‘‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.”
අද බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
‘‘මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් වෙලා තියෙනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක්. 18 වැනි සංශෝධනය මඟින්වත් ඔහුට යළි තරඟකරන්න සුදුසුකම ලැබි නෑ. ඒක පොදු වැදගත්කමකින් යුතු කරුණක් නොවෙයි. ඒක නිසා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ.
පසුගිය කාලය පුරාම රාජපක්ෂ පාලනය ඔවුන්ට අවශ්‍ය විදියට ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශාල වගකිමක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නැවතීමට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.
අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට නීතිඥ සංගමයත් සමග සාකච්ඡා කරනවා රාජපක්ෂ පාලනයේ නීති විරෝධී ක්‍රියාදාම නැවැත්වීමට. මේ රාජපක්ෂ රෙජිමයේ නීති විරෝධී ගමන පරාජය කිරීමට සියලු දෙනාට එකතුවන්න යැයි ආරාධනා කරනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@ බන්දුල පෙරේරා ... ඔයා පොඩි කාලේ කලිසමේ තෙමාගත්තට මට නම් පේන්නේ දැන් ලොකු උනාට හෙලුවෙන්ම තෙමාගන්න පාටකුයි .. ඇයි ඉතින් රෙදි නැනේ .. හෙලුවෙන්ම කඩේ යනවනේ ...(බ)
අපේ මිනිස්සු මෙච්චර මෝඩ මොකද මන්දා? (නි)
අද මොන පක්ෂය ආවත් වැඩක් නැහැ. මොකද දිනන පක්ෂය පිටුපසින් අර හොරු ටික එකතුවෙනවා. ඒකයි අද අපේ පාර්ලිමේන්තුවේ නුගතුන් රැසක් පිරිලා ඉන්නේ. එයාලා කොහොමද රටට සේවයක් කරන්නේ? අද අපේ රට ගොඩගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට විතරයි (නි)
ජනාධිපතිතුමා අධිකරණයෙන් විමසීම, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකිරීමක්. (නි)
බන්දුල පෙරේරා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ජ.වී.පී.ය ආරම්භයේ සිටම කළේ උප්පරවැට්ටි දාන එක තමයි. දැන් කියයි ජනාධිපතිවරණය නීතිවිරෝධියි ඒක නිසා අපි තරඟ කරන්නේ නැහැ කියලා. (නි)
මම නම් කියන්නේ ඔහුට මේ පාර ඉල්ලන්න බැහැ කියලමයි (නි)
කලබල වෙන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැනේ! (නි)
ජානාධිපති උසාවි යන කතාවක් මෙතන නැහැනේ. අදහස් විමසන්න එතුමාට පුළුවන්. (නි)
ලංකාවේ උසාවි යන්න බැරි අයත් ඉන්නවද? මම ඇහුවෙ අදනේ. ඕනෑම කෙනෙකුට උසාවි යන්න පුළුවන් (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියෙව්වා නම් මෙයට පිළිතුරුදුන් වැඩිදෙනකුට තේරේවි දෙවතාවකට වඩා ජනපති වීමට ඉල්ලන්න බැරි බව (නි)
තුන වරක් ආවොත් අපේ අනාගතේ අදුරේ.(හේ)
ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්නට මේ වෙනකොට රටත්, ජනතාවත් නැතිවෙලා ගොඩක් කල්. (නි)
අද අපි ලංකාවේ පොළොවේ පයගහලා මෙහෙමවත් ඉන්නේ ජවිපෙට පින්සිද්ධ වෙන්න. (නි)
ජවිපෙ ඉතිහාසය අපි හොඳට දන්නවා. පාර්ලිමේන්තුව තුළ කතා කරන්න හැකියාවක් ඔබට තිබෙනවා. සමහර තර්ක රටට දැයට ගැළපෙනවා. ජනාධිපතිට ඕනෑතරම් කලක් රට පාලනය කළාට අපිට නම් කමක් නැහැ. ජනතාව තමයි ඉතින් ඒක තීරණය කරන්නේ. ඔයා පත්කරන්නෙත් පරාජය කරන්නෙත් අපි. ඔයාලට අපිට තවම තරු පෙනුනේ නැහැ. (නි)
