කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයය අසළ අට්ටාලයක උපවාසය කරමින් සිටි පිරිස ඉවත් කිරීමට පොලිසිය පැතූ අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඕනෑම පුද්ගලයකුට උපවාස කිරීමේ අයිතිය ඇතැයි ප්‍රකාශ කළේය.
පොදු දේපළට හානියක් හෝ මාර්ගය අවහිර කිරීමක් වෙත්නම් පමණක් මැදිහත් විය හැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
පාසල් නිල ඇඳුම ඇඳ සිටින ඡායාරූපයක් හා පාසලේ නිල ලාංඡනයේ රූපයක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පළ කළැයි උදෑසන රැස්වීමේ දී විදුහල්පති විසින් සිසුවියකට බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පා ඔවූහු උපවාසය ඇරැඹූහ.
එම සිද්ධියෙන් පසු ශිෂ්‍යාව දිවි නසා ගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියනි තමන්ගේ දරුවන්ගේ මානසික අවශ්‍යතා තේරුම්ගෙන , තමන්ගේ හැසිරීම් ගොඩනගා ගන්න. ගුරුවරුනි ඔබත් එලෙසම රටේ අනාගතය ගොඩනගන්න. සියලුදෙනාම දරුවන්ව තේරුම්ගන්න. ඔබත් ළමා කාලයක් පසුකල බව සිහියේ තබාගන්න. (නදී)
විනිසුරු තුමාගේ තීරණය සාධාරණයි (දිල්)
අපේ කාලේ පැනේ මිතුරු ඇසුර වැනි දෙයක් අද මුහුණු පොත. මේවට ඇයි මේ තහංචි. ලංකාවට ඔය මෙවලම් ගියා ඉක්මන් වැඩියි. (අ)
දෙමව්පියෝ ළමයි කරන්නේ මොනවද කියල හොයලා බලන්න ඕනි. දෙයක් උනාට පස්සේ උපවාස කරලා වැඩක් නැහැ. ළමයිගෙන් දුරස් වුනහම දෙමව්පියෝ වගේම ළමයිනුත් මානසිකව වැටෙනවා. ඒක මේ කවුරුත් තේරුම් ගන්න ඕනේ. අපේ වැරදි වහගන්න උපවාස කරලා හරියන්නේ නැහැ. දැන් වත් ඔය අම්මයි තාත්තයි එක් වුනොත් හොඳයි. (නදී)
පාසල්වල දැන් සිදුවන දේවල් දිහා බලනකොට විදුහල්පතිවරු කියන කරන දේවල් ගැන පුදුම හිතෙතනවා. පාසැලකට ළමයෙක් යැව්වාම දෙමාපියන්ටත් ළමයින්ගෙ පිටි පස්සෙන්ම ඉන්න සිදුවෙලා තියෙනවා. පාසැල ශිෂ්‍යයන්ට ආරක්ෂිත ස්ථානයක් විය යුතුයි. බලධාරින් මේ සිදුවීම ගැන අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා සුදුසු කටයුතු කළ යුතුයි.(නදී)
සෝමදාස ගේ අදහස හොඳයි. ඒත් හැම පාසලක්ම එසේ වෙන්නේ නැහැ. මේ සිදුවීමට අදාල පාසැල විදුහල්පතිගේ කැපවිමෙන් ඉහලට ආපු පාසැලක්. තව ටික දවසකින් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි ළමයින් සහ දෙමවිපියෝ ඉන්නේ විදුහල්පති සමගද මේ සුළු කොටස සමගද කියලා. ඊට පස්සේ අපි බලමු කව්ද හරි කව්ද වැරදි කියලා.(නදී)
සෝමදාස මගේ දුව යන්නෙත් ඔය පාසලට ඒ නිසා වගකීමකින් මම මේදේ කිවේ. අපි කැමතියි අපේ දරුවෝ ඉන්න පාසැල හොද විනයක් තියන පාසලක් බවට පත් කරනවට.(නදී)
