හොරණ අධිකරණයේදී ඇප ලැබු පුද්ගලයකු සම්බන්ධ ප්‍රශ්නයකදී එහි ලිපිකාරියගේ නිවසට ගොස් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් හොරණ මහෙස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අඟුරුවාතොට මදුරාවල පදිංචි හර්ෂ චන්දිමාල් එම පුද්ගලයායි.
ලිපිකාරිය මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකරමින් කියා ඇත්තේ තම නිවස ආසන්නයේ පදිංචි දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකදී උසාවියෙන් ඇප ලැබු පුද්ගලයකු ගැන තමාගෙන් ප්‍රශ්න කළ සැකකරු ‘ඔහුට ඇප අත්සන් කළේ කවුද? උසාවියත් එක්ක මං ඒක බලා ගන්නම්‘.යනුවෙන් තර්ජනය කළ බවයි.
සැකකරු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය. අඟුරුවාතොට පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුට බැන්න පලියට ශාරීරික අඩත්තේට්ටම් කිරීමක් නැත්නම් ඇසින් දුටු කනින් ඇසු සාක්ෂි නැත්නම් මෙහෙම රිමාන්ඩ් කරන්න පුලුවන්ද? කව්රු හරි පුද්ගලික තරහකට බැන්න කියල කාට හරි එරෙහිව පැමිණිල්ලක් දැම්මොත් හරි වැඩක්නේ වෙන්නේ. මෙතන මට පෙන විදියට මෙයා උසාවියේ වැඩ කරන නිසා වෙන්න ඇති. උසාවියේදී සිගරට් එකක් බිව්වොත්,ෆෝන් එක රින්ග් උනොත් සද්දේ දාල කතා කලොත් උසාවියට අපහස කලා කියල දඩ ගහනවා කුඩුවට දානවා. උසාවියෙන්ම දීපු තීන්දුවලට විරුද්දව ඔය සංගම් වල ලොයර්ස්ල පුටු පොලේ ගහලා මේස වලට නැගලා යකා නටනවා. වැරදි කාරය කියල පිලිගන්නත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඕන..නැත්නම් දඩය එකක්..ලෝයර් එක්ක ගියාම දඩය එකක්. (නදී)
ඇයි මේ ලිපිකාරිනියගෙන් ඇහුවේ, නඩුකාරතුමාගෙන් අහන්න තිබුණනේ. (ස)
පීලි පැනපු දුම්රිය සේවකයෙක් වෙන්න ඕන. නීතිය ගැන බින්දු මාත්‍රයක්වත් තැකීමක් නැත්තේ ඇයි මේ මිනිස්සුන්ගේ? මේක ජොබ් එක ගහල යන වැඩක් බව හිතන්න තරම් මොලයක් මේ මිනිහට තිබුනේ නැද්ද? ආවේග මත කරන දේවල් වලට පසුතැවෙන්න වෙනවා (ලොක්කෙක් නොවේනම්). (අ)
මහේස්ත්‍රාත්තුමාලාටත් තර්ජනය කරලා හූ කියපු රටේ ලිපිකාරිණියකට බැණ වදිනවා කියන එක කජ්ජක්ද? (නි)