මියගිය ඒඩ්ස් රෝගියකු සමග කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි බවට සැක කැරෙන සිරකරුවන් 220 දෙනකුගේ ලේ පරීක්ෂා කැර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. හෙරෝයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කොට සටි සැකකරුවකු ඒඩ්ස් හැදී බන්ධනාගාර රෝහලේ දී මිය යෑමේ සිද්ධියක් අධිකරණය හමුවේ කැඳැවූ අවස්ථවේ මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත ආර්ථික ප්‍රවාහයට හසුවීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්තවූ මෙවැනි කාමරෝග විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා බද්ධව පැමිණි ගෝලීය ආකල්ප, චර්යාවල අනවශ්‍ය බලපෑමට හසුව අවිචාරාත්මක ලිංගික හැසිරීම් රවා ව්‍යාප්ත වීම බටහිර රටක පවතින මෙවැනි උවදුරු බෞද්ධ සංස්කෘතික ප්‍රතිපත්ති ආරක්ෂා කරන රටක් වන මෙරටටද පැමිණ තිබීම අතිශය කණගාටුදායකය.මේ පුවත පිළිබඳ පියෙකු වැඩිහිටියෙකු හා විද්වතෙකු ලෙස අවංකවම මම කණගාටුවෙමි..තෙරුවන් සරණයි..!!!
ආපු අයත් පරීක්ෂා කරන්න වෙයි....
අලි බබෝ,ඒඩ්ස් හැදෙන්නේ අලින්ට නෙමෙයි, වදුරන්ට.ඔයාට පිස්සුවක් වගේ දැනෙනවා නම් ඒ මද කිපිලා වෙන්න ඇති
හිර කාරයිනගේ විතරක් මදි.මුලු හිර ගෙදරම ඉන්න අයගේ ලේ බලන්න ඕනි
හිරකදවුරැවල ඉඩකඩ මදි නිසාත්, හිරකරැවන් වැඩිනිසාත්, හිරකරැවන්ගේ ආහාර පාන ලබාදීමට තිබෙන ඉඩකඩ අඩුනිසාත්, හිරකරැවන්ගේ නඩු ඇසීම පුමාදවන නිසාත්, හිරකරැවන්ගේ පුශ්ණ දිණෙන් දින වැඩිවන නිසාත්, හිරකරැවන් අතර සිටින පුබල අපරාධකරැවන් නිදහස් කිරීමෙන් රටෙි අපරාධ රැල්ල නැවත වැඩිවෙන නිසාත්, මෙයට කුමවෙුධයක් ලෙස හිරකරැවන්ට එඩිස් නමැති විටමින් එන්නත ලබා දෙනවා යැයි කියන්නේ ඇත්තද?
මුලින්ම බන්ධනාගාරයට ඇතුල් කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරන්නෙ නැද්ද? රෝගීන් හදුනාගැනිමට ක්‍රමවේදයක් නැද්ද??
ප්‍රියන්ති අල්විස්, ඔයා කියන දේවල් කරන අය අඩුයි ලංකාවේ.අර රංග ශානිගෙන් මේ ගැන උපදෙස් ගත්තොත් හොදයි වගේ
අමිල මහතා අන්ගොඩින් පැන ආ මානසික රෝගියෙකි
ජේලර්ලාටත් ඒඩ්ස් ඇති කාන්තා රැඳවින්ව පරීක්ෂා කරන්නේ නැත්ද?ඔවුන් ඒඩ්ස් රෝගය ප්‍රවාහකයින් ලෙස ක්‍රියා කරන්වා වෙන්න පුළුවන්
මුලින්ම ලෝකයට ඒඩ්ස් රෝගය පැමිණියේ අප්‍රිකානු වඳුරු වර්ගයකින් යැයි කියවෙනවා.විකෘති සහගත විවිධ ලිංගික හැසිරීම් රටාවන් නිසා මානව වර්ගයා ලද දඬුවමක් තමයි ඒඩ්ස්.නමුත් තවමත් මානව වර්ගයා පාඩමක් ඉගෙන ගෙන නැහැ.ස්ත්‍රී දුෂණ,කුඩා දරුවන්ට සිදුකරන අපචාර ආදි දේ අද බහුලව මෙරට පුරා සිදුවෙමින් පවතිනවා.අද එය රැල්ලක් වගේ වේගත්ව ව්‍යාප්ත වෙලා යනවා.කහවත්ත වැනි ප්‍රදේශවල සිදුවන අමනුෂ්‍ය ඝාතන එයට හොඳ නිදසුනක්
මම හිතන්නේ අපි පන්සිල් ආරක්ෂා කරලා සිටිනවා නම් මේ වගේ ලෙඩ මේ රටින් තුරන් කරන්න පුලුවන් කියලා.