මීට අවරුදු තිහ හතළිහකට පෙර පත්තරයකට හෝ සඟරාවකට ලිපියක් කවි පෙලක් යැවීමට පාසලේ පන්තිභාර ගුරුතුමා හෝ ගුරුතුමියගේ නිර්දේශය හා මුල් ගුරුතුමා/තුමියගේ අනුමැතිය ලබීමෙන් පසුව තමයි ළමයෙක් ලිපියක් තැපැල් කලේ. එදා තිබුන විනය එහෙමයි. අද දරුවන් පාසල් නොගොස් ගෙදර නැවතී වැඩිහිටියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගුවන්විදුලි/රුපවාහිනී සම්බන්දකම් පැවැත්වීම ගැන පළමුව දෙමාපිය භාරකරුවන්ද, පාසල් ගුරුවරුන්ද,එකසේම වගකිවයුතුයි. ලෝකේ තියෙන මෙවලම් ගැන දැනුම් තේරුම් නැතිව ලෝකය යන්නේ මෙම දිශාවටය සිතා දරුවන්ගේ මනස ගැන විපරම් නොවී දරුවා සියලු දෙමාපියන්ට පාඩමක් උගන්වා ඇත.(නදී);
අද වාසි පිලට හෝයියා කියන කට්ටිය වැඩියි. බලය පෙන්නා දේවල් උඩු යටිකුරු කරන්න පුලුවන්. පිරිස වැඩිකර පෙන්නීමෙන් මෙම සිදුවීම සුලු කොට තැකිය හැකිද?විදුහල්පතිගේ කැපවීම මෙම සිදුවීම මත අහෝසිවී ඇති සේ පේනවා. ඔබටත් දියණියක් සිටියොත් ඔබ කෙබදු තත්වයකට වැටේද කියා මොහොතක් සිතා බලන්න. (නදී)
මේ දියණියගේ ජීවිතය ගැන දෙමාපියන් මීට වඩා සැලකිලිමත් උනානම් එයාව තවමත් පාසලේදී දකින්න තිබුනා. විදුහල්පතිතුමාගේ ක්‍රියාවේ වරදක් දකින්න බැහැ. පසුගිය වසර 3 ඇතුලත පාසලේ විනය ඉහල මට්ටමකට ගන්න, පාසලේ දියුණුවට මහත් කැපවීමක් ගුරුමණ්ඩලය සමග එක්වී කලබව පාසලට යනෙන කව්රුත් හොඳින්ම දන්නා කරුණක්. එම නිසා ඉතිරි සියලුම සිසු දරුවන්ගේ අනාගතය උදෙසා මෙම විදුහල්පතිතුමාගේ සහ ගුරුමණ්ඩලයේ සේවය මෙම පාසලට ඉතාමත් වැදගත් බව දෙමපියන් ලෙස අප තරයේම කියා සිටින අතර අපගෙන් වෙන්වූ දියණියට පින් පමුනවා අනෙක් දරුවන් හට සෙනෙහසින් උපවාසයන් නවතා දමා ආදර්ශමත්ව ජීවත්වීමට සිතට ගනිමු. (සියලුම දෙමාපියන් වෙනුවෙන් ඩබ් .එස් .කේ.ජයසිංහ ) (නදී)
ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ පාරම් බෑවා නැණසල කියල එකකකින් ලංකාවේ තරුණ පිරිස් අතර පරිගණක ශාක්ෂරතාවය ඉහළටම ගෙනාවා කියලා. ඕක අහල මෝඩ දෙමව්පියොයි, ගුරු වරුනුයි අත්පොලසන් දුන්නා. දැන් පේනවනේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කරන්න ගිහින් තරුණ පරම්පරාවට වෙලා තියෙන දේ. වෙන රටවල ෆේස් බුක් කියන්නේ ජන විඥානයේ කොටසක්. ඒ කට අපේ රටේ ප්‍රේමාතුරයන්ගේ පාරාදීසයක්.(නදී)
විදුහල්පතිට අවුරුදු 16 ළමයෙක්ගේ මානසිකතත්ත්වය තේරුම් ගන්න බැරිද? කරුණාවෙන් කියලා දෙන්න තිබුනනේ.(නදී)
විදුහල්පති හමුදාවේ සිටි පුද්ගලයෙක් ලු.(නදී)
නිතිය කාටත් පොදුයි කියන එක පොදු ජනයා හැටියට අපි පිලි ගන්න ඕනේ (දී)
විදුහල්පතිට දොස් කියන හැමෝම එහෙම කරන්නේ නොදැන. මේ හැමදේටම වග කියන්න ඕන ඒ දරුවා මෙලොවට බිහි කල කෙනා.එයාට නියමිත නම කියන්න වත් සුදුසු කෙනෙක් නෙමේ එයා.එක එක ලොක්කන්ගේ බල පුළුවන් කාර කම් ලග තම දරුවන් සැමියන් අමතක කරලා ඔවුන්ගේ ඕන එපාකම් වලට යට වෙන මෙවැනි ගැහැනුන්ට කියන්න ඕන නම මොකක්ද ?කොවුවා කොහොම උනත් දරුවා ගත්ත තීරණය වැරදියි. (දී)
උපවාස කිරීම ජනතා අයිතියක් (දී)
දෙමාපියන්, ගුරුවරුන් සමාජය පිළිබඳ ළමයින් දැනුවත් කළ යුතුයි . ළමාකාලයේ දී කරන වැඩ පිළිබඳව වැඩි දුර හිතන්නේ නැහැ (ත).
