ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතාගේ උසාවිය නිහඬයි සිනමා නිර්මාණයේ සිරගතවූ සැමියාගේ චරිතය රඟපාමින් ප්‍රධාන භූමිකාව රඟපාන බිබීශන කුරේරා මේ දිනවල විචාරක පැසසුම්වලට ලක්වූ චරිතයකි. මේ කතාබහ දිගහැරෙනුයේ ඔහුගේ රංගනය හා සිනමා නිර්මාණය සමග බැඳුණු කාරණා සමගිනි.
"උසාවිය නිහඬයි" චිත්‍රපටයට සම්බන්ධ වුණු ආකාරය සඳහන් කළොත්?
මූලික වශයෙන් මං මුලින්ම සම්බන්ධ වුණේ "ඉර මැදියම" චිත්‍රපටයෙන්. ඊට පස්සෙ මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා වුණේ දමින්ද ඩී. මඩවල නම් සහාය අධ්‍යක්ෂකවරයා ප්‍රසන්න විතානගේ මහත්මයාට යෝජනා කරනවා චිත්‍රපටයට මොහුව ගමු කියලා. ප්‍රසන්න විතානගේ මහතා මාව සිනමාවට ගෙනාවට "උසාවිය නිහඬයි" චිත්‍රපටය යෝජනා කරන්නෙ දමින්ද ඩී මඩවල. ඒ හරහා තමයි ප්‍රසන්න මහත්තයා මාව මේ චිත්‍රපටයට ගන්නෙ.
නමුත් මේ චිත්‍රපටය ආන්දෝලනාත්මක ඉසව්වකට එනවා?
මූලික වශයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ "නොනිමි අරගලය" නැමැති කෘතිය පාදක කරගෙන හදපු චිත්‍රපටයක්. මෙය ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්. ඒ සත්‍ය සිදුවීම තුළ අධිකරණය විසින් සිරගත කරන ලද සැකකරුවෙකුගේ බිරිඳක් ඔහුට ඇප දෙනවා කියන මානසික අල්ලස දෙමින් ඔහුගේ බිරිඳව මහේස්ත්‍රාත්වරයෙකු තැනින් තැනට ගොස් අතවරයට ලක්කිරීම තමයි මෙහි මූලික තේමාව වෙන්නෙ. ඒ ඔස්සේ තමයි මේ සමාජයේ තිබෙන යම් යම් අඳුරු තැන් මෙකී චිත්‍රපටයේ පෙන්වන්නෙ.
මට තිබුණෙ එම අතවරයට ලක්වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ චරිතය රඟපාන්නයි. සත්‍ය කතාව කියනව නම් මෙය ෂොට් දෙකකින් අවසන් වෙන්න තිබුණු චරිතයක්. නමුත් අධ්‍යක්ෂකවරයාට හිතුණා මෙය රූගත කිරීමෙන් පසුව මෙය තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි කියා. ඒ පදනම මත තමයි මාව කැඳවලා පිටපත දීලා දිගටම රූගත කරමු කියන තැනට ආවේ. එය තමයි මූලික පසුබිම.
ඔබ නළුවෙක් වෙන්න පටන් ගන්නෙ කොයි කාලෙද?
මම 1998 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ එවකට ශිෂයෙකුව උන් සමන් ප්‍රියන්ත මහත්තයගෙ දිග්දක්නා නම් වූ නාට්‍යයේ රාජ්‍ය නාට්‍ය උලෙළ හරහා එන්නෙ. පසුව මම පෞද්ගලිකව වේදිකා නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. සන්ධිස්ථානයක් හැටියට 2004 රාජ්‍ය නාට්‍ය උලෙළේ මගේ දිගු නාට්‍යයක් තිබුණා %නුඹ මම සහ ඇය^ කියා. ඉන් පසුව රාජ්‍ය කෙටිනාට්‍ය හා අන්තර් නාට්‍ය උලෙළ 2005දී %තවත් මිනිහෙක්^ නමින් නාට්‍යයක් අවසාන වටයට තේරුණා. එය තමයි සන්ධිස්ථාන දෙකක් සහ 2006 අවුරුද්දේ ටවර් හෝල් පදනමෙන් කරපු රුක්මනී දේවි උපහාර කෙටි නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන පහක් හිමිකර ගන්න මගේ "ග්ලෝබල් ගාමිණී" නම් නාට්‍යය සමත් වුණා.
2004 -2005 අතර තමයි මම "ඉර මැදියම" හරහා සිනමාවට එන්නෙ. පසුව මම අතිරේක රංගන ශිල්පියෙක් විදියට "සූරිය අරණ", "සමනට තටු", "ආකාස කුසුම්" වැනි චිත්‍රපයවලට දායකත්වය ලබාදෙනවා. පසුව උපප්‍රධාන චරිතයක් ලෙස මම භද්‍රජි මහින්ද ජයතිලකගේ "වැහි දවස" කියන චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. නමුත් සිනමාවේදී කතාකිරීමට හැකි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන පළමුවැනි චිත්‍රපයට තමයි මෙය. එමෙන්ම කල්පනා ආරියවංශගේ "ප්‍රේමය නම්" චිත්‍රපටයටත් මම සම්බන්ධ වෙනවා. ඒ චිත්‍රපටය ලබන වසරේදී තිරගත වීමට නියමිතයි.