සිරකරුවන්ට දඬුවම් කිරීම මිස ඔවුන්ගේ සුභ සාධනය පිළිබඳ දක්වන ලද අවම සැලකිල්ල මත මෙවැනි සිදුවීම් ඇතිවී තිබේ.සිරකරුවන් මනුෂ්‍යයන් බව සිරගෙදර තාප්පයෙහි සඳහන් කලාට පමණක් මදිය.එය ක්‍රියාවෙන්ද පෙන්විය යුතුය.එඩ්ස් හැදුනා කියලා දැන ගත්තහම මරණ දඬුවම යළි පැණවුවා වගේ තමයි මොකද කවරුත් වැරදි කරලා හිරේට එන්න පොඩි හරි තැති ගැන්මක් තියෙනවා .එහෙම වුනාම අඩුම තරමින් කොළඹ මැගසින් බන්ධනාගාරයට හරි එන්න බය වෙනවා.ඒකම ප්‍රමාණවත්.මානසික බය නිසා මිනිස්සු සදාචාරවත් වෙන එක නම් හොඳ ලකුණක් නෙවෙයි තමයි ඉතින් වෙන ක්‍රමයක් නැතිනම් එය වත් මේ වෙලාවේ හැටියට තියෙන එකම මදැයි..
අචිනි පන්සිල් ආරක්ෂා කරන්න දෙයක් නෑ...ඒවා ආරක්ෂා වෙලා තියෙන්නේ...මිනිස්සුනේ ආරක්ෂා නොවෙන්නේ...
මට හිතෙන්නේ මේ හිරකරුවන් අතර ව්‍යාප්ත වෙලා තිබෙන ඒඩ්ස් රෝගයට හේතුව ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් අඩුබව නිසා ඇතිවූ දෙයක් කියලයි.මොකද ඔවුන්ට එන්නත් කිරීම් වාගේ දේවලදී එකම කටුව යළි යළිත් භාවිතා කිරීම,එකම රේසරය භාවිතා කිරීම වැනි දේ නිසාත් රුධිර පාරවිලනය වැනි දේ නිසාත් ඒඩ්ස් බඳු රෝග ව්‍යාප්ත වියහැකියි නේද? නමුත් ඒඩ්ස් හැදීමට එකම හේතුව එය නොවෙන්නත් පුළුවන්.මම මේ කිව්වේ උපකල්පනයක් විතරයි.
බොහෝවිට ඒඩ්ස් ඇතිවීමට ආසාදිත අයෙකු හා අනාරක්ෂිතව ලිංගිකව එක්වීම ප්‍රධානතම හේතුවයි.ඊට අමතරව තවත් අතිරේක හේතු තිබෙන්න පුළුවන්.නමුත් මෙහිදී වැදගත්ම දේ මැගසින් බන්ධනාගාර රැඳවියන්හට ඒඩ්ස් රෝග කාරක වෛරසය ශරීරගතවීමට හේතුව සැකහැර පැහැදිලිව දැන ගැනීම වැදගත්.එයින් අනෙක් සිරකරුවන් අතරටත් අදාළ වෛරසය පැතිරයෑම වළක්වාගත හැකියි.
අනේ මන්දා අද රට යන අත කියලා ඔහේ බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් අපිට ඉතුරු වෙලා නැහැ..ඔහොම යං ඔහොම යං..
