මෝඩ මනුස්සයෙක්.(හේ)
රිමාන්ඩ් එකෙන් පිස්සන් කොටුවට යයිද නැත්නම් පාර්ලිමේන්තුවට යයිද? (හේ)
අපි සියල්ලෝම නීතියට යටත්. වන මල් පිපී සුවඳ හමන වනාන්තරයේ උරුලෑවන් ගැවසේ (බ)
අනුන්ගේ කටු කාල හැදෙන බල්ලෝ තැන නොතැන නොබලා සැරට බුරනවා කියලා මම අහලා තියනවා. (බ)
නියම දඩුවම.(හේ)
කළ වැරැද්දට දඩුවම ලැබිලා.(හේ)
ඔහුට හදවතේ ආවේගය දරාගන්න බැරිවෙන්න ඇති (නි)
වීරවංශගේ නෑදෑයන්ට වාහන ලබාදීම ගැන වෙනත් අයෙකුට ඇති ප්රශ්නය කුමක්ද? (නි)
උසාවියට ගරු නොකිරීම වැරදි නමුත් එ්පුද්ගලයා කියපු දේ සත්‍යයි හැබැයි නිතිය සැමට සාධාරන විය යුතුයි මේ ප්රශ්නයේ තව වගඋත්තරකරුවෝ නිදහසේ ඉන්නවා නීතිය සාධාරනයි කියල හිතෙනවද? රජයට මුක්කු ගසන අයට නීතය ක්‍රියාත්මක වෙන්නේ නැ නේද ? (බ)
මේ පුද්ගලයා හරි කියන මෝඩයෝ ඉන්නවා මේ වගේ අයට කඩේ යන අද විතරක් නොවේ හැමදාම හිටිය (බ)
මේ පුද්ගලයා හරි කියන එවුනුත් නියම මැට්ටෝ තමයි. (බ)
දිගු කරන ඇඟිල්ල දිහා නොව පෙන්වන දිශාව බලන්න. මෙතැන කෑ ගැසූ මිනිසා දිහා නොව කෑ ගැසූ හේතුව දිහා බලන්න. (බ)
කරුණාපාලගේ කටු කාල හැදෙන බල්ලෝ ගැන කථාව නියමෙට ගැලපෙනවා සම්පත් පතිරණලා වගේ අයට. (බ)
මෙහෙමනේ කරුණාපාල, අනුන්ගේ කටු කාල හැදෙන බල්ලෝ තැන නොතැන නොබලා බුරනවා විතරක් නෙමේ, උන් හිතනවා උන්ට තැන නොතැන නොබලා බුරන්න අයිතියක් හා හේතුවක් තිබෙන බව. මම නම් කියන්නේ උසාවි තුළට හා පුජනීය ස්ථාන තුළට බල්ලන් ඇතුළු කිරීම වළක්වන්න කටයුතු කරන්න ඕන කියලයි. (බ)