විශ්ව විද්‍යාල ලේඛකාධිකාරීගේ නියෝග නොතකා සබරගමු සරසවි පරිශ්‍රයේ රැඳී සිටින සිසුනට  වහා ඉන් ඉවත් වන ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද නියෝග කළේය.

මහේස්ත්‍රාත් එම නියෝගය කළේ බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සිසුන් සත්‍යග්‍රහ කරන අට්ටාලය ඇත්තේ විශ්වවිද්‍යාල භූමියේ නම් උසාවි නියෝගය අනුව ඉන් ඉවත් විය යුතු බවයි.