අනේ වාසනාවන් දොස්තර වරුන්ට තවත් අනගි අවස්ථාවක්..
ලාගෙට්‍රි ටැබ්ලට් 30 ක් විතර බීලා වගෙයි කතාව අමාරිසාගේ
ඒඩ්ස් හැදෙන්න ඉස්සෙල්ලා නිකම් පිස්සු වැටෙනවා වගේ වෙනවද?මට එහෙම වෙන නිසා ඇහුවේ..
සිරගතව සිටින කාන්තා රැඳවියන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම උචිත යැයි සිතමි.මන්ද පිරිමි සමාජ රෝග ලක්ෂණ බාහිර ප්‍රදර්ශනය කරන අතර ගැහැණු රෝග වාහකයින් ලෙස පමණක් ක්‍රියාකරන බැවින් එක්වරම බාහිර රෝග ලක්ෂණ තුළින් හඳුනාගැනීම අපහසු වන බැවිනි.එසේම කාන්තාවන්ට මෙය වැළඳීම ඉපදීමට සිටින දරුවන්ටද රෝගකාරක වෛරසය ශරීරගතවීමට හේතුවක් වන බැවින් සෞඛ්‍ය සංවිධාන ඒ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කිරීම වැදගත්ය.
පුවත්පතක මම දැක්කා සිරගෙදර කාන්තා රැඳවියන් සමඟ සිටින දරුවන්ට උණ වෛරසයක් වේගවත්ව ව්‍යාප්තව යන බවත් ඒ හේතුව නිසාම සිරගෙදරදී සිහිසුන්ව ඇඳ වැටී දැඩි රෝගී තත්වයෙන් අසාධ්‍ය බවට පත්වූ දරුවන් රැසක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්.එහි විශේෂම ලක්ෂණය මේ තත්වය ප්‍රධාන ජේලර් වරියට දැනුම් දුන්නත් ඇය මේ පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වා නොමැති අතර මවක් ඇගේ හිස වේගයෙන් සිරමැදිරියේ බිත්තියේ ගසාගෙන තිබේ.මීට හේතුව වශයෙන් දක්වා ඇත්තේ සිරගෙදර කාන්තා රැඳවියන් භාවිතා කරන වැසිකිලි වලවල් උතුරායාම නිසා ආසාදිත වෛරසයක් වේගවත්ව පැතිර යාමයි.මේ අවදානම්කාරීබව අස්සේ ඒඩ්ස් වැනි වෛරසයක ආක්‍රමණයකට කාන්තා රැඳවියන් පහසුවෙන් ගොදුරුවෙන්න ඉඩකඩ ඇතිබව අප අමතකර කරන්න නරකයි.ඒ නිසා මම වගකිය යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ පිළිබදව දැඩි අවධානය යොමුකර ඉතා කඩිනමින් මීට ප්‍රතිකර්ම යොදන ලෙසයි.නැතහොත් ඊළඟ වතාවේ සිරකරුවන් හා සිරකාරියන් මිය යන්නේ ඒඩ්ස් වලින් විතරක්ම නොවෙන බවත් මතක තියා ගන්න.
මේ රට යළි ගොඩගත නොහැකි තරම් දේශපාලන මඩගොහොරුවට කරවටක් ගිලී තිබේ.කුමන පක්ෂයක කුමන නායකයෙකු බලයට පත්වුවද රට මේ නරා වගෙන් ගොඩගත හැකි යැයි කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි අවදානම් කාලසීමාවක අද මෙරට ඇත.මෙරට වැඩිදෙනෙකු කරන්නේ තාවකාලික ක්‍රමවලින් තෘප්තිය සොයා යාමටයි.ඒ අතරින් බහුල පිරිසක් මත්පැන්,මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර තවත් එවැනිම පිරිසක් අනාරක්ෂිත විකෘති අසම්මත ලිංගික හැසිරීම්වල නිරතවී එමඟින් තෘප්තිය අපේක්ෂා කරති.නමුත් මේ සියල්ල තාවකාලිකය.අවසානයේදී මහා සයුරේ පාවී යන ඇත්කුණට ලොබබැඳ ඒතුළට වැඳ කන ගිජුලිහිණියාට අත්වූ ඉරණම බඳු ඉරණමක් මෙරට වාසී වැඩිදෙනෙකුට අත්පත්වන බව සක් සුදක් සේ පැහැදිලිය.වතුර නටන තෙක් කකුළුවා එය සැපයක් යනුවෙන් සිතා සිටින්නාක් සේ උනුන් අතර කා කොටා ගනිමින් විරසකවෙමින් මේ අප යන්නේ මහත් අවදානම්කාරී සංක්‍රාන්ති කාලසීමාවක් බව මෙහි වැඩි දෙනෙකුට නොවැටහීම මුළු මහත් ජාතියේම අවාසනාවක් බවද කිය යුතුමය.