මේ දියණිය ඉක්මන් වුණා වැඩි. නිතිය රකින අය සාධාරණ වෙන්නත් ඕනැ.(දිල්)
දෙමාපියනි දරුවන්ට මෙවන් විපත් ඇතිවීමට ඔබත් ඉඩ ඇත.දරුවන්ට අන්තර්ජාලයී පිවිසීමට ඉඩකඩ පාදා දුන්නේ කව්ද .දැන් උපවාස කිරීමෙන් පලක් නැත. (දිල්)
උපවාසේ සාධාරණයි (දී)
ළමයයි ෆේස් බූක් පාවිච්චි කලාම මොකද... මෙතන අවුල විදුහලපති නේ.... ළමයි... ළමයි බව තේරෙන්නේ නැද්ද.. (දී)
දරුවා ජිවත් වෙලා ඉන්න කාලේ එයා ගැන සැලකිලිමත් වෙන්න දෙමවුපියෝවත් කිසි කෙනෙක් නැ.දැන් ගමම උපවාස කලාට පොඩ්ඩක් හිතන්න විදුහල්පති වරදක් කරලා නැහැ.දරුවත් දෙමාපියනුත් අතර ලොකු බැදීමක් තිබුනානම් එයා පිලිබදව එයාලට කියනවා.මේ විදියට ගියොත් ළමයි මොන වරද කලත් ගුරුවරුන්ට මොකුත් කියන්න බැහැනේ.ගුරු,දෙගුරු කියන්නේ නිකන්ද?ළමයාගේ ක්‍රියාකාරකම් ගැන අවදානෙන් හිටියනම් එයා අකාලේ නැති වෙන්නේ වත් වැරදි වැඩ කරන්නේ වත් නැහැ. සම්පුර්ණ වරද දෙමාපියන්ගේ.මේ ළමය රූපේ නිසා උදම් වෙලා හිටියේ. දෙමාපියන්ටත් දරුවා මතක් වෙලා තියෙන්නේ නැති උනාට පසුවයි. (දී)
මේ විදුහල්පති ට මෙතනින් යන්න කාලේ ඇවිත්. (දී)
ඔය උපවාස කරන අය හෝ ළමයාගේ දෙවව්පියන් මෙයට පෙර ඔය උනන්දුව පෙන්නුවානම් මෙම අවාසනාවන්ත සිදුවීම වලක්වා ගන්න තිබුන . දැන් මෙම සිදුවීම උදාහරණයට අරන් රටේ අනිත් දෙමව්පියන්වත් තමන්ගේ කාලයෙන් ප්‍රමාණයක් දරුවන්ටත් වෙන්කරන්න.පෙරහැර ගියාට පසු කස ගසා වැඩක් නැහැ . (දී)
ඉන්ටෙර්නෙට් නැති එකා ලිඳේ ඉන්න ගෙම්බා වගේය. පේස් බුක් කියන්නේ බොහොම සරල දෙයක්. මෙවැනි දේ තේරෙන්නේ නැති අය විදුහල්පතිවරු වෙන්නේ කොහොමද? ඔය විදුහල්පතිව කැලේට යවන්න වටිනවා ! (නදී)
මොන වරද කලත් ගැහැණු ළමයෙකුට කුනුහරපයෙන් බැනීම අනුමත කරන්න බැහැ. මෙතන ප්‍රින්සිපලුත් ලොකු වරදක් කරලා තියෙනවා. ළමයාගේ අන්තිම ලියුම එයට හොඳ සාක්කියක්. මෙම සිද්දිය ගැන අපක්ෂපාත පරීක්ෂණයක් කල යුතුය.(නදී)
අපි හැමෝම ඔය කාලේ පහුකරලා අපු අය බව දැන් ගොඩක් අයට අමතකයි වගේ! (දී)
කුමාරිගේ ගේ කුණුහරුප අදහස මෙතනට වෙදගත් නොවේ. (දී)
මීට කලින් විනිසුරු වරයෙක් විශ්ව විද්‍යාල සිසුන්ගේ උපවාසයකට තහංචි දාල තිබුනා (දී)
මේ ප්‍රස්නේදී වැඩි වරදක් අනිවාර්යයෙන්ම පැටවෙන්නේ දෙමව්පියන්ට. අන්තර්ජාලය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුදයක්. අධයාපනික අවශ්‍යතාවන්ට ඇරෙන්න විනෝදාස්වාදය සදහා කෙරෙන අන්තර්ජාල භාවිතය ළමයින්ගෙන් ඈත් කරන්න දෙමව්පියන් වග බලා ගන්න ඕනා. නැත්නම් වෙන්නේ කවදා හරි මේ විදියට අට්ටාලවල ලැගලා උපවාස කරලා ලෝකේ හිනස්සවන්න තමයි. . (නදී)