බන්දුල පෙරේරාට මොකුත් කියන්න එපා. (නි)
අනුර මහත්තයා පදනමක් නැතුව යමක් කියන්නේ නැහැ (නි)
කුහකකමෙන් පැළෙන්නේ නැතුව, ජනතාවගේ අවශ්‍යතාවය තේරුම්ගෙන ඊට අනුව දේශපාලන ව්‍යාපාරයක් කළා නම් හොඳයි. (නි)
ලංකාවේ උසාවියකින් දෙන තීන්දුවකට විරුද්ධව, ජාත්‍යන්තර අධිකරණයකට යා හැකිද ? දන්නා කෙනෙක් ඉන්නවා නම්, පැහැදිලි කිරීමක් කරන්න.(හේ)
ඔබතුමාට අනිවාර්යයෙන් පුලුවන් (නි)
ජනාධිපතිතුමා තුන්වන වර ඉල්ලලා දිනන එක සිකුරුයි මට නම් (නි)
මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙලා දිනුවට පස්සේ ඔයාල යන්නෙත් ඊට විරුද්ධව අධිකරණයටමනේ. ඉතින් දැන්මම අධිකරණයේ තීරණය හෙළි දැක්කාම, ඔයාලට කටවල් පියාගෙන රටට වැඩක් ඇති වැඩක් කරන්න පුළුවන්නේ! (නි)
ජනධිපතිවරයා ඉල්ලා තිබෙන්නේ උපදෙසක්. නඩු තීන්දුවක් නොවෙයි.එනිසා එතුමා නාමයෝජනා දුන්නාට පසුව පුරවැසියෙකුට නඩුවක් ගොනුකළ හැකිබවයි මගේ අදහස. (නි)
අපේ රට පෘතුගීසිකාරයන් ලන්දේසින් සහ ඉංග්‍රීසින් අවුරුදු සිය ගණනක් පාලනය කළා. අපේ රට සූරාකෑවා. අපි වහලුන් මෙන් සැළකුවා. ඉතින් අපේම සිංහලයෙක් අවුරුදු 15 ක් 20ක් අපේ රට පාලනය කළාම මොකක්ද වැරැද්ද? (නි)
මම නම් කියන්නේ උසාවි යන්න ජනපතිය පුලුවන් කියලයි (නි)
එහෙම නම් රතු මල්ලිලා නඩුවක් දාලා පෙන්නන්නකෝ කොහොමද කියලා. ඇයි ඔයාලා බයද?අනේ දෙවියනේ! සමානුපාතික ක්‍රමය ඉවත්කර පාර්ලිමේන්තු ඡන්දය තියන්නකෝ (නි)
ව්‍යවස්ථාව දැනගැනීමට නීතිය හැදෑරිය යුතු නැහැ.නීතිය හැදෑරුවත් නීතිඥයකු වෙන්න බැහැ.සමහර නීතිඥයෝ ඉන්නවා උසාවිය පැත්තේ යන්නේවත් නැති. (නි)
ලංකාවේ නීතියක් නැහැ. බන්දුල පෙරේරා වගේ මිනිස්සු ඉන්න රටකට මොන උසාවිද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
උසාවි ගිහින් හරි කමක් නැහැ, රටට ගැළපෙන නායකයෙක් ලැබේවායි පතමි. (නි)
බන්දුලට කවදාවත් මොනම පුවතකටවත් අදාළ විෂය කරුණු සහිතව ලියන්න හැකිවුණාද? කාටහරි බැන බැන තුට්ටු දෙකේ වචන මාලාවෙන් කෙකරගානවා විතරයි. මේක නෙමෙයි කොයි පුවතටත් එච්චරයි. බලන්න අනිත් මිනිස්සු වචනයෙන් දෙකෙන් තමන්ගේ අදහස උගත් සභාවකට හරියන විදියට ලියන අපුරුව. (නි)
මට නම් අපේ ජනාධිපතිතුමා කරන කිසිමදේක වරදක් පෙනෙන්නේ නැහැ (නි)
අසා ඇති ප්‍රශ්නය "මට තුන්වන වතාවටත් ඉල්ලන්න පුලුවන්ද" කියලනේ. පළමුවෙන්ම බැහැ. ඒ මොකද එතුමාට ජනවරම ලැබුනේ විධායක ක්‍රමය නැතිකරන්න. දෙවනුව මහින්ද මහත්තයාට ඉල්ලන්න පුලුවන්ද නැද්ද යන්න රටේ පොදු ප්‍රශ්නයක් නොවෙයි. පොදු අවශ්‍යතාවයකදී පමණි ජනාධිපතිට අර්ථකතනයක් ඉල්ලා සිටින්න පුළුවන්. (නි)
ඒක උසාවිය තීරණය කරයිනේ! (නි)
මේ වගන්තිය හරිම පැහැදිලියි. ප‍්‍රථම ධුරකාලය ආරම්භවී අවුරුදු 04ක් ගතවුණාට පසුව නැවත ජනවරමක් පතන්න පුළුවන්. 2005 නොවැම්බර් මස 18වැනිදා වර්තමාන ජනාධිපතිවරයා ධුරයට පත්වුණාට පස්සේ 2009 නොවැම්බර් 18 වැනිදා අවුරුදු 04 සම්පූර්ණ වුණාට පසු නැවත ජනවරමක් සඳහා ජනාධිපතිවරණය කැඳවූවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරලා තිබෙන්නේ එම වගන්තියට අනුව අර්ථ නිරූපනයක්. නමුත් අර්ථ නිරූපනයක් ඉල්ලිය යුතුව තිබෙන්නේ අවුරුදු 06ක කාලයක් දෙවැනිවර ධුරය දැරිය යුත්තේය කියන වගන්තිය සම්බන්ධව නේද? (නි)