ඔය අමාරිස්ද මානසික රෝගියෙක්.මගේ ඇඳට අල්ලපු ඇඳේ එකම වාට්ටුවේ තමයි අපි හිටියේ.පිස්සු බෙහෙත් බීලා නිදා ගෙන හිටපු ගමන් මෙයා ඇහැරිලා නන් දොඩෝනවා විකාර කරනවා.ළඟ පාතක ඇටන්ඩන් කෙනෙක් වත් නැද්ද අල්ලලා ඇඳේ ගැටගහන්න
මම හිතන්නේ සමාජ විද්‍යාව පිළිබඳ පර්යේෂණ නියැලි උගතුන්ගේ දායකත්වය මේ ක්‍ෂේත්‍රයට මීට වඩා දැඩිව ලැබිය යුතුයි.මන්ද වෛද්‍යවරුන්ට රෝගයක නිධානය සොයා අවශ්‍ය ප්‍රතිකාර කොට රෝගියා සුවපත්කළ හැකි වන්නක් මෙන්,සමාජ විද්‍යාඥයෙකුට සමාජයට බලපාන ව්‍යසනකාරී අවදානම් තත්වයක් කල්තබා හඳුනාගෙන එයට සුදුසු ප්‍රතිකර්ම යොජනා කිරීම මඟින් බරපතල සමාජ උවදුරු අවමකරගැනීමේ කාර්යයට සහයෝගය ලබා දෙන්න පුළුවනි.
බරපතල සමාජ ගැටළු නිර්මාණය කිරීමට මූලික අත්තිවාරම වන්නේ රටක ආර්ථිකයයි.අපේ රට පවතින්නේ බරපතල ආර්ථික අවපාතයක.වැඩි දෙනෙක් මෙහි නියම ස්වභාව දන්නේ නැහැ.දන්නා අය නියම තත්වය අනික් අයට කියන්නේත් නැහැ.අර්ථිකය තමයි සමාජයීය,සංස්කෘතික, සාමයික හා සෙසු සියළු අංශ සමාජයක හසුරවනු ලබන්නේ.අද දෛනිකව කුලී වැඩක් කරන අයෙකුට ජීවත්විය නොහැකි තරම් සීඝ්‍ර ලෙස උද්ධමනය ඉහළට ගිහින්.ඒ හේතුව නිසාම භාණ්ඩ හා සේවා මිළ මහජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ ගිහින් තියෙන වටාපිටාවක සිද්ධ වියහැකි හා සිදුවන සමාජ බද්ධ දේවල් ලෙස මේවා විග්‍රහ කරනවා විනා මේවා කේවල කිසිදු බාහිර සාධකයක බලපෑමකින් ස්වායක්ත දේ ලෙස නිරීක්ෂණය කර හුදකලා නිගමනවලට එළඹ ඒ මත පිහිටා සිට කටයුතු කිරීම සාවද්‍යයි.ඒ නිසා ගැටළුවකට ප්‍රතිකර්ම යෙදිය යුත්තේ සමස්ත ගැටළුව අදාළ සමාජ නිර්ණායකටම මිස ඒ සමාජ නිර්ණායකයෙන් අදාළ ගැටළුව පමණක් හුදකලා කොට නොවේ.අද ඕනෑම ගැටළුවක් දෙස මධ්‍යස්ථ ආකල්පයකින් නිරීක්ෂණය කර විසඳුම් සැපයිය හැකි පුද්ගලයින්ගේ අඩුවක් තිබෙනවා.ඒ හිස්තැන පිරවීමට ඉදිරිපත්වී ඇත්තේ හුදෙක් බඩගෝස්තරය ගැන පමණක් හිතන හිස් කතා කියමින් ගැලරිය පිනවන අතලොස්සක් දෙනා පමණක් බවත් පවසන්නේ ඉතාම කණගාටුවෙනි.
