මීතොටමුල්ලේ කුණු දමන ප්‍රදේශය තවත් පුළුල් නොකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා කොළඹ නගර සභාවට අද නියෝග කළේය.
විසඳුමක් නොමැතිව වසරක් තිස්සේ මේ ප්‍රශ්නය පවතින බවත් පළාතේ වැසියන් දැඩි අපහසුවට පත්වී සිටින බවත් මහේස්ත්‍රාත් කීවේය.
මෙම කුණු වළේ පීඩාව නැති කිරීම සඳහා වන විසඳුම්, සැලසුම් හා යෝජනා කොළඹ නගර සභාවට ඉදිරිපත් කරන්නැයි නඩුවේ පාර්ශවකරුවන්ට උසාවිය දැන්වූයේය.
මෙම කුණු වළේ ඉබේ නිපදවෙන මීතේන් වායුව නිසා කුණු වළ පිපිරී මහා විනාශයක් සිදුවිය හැකි යැයි මීට කලින් අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන ජීව වායුව යොදා විදුලිය නිපදවිය හැක(කෞ)
අපේ රටේ මහජන මුදලින් පිටරට වලට ගොස් ඉගෙනගත් උගතුන් නැද්ද? කුණු වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද. (නි)