වෘත්තීය වශයෙන් ඔබ නියැළෙන්නේ කුමන ක්ෂේත්‍රයකද?
වෘත්තීය වශයෙන් සම්මාන ලබපු නිර්මාණයක් මම හැකි වශයෙන් අධ්‍යක්ෂණය කරගන්නවා. මම විවාහක පුද්ගලයෙක් නෙවෙයි. මමයි අම්මයි විතරයි ඉන්නෙ. එනිසා ආර්ථිකය පිළිබඳව එතරම් ගැටලුවක් වෙලා නෑ. බලන්නෙ ඉදිරියේදී වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ හා සිනමාව තුළ යම්කිසි දෙයක් කිරීමට තමයි.
ලංකාවේ රංගන ශිල්පීන් සිනමාවේ හෝ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කොයිතරම් හැදෑරීම් කරනවාද?
ඒ ගැන නම් කියන්න කනගාටුයි. හැදෑරීම් කියන දේවල් නැත්තටම නැතිවෙලා තිබෙනවා. ඉස්සරට සාපේක්ෂව හැකි ඉක්මනින් ස්වයංව හෝ තම තමන්ගේ රංගනය ඉදිරිපත් කිරීමේ පෞරුෂය ගොඩනගා ගැනීමට පෞද්ගලිකව හෝ දැනුම පෝෂණය කරගත යුතුයි යන්න තමයි මගේ අදහස.
චිත්‍රපටයට මේ දිනවල මොනවගේ ප්‍රතිචාරද තිබෙන්නෙ?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රධාන පෙළේ වෘත්තාන්ත චිත්‍රපටවලට තිබෙන ප්‍රතිචාරවලට වඩා මෙය වාරණයට ලක්වීම හරහා සුවිසල් ප්‍රතිචාර ලැබෙනවා. මෙයට සංගීතය සපයන්නෙ ඉන්දියානු සංගීත ශිල්පියෙක්. ඔහු ඉතාම විශිෂ්ට ගණයේ සංගීත අධ්‍යක්ෂණයක් සිදුකර තිබෙනවා. එමෙන්ම අධ්‍යක්ෂකවරයාගේ සුවිශේෂී අධ්‍යක්ෂණයත්, මහින්දපාල මහතාගේ කැමරාකරණය සහ කැත්ලීන් ජයවර්ධන වැනි විචාරකයන් කියන විදියට මම කරන්නාවූ ස්වාමි පුරුෂයාගේ චරිතයත් මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉවහල් වෙලා තිබෙනවා. අමුතුම ආකාරයේ ලංකාවේ සිනමා කර්මාන්තය පැහැදිලි වෙනසකට ලක්කරපු චිත්‍රපටයක්.
ඔබේ චරිතය රඟපාද්දි ඔබ එකතු කරපු නැවුම් දේවල් මෙහි තිබුණද?
එය මතක් කරන්නම ඕන. ප්‍රසන්න විතානගේ කියන මහත්මයාව මම පෞද්ගලිකව හඳුනනවා වුණත් ඇයි ඔහුට අන්තර්ජාතික සම්මාන සහ මෙරට සම්මාන හිමිවුණේ කියනෙක මට තහවුරු වුණේ මේ චිත්‍රපටයෙනුයි. ඔහු ඉතාම නිහතමානීව හා ඉතාම සියුම් විදියට නළුවන්ව හසුරුවන්න දන්න අධ්‍යක්ෂකවරයෙක්. මේ චරිතයේ යම් සාර්ථකත්වයක් තිබෙනවා නම් එහි සියයට සියයක් ඔහුගේ දක්ෂතාව මත සිදුවූවක් මිස මම ඉතාම සුළු දායකත්වයක් තමයි ලබාදුන්නෙ. ඔහු ඔහුට අවශ්‍ය කරන දේ අපූරුවට ලබාගත්තා.
ඉදිරියේදී ඔබේ වැඩකටයුතු මොනවද?
මට මේ චිත්‍රපටයෙන් පසුව මෙවැනිම වූ චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණා. නමුත් මම කාරුණිකව ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළා. මොකද මම උත්සාහ කරන්නෙ රැල්ලට යන්නෙ නැතිව කෙසේ හෝ හොඳ චරිතාංග රංගන ශිල්පියෙක් වශයෙන් සිනමාව තුළ ස්ථාවර වෙන්න. එනිසා ප්‍රවේසමෙන් ගමනක් යා යුතුයි.
077-9125480
සටහන - ඉඳුනිල් සින්දු /සේයාරූ - ඉසුරු පෙරේරා
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
"උසාවිය නිහඬයි" චිත්‍රපටයේ සිරගත වූ බිබීශන