කොළඹ බන්ධනාගාරවල තත්වය මෙසේ අවදානම්කාරී බවක් ගෙන ඇත්නම් පිටිසර පළාත්වල ඒවායේ මට්ටම පිළිබඳව සිතීමත් බියකරුයි. සිරගත කරන්නේ සාමාන්‍ය සිවිල් සමාජයේදී වරදකරුවන් බවට තීරණය වන පිරිසක් බව ඇත්ත.ඒත් මේ අයත් තිරිසනුන් නෙවෙයි.මිනිස්සු.ඒ අයට දඩුවම් ලබා දිය යුතුයි.එහෙත් ඒ වගේම ඒ අයට බල්ලන් බළලුන් මෙන් මියයාමට ඉඩ සැලැස්වීම අපට අනුමත කළ නොහැකිය.යමෙක් එසේ යෝජනා කරන්නේ නම් ඒ පුද්ගලයා කෘරකමින් හිස උදුම්මවා ගත් අයෙකු යැයි පෙනී යයි.
බණ කියන තරමට බණ අහන්නෙත් නැති,බණ ඇහුවේ තරමට බණ පිළිපදින්නේත් නැති මිනිසුන් ඉන්න රටක් මේක.මේක හාමුදුරුවන්ගේ වරදක් නෙවෙයි.මිනිස්සු පිළිපදින්නේ නැතිනම් හාමුදුරුවෝ මක් කරන්නද?බුදුහාමුදුරුවෝ ගෙන්නලා බණ කීවත් හදන්න පුළුවන් මිනිස්සු නෙවෙයි දැන් ඉන්නේ.කාව කාලා හරි තමන්ගේ බඩගෝස්තරේ හොයා ගන්න හුරුවුන මිනිස්සු හදන්න නම් ආයෙමත් කල්ප විනාශයකින් පසුව මෙතේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නම ඕන.ඇයි මේ සද්ධර්මය විනාශ වෙමින් යන කාලසීමාවනේ..ඉතින් මිනිස්සු කාමයේ වරදවා හැසිරීම සාමන්‍ය දෙයක් වෙලා.වැඩිහිටියෝ දරුවෝ කියලා අද කිසිම කෙනෙකුට කිසිම ගානක් තියෙනවාද කියලා බලන්න.වැඩිහිටියෝ කරන්න ඕන දේවල් තමයි අද යම්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන පොඩි දරුවෝ කරන්නේ.මේක දෙමව්පියන්ගේ වරදද නැතිනම් දරුවන්ගේ වරදද නැතිනම් ජානවල වරදක්ද කියන්න මම දන්නේ නැහැ.නමුත් අද මේ සමාජයේ වැඩිහිටි අපට පේන්න තියෙන සාමාන්‍ය වාතාවරණය මම කිව්වේ.
අපේ රටේ දැන් තිබෙන සමාජ වාතාවරණය අනුව මිනිස්සු ගොඩාක් ආධ්‍යාත්මිකව පිරිහිලා බව නම් සත්‍යයක්.එත් නිවැරදි කළයුතු ලොකු තැන් තව තවත් වැරදිම කරනකොට කොහොමද පොඩි අය හදන්නේ. කකුලුවා ඇදේට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න උපදෙස් දුන්නට වැඩක් නෑනේ.මේකත් ඒ වගේ.අනික මිනිස්සු කවරුවත් ලග අද අවංක කම බේතකටවත් හොයාගන්න නැහැ.බලන්න අද මේ රටේ ඉන්න තරමක් මිනිස්සු තමන්ගේම හිතට විරුද්ධව වාසියට ලාභයට හෘද ශාක්ෂිය පාවා දෙන හැටි.
