මීතොටමුල්ල කසළ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට, නගර සංවර්ධන අධිකාරයට හා මධ්‍යම පරිසර අධිකාරියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
එය පෙබරවාරි 27 වැනි දින උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළ අතර කසළ ප්‍රතිචක්‍රීකරණය කොට විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කොළඹ නගර සභාව රුපියල් මිලියන 133 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී ඇත.
කොළඹ නගර සභාවේ නීති උපදේශක නාලිනී ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ විවිධ ප්‍රදේශවලින් අපද්‍රව්‍ය කොළඹ නගරයට එකතුවන බවත් ඒවා බැහැර කිරීමට කොළඹ නගරයේ නිශ්චිත ස්ථානයක් නොමැති බවත්ය. මෙය ජාතික ගැටළුවක් වන බැවින් කඩිනම් විසඳුමක් අවශ්‍ය බවද ඇය කීවාය.
පොතුවිල්කුඹුර ප්‍රදේශයේ පදිංචි පවුල් 200ක් වෙනුවෙන් වෙනත් නිවාස ලබා දෙන බවත් කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය නිශ්චිතව සකස් කරන තුරු හඳුනාගත් ස්ථානවලට කසල බැහැර කරන බවත් ඇය අධිකරණයට පැවසුවාය.
නගර සභාවෙන් කියා සිටියේ කරදියන හා මොරටුව ප්‍රදේශවලට කසළ බැහැර කිරීමේ තවත් ව්‍යාපෘති දෙකක් යෝජනා වී ඇති බවත් නගරාධිපති මුසම්මිල් මහතා පුත්තලම ප්‍රදේශයේ ස්ථානයකට දිනපතා දුම්රියෙන් කොළඹ සිට කසළ ටොන් 200 ක් ප්‍රවාහනය කිරීමේ අවස්ථාවක් ඇති බව හඳුනාගෙන ඇති බවයි.
උදුල් ප්‍රේමරත්න නුවන් බෝපගේ සහ කීර්ති පෙරේරා යන පිරිස පොතුවිල් කුඹුර, මීතොටමුල්ල, වැල්ලම්පිටිය ස්ථානවල කසළ බැහැර කිරීමට විරුද්ධව සිදුකළ උද්ඝෝෂණය හේතුවෙන් වැල්ලම්පිටිය පොලිසිය ගොනු කළ නඩුව විභාග කරමින් මෙම උසාවි තීන්දුව ප්‍රකාශ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය කුණු ප්‍රශ්නයට විසඳුම් ඉල්ලයි
දිනෙල්ක Monday, 16 February 2015 11:03 PM
නගර මෙහෙම අපිරිසිදු වෙන්න දෙන්න එපා (නි)