අර හිරගෙදර තිබ්බ fashion show එකෙන් පස්සෙද දන්නේ නෑ කට්ටියට AIDS හැදුනෙ? ජේලර් මහත්තයලාගෙ ලේ පරීක්ෂණයකුත් කළානම් හොදයි...
මමත් කියන්නේ ඕක චෙක් කරන්න ඕන නෑ . හිරේ ඉන්නේ සිල් රැකල හිරේ ගිය අය නෙමෙයිනේ ,එලියට ආවත් කරන්නේ පරණ වැරදිමනේ...
එඩ්ස් හැදෙන්නේ පිරිමි - පිරිමි අතර සිදුවන කාම සම්බන්ධය නිසායි. මම ඒකයි කිව්වේ පිරිමි කියන්නේම කාමුක ජාතියක් කියලා
අමාරිස්ද අංගොඩින් පැන ආ මානසික රෝගියෙකි. මම අංගොඩ නෙවෙයි මුල්ලේරියාවේ.බොරු කියන ලස්සන විතරක් බලන්නකෝ
තෙරුවන් සරණයි!!! ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක බෞද්ධ පින්වතුනි, අපේ රට උතුම් බෞද්ධකම බුදුදහම තිබෙන රටක් වශයෙන් මෙවැනි රෝග මෙරට මෙතරම් සීඝ්‍රව පැතිරීම අපටද විමතිය දනවන දෙයක්. කොහොම වුනත් පංචශීල ප්‍රතිපදාව අනුව කාමයේ වරදවා හැසිරීම දරුණු විපාක දෙන පාප කර්මයක්.1.නොයා යුතු පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වීමය 2. සේවන සිතය 3. ඒ පිණිස උත්සාහ ගැනීමය 4. සේවනය ඉවසීම යන කරුණු 4 සම්පූර්ණවීම මත කාමමිථ්‍යාචාර පාපය සිදු වෙනවා.එසේම කාමමිථ්‍යාචාරය අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය ලෙස දෙකොටසකට බෙදා දැක්වේ. ශීලාදී ගුණ විරහිත වූවන් කෙරෙහි නම් අල්ප සාවද්‍ය වේ.ගුණ සම්පන්නයින් කෙරෙහි නම් මහා සාවද්‍ය වේ. දෙදෙනාගේම එක සේ කැමැත්ත ඇතිවිට හා උපක්‍රම ශක්තිය අඩුවිට අල්ප සාවද්‍ය වේ.ශීලාදී ගුණ විරහිත වුවත් බලහත්කාරයෙන්, මරණීය තර්ජන එල්ල කිරීමෙන් හෝ අධික උත්සාහයෙන් හෝ කාමමිථ්‍යාචාරය කෙරේ නම් එය මහා සාවද්‍ය වේ.කාමමිථ්‍යාචාරයේ ආදීනව නම් මෙලොවදීම අනුන්ගේ නින්දා අපහාහො තාඩන පීඩන ලැබීම,නීතියේ රැහැනට හසුවී දුක් විඳීම,මරණින් පසුව අපායේ හා තිරිසන් යෝනියේ ඉපදීම වැනි දේ සිදු වේ.මීට අමතරව මිනිසත් බව ලැබූ විටද,නපුංසක ආත්ම භාව ලබති. පුරුෂයෝ ලිංග විපර්යාසව ස්ත්‍රීහු වෙති.සත්‍රීහූ එයින් මිදීමට නොලැබී දුක් විඳිති. මහජනයා අප්‍රිය කරන විරූපී අප්‍රිය ජනක වෙති.මේ හේතු නිසා කාම මිථ්‍යාචාරය පව්කම් නොකර මෙවැනි දුක්වලින් මිඳී කටයුතු කිරීමට වෙහෙස වන මෙන් කාරුණිකව ඉල්ලමි.තෙරුවන් සරණයි..!!!
සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණය අනුව සලකා බැලුවොත් මෙහි තිබෙන්නේ මානව ලිංගික චර්යාව අපගමනය වීම නිසා ඇතිවන දුස්සමාහිත තත්වයක් නිසා හටගැනෙන රෝගී තත්වයක්.එසේම මේ රෝගී තත්වය නිසා සමාජ උපකුලකයක් වූ සිරගත ප්‍රජාවතුළ යම් විශේෂිත බියක් ජනිත වෙනවා සිය සෞඛ්‍ය පසුබිම නිසි පරිදි ආරක්ෂා වී නැහැ කියලා.මේක සමාජ ආකල්පවල සිට පැමිණෙන දෙයක්.විශේශයෙන්ම නිදහස් හැසිරීම ආවෘත සංස්කෘතියක් ඇති රටකට සංක්‍රමණයවූ විට එය වේගවෙන් පැතිරී යනවා.එහි සැබෑ අවදානම නිසි පරිදි දෘශ්‍යමාන නොවීමේ තර්ජනයක්ද මෙහි අන්තර්ගතයි.මන්ද සංස්කෘතික ලැග්ම වැනි තත්වයන් නිසා ජනතාව තොරතුරු සඟවා ගන්නා ස්වභාවය හේතු කොටගෙන නිවැරදිව මේ රෝගී තත්වයට ප්‍රතිකාර කිරීම හා ඖෂධ යෙදීම දුෂ්කර වෙන්න පුළුවන්
ඒක විතරයි හිර ගෙදර අඩුවකට තිබ්බෙ... දැන් ඒකත් හරි...
සාදු සාදු සාදු..මම නම් දැන් ඉපදිලා ඉන්නේ අකනිටඨා බ්‍රහ්ම ලෝකේ. මෙහි කාමරාගය හා ව්‍යාපාද කියන සංයෝජන ධර්ම දෙක ප්‍රහීන කරපු බ්‍රහ්ම රාජයෝ පමණයි ඉන්නේ.ශුද්ධාවාස හැටියට ධර්මයෙහි සඳහන් වෙන්නෙත් මේ කාමරාග,ව්‍යාපාද ප්‍රහීණ කරපු අය ඉන්න බ්‍රහ්ම ලෝකවල් තමයි.මෙබඳු බ්‍රහ්ම ලෝකවල පහක් තියෙනවා.ශ්‍රද්ධාව අධික ඇති අනාගාමීන් අවිහයෙහිද,වීර්යාධික අය අතප්පයෙහිද, ස්මෘතිය අධික අය සුද්ස්සයෙහිද,සමාධිය අධික අය සුදස්සියෙහිද,ප්‍රඥාව අධික අය අකනිට්ඨාවෙහිද උපදිති.මම දැනට ශුද්ධාවාසයෙහි ඉන්නේ මම ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහිදීම අනාගාමී මාර්ගඵල උපදවා ගෙන හිටපු නිසා. මෙහෙදීම මම උතුම් අරහත්වයට පත්වෙලා කවදා හරි සසරගමන අවසන් කරනවා.ඉතින් මම වාගේ උතුම් ජිවිතයක් ලබන්න ආසා නම් අද ඉදලා කාමමිථ්‍යාචාරයෙන් වැළකිලා හොඳින් පින් දහම් කරන්න. තෙරුවන් සරණයි .!!!
අනේ මගේ හිතට හරිම සිසිලසක් දැනෙනවා..හරියට වෙසෙක් පෝයට පන්සල් ගියා වගේ.ලොකු හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව කෙටි වුනත් හරිම හරවත්.මට අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ සිහිපත් වුනා. මගේ හිතට සිසිලසක් දැනුනා.අපි ජීවත්වෙලා ඉන්න ටික කාලේ මේ වගේ යහපත්ව ගත කරනවා නම් කොයි තරම් හොඳද??එහෙම නම් මේ වගේ ජරා ලෙඩ රෝග නොහැදී ජාතියක් වශයෙන් අපට ශක්තිමත්ව නැඟී සිටිය හැකියි.අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවල් ස්වඋත්සාහයෙන් නැඟී සිටිනවාට එරෙහිව බටහිර රටවල කුමන්ත්‍රණයක් තමයි මෙවැනි ලෙඩ රෝග අපේ රටවල ව්‍යාප්ත කරලා හැරීම.එමඟින් අපේ ජාතිය දුර්වල කර ආගම නැති කිරීම.ඉතින් අපි ඒ උපක්‍රම වලට හසු වෙන්නේ නැතිව බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ගොඩාක් හොඳයි කියලා මට හිතෙනවා.
අප වැනි තෙවන ලොව රටකට ඉදිරියට යාමට ඇති එකම හා සුරක්ෂිත ක්‍රමය නම් බුදුදහම හා බෞද්ධ ප්‍රතිපත්ති පෙරටු කරගත් ගමනක් යාම බව මගේ විශ්වාසයයි.එමඟින් මෙවැනි ලෙඩරෝග හැකිතාක් අවම කරගැනීමට හැකියාව ලැබේ.
වැඩේ ටිකක් පරක්කු කරමු.. එතකොට නීත්‍යානුකූල මරණදඩුවම ක්‍රියාත්ම කරන්න ඕනෙත් නෑ.. මානව හිමිකම් ප්‍රශ්ණත් නැහැ...
අද නම් මුළු වෙබ් එකම හරීම ලස්සනයි.ඇයි හැමදාමත් මේ වගේ අපිට ඉන්න බැරි.සමහර දවස්වලට වෙබ් එක බලන්න අප්පිරියාවේ බැහැ වැසිකිලි බිත්තියක් වාග් කුණුහරුප දෙපැත්ත කැපෙන දේ ලියලා අපිට මේකට කමෙන්ට්ස් කරන්න වත් එන්න හිතෙන්නේ නැහැ.ඇයි හැමදාම අපිට මෙහෙම ඉන්න බැරි.අපි හැමදාම මෙහෙම මේ වෙබ් අඩවිය තබා ගනිමු.අද කාටවත්ම හිත් රිදවීම් මඩ ගසා ගැනිලි නැහැ.හැමෝම මානසික සුවක් ලැබුවා මේ වෙබ් එක කියවලා.මගේ යාලුවෝත් ගොඩක් දෙනෙක් කිව්වා අද හොඳයි කියලා..විවිධ නම් වලින් වවිධ පළාත් වළින් විවිධ රටල් වලින් මෙයට අදහස් පළ කල සියළු දෙනාටම බොහෝම ස්තූතියි
මම අද මේ පිටුව කියවලා ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා.මට හරි සතුටුයි මෙහෙම හැමදාම තියෙනවා නම්.සමහර දවසට මේ පැත්තට වැදගත්කමට හැදුනු ගෑනු දරුවෙකුට ළංවෙන්න වත් බැරි තරමට නරක කතා ලියලා තියෙන නිසා අපේ දරුවෝ කවුරුවත් අදහස් දක්වන්න ආවේ නැහැ.එත් අද මම දන්න කියන දරුවෝ කීප දෙනෙක්ම මේ හරහා මුණ ගැසී කතා කරන්න ලැබුණා.
මටත් අද හරිම සතුටුයි.ලොකු හාමුදුරුවන්ගේ බණ කතාව නූතන යුගයට හොඳටම ගැලපෙනවා.මට හිතෙන්නේ මේ නම් ඇත්තටම හාමුදුරුවෝ කෙනෙක්ම කියලයි.මටත් අද හිතට හරිම නිස්කලංකයි,විවේකීයි. හැමදාම අපි මේ වගේ ඉඳිමු.මමත් එකඟයි.
මුලින්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ලේ පරීක්ෂා කරන්න..
බන්ධනාගාර නියාමකයන්ගේ ලේ පරික්ෂා කරන්නේ නැද්ද?