රට පාලනය කරන්න කුමන රජයක් ආවත් ජනතා විමුක්ති පෙරමුණ හැමදාම රටේ ආර්ථිකය කඩාකප්පල් කරන අරාජික දේශපාලන පක්ෂයක් ලෙසයි මට දැනෙන්නේ. මමත් කාලයක් ඒකේ සාමාජිකයෙක්. නමුත් මම අද සියලු දේශපාලන කටයුතු වලින් ඉවත්වෙලා එදාට වඩා හොඳින් ඉන්නවා. (නි)
කවුරු කවුරුත් තමන්ගේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)
මෙතන හරියටම ප්‍රශ්නය තේරුම්ගෙන සිදුවෙමින් පවතින දේ ගැන ඉතාම සරල එමෙන්ම වැදගත්ම පැහැදිලි කිරීම කරලා තියෙන්නේ සුනිල් මහත්මයායි.ඔබට ස්තුතියි. (නි)
ජනාදිපති රාජපක්ෂ මහතා තරම් සුදුසු කෙනෙක් ලංකාවේ නැත.අපි එයාට ඡන්දය දෙමු.අපගේ රට බේරාගත් ශ්‍රී ලාංකිකයා ඔහුයි. ඔහුට මගේ ප්‍රණාමය! (නි)
එ.ජා. පක්ෂයේ අතීත ක්‍රියාකාරකම් අනුවත්,එහි දේශපාලන ලක්ෂණ අනුවත්,පවතින රජයේ බොහෝ ක්‍රියාකාරකම් වලදී රජයට සමගාමීව යන තත්වයක් මිස ප්‍රධාන විරුද්ධ පක්ෂයක් හැටියට ඉටුවිය යුතු කාර්ය ඉටුවන බවක් දකින්නට නැත. වර්තමාන දේශපාලනය ව්‍යාපාර මට්ටමක පැවතීම නිසා දිනන පැත්තට වාසිපැත්තට ඇදෙන බලය හරහා ජනතාවට අයහපතක් සිදුවීමටද ඉඩ ඇත.බලය මිලදීගත හැකි සහ විකිණිය හැකි තත්වයකට අද පත්වී ඇත. නොගැළපෙන හෝ සැකසහිත හෝ මෙවැනි අවස්ථාවකදී බලවත් විරෝධය දැක්වීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය ආරක්ෂාවීමකි.එම විරෝධතාවය ජනතාව වෙනුවෙන් බව ජනතාව තේරුම්ගෙන අගය කිරීම කාගෙත් යහපතට හේතුවනවා ඇත. (නි)
අපි මේ සංවාදය බුද්ධිමත්ව කරගෙන යමු. තමන් දන්නා හරවත් වැදගත් කරුණු හැමෝටම ලියන්න පුළුවන්නේ. බන්දුලගේ කතා වලට අවධානය හරවාගන්නේ නැතුව යන එක හොඳයි. (නි)
දැන් මේ 129 වන වගන්තියෙන් විමසිය හැක්කේ රටට බලපාන පොදු කාරණා නේද? මේ විමසීමෙහි ගැබ්ව ඇත්තේ පොදු කාරණාවක්ද නැතහොත් පුද්ගලික කාරණාවක්ද යන්න තීරණය කළයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බවයි මගේ අදහස. (නි)
මෙතන ගොඩක් අය කියනවා ජනාධිපතිතුමාට මිනිස්සු කැමති නැහැ කියලා. එහෙනම් එයා ඡන්දයකට ගියාම පරාද වෙනවා. මට තියෙන ප්‍රශ්නය පරාජය වෙන කෙනෙක් එනවට මොකද ඔච්චර බය? (නි)
බන්දුල පෙරේරා වගේ අයට කියන නම මට මෙතන ලියන්න අමාරුයි (නි)
බන්දුල මෙතන කරන්නේ මොනවගේ වැඩක්ද කියලා අනෙක් අය තේරුම් ගන්න. (නි)
දැන් එතකොට එතුමාද අධිකරණ උපදේශක? එහෙම දෙයකට නීතිමය අවසරයක් නැත්නම් ඒක අධිකරණය තීරණය කරයි. විපක්ෂ නායක රනිල් මහතා වැනි පරිණත දේශපාලකයන් නම් මෙවැනි දේශපාලන ප්‍රකාශ නොකරන බව එතුමාගේ පාර්ලිමේන්තු ප්‍රකාශ වලින්ම පෙනෙනවා. මොකද එතුමාට ජනාධිපතිවරණයක් ජයගැනීමේ හැකියාවක් සහ සැළැස්මක් තිබෙනවා (නි)
මේ පුවතට අදාලව යමක් කියන්න තරම් දැනුමක් නැත්නම් අනිත් අයට මේ සංවාදය පිළිවෙලකට ගෙනියන්න ඉඩදෙන්න බන්දුල. (නි)
ඇත්තටම මේ බන්දුල පෙරේරා කියන කෙනා නම් ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි නේද? (නි)
ඔන්න අදත් මෙතන වැදගත් සංවාදය අවුල් කරන්න බන්දුලාගමනය සිද්ධවුණා. මෙයාට ඕනෑ කොහොමහරි පාඨකයන් මෙතන අදහස් හුවමාරු කරගන්න එක කඩාකප්පල් කරලා වෙනත් යටි අරමුණක් ඉෂ්ට කරගන්න වගේ. (නි)
උසාවි යන්න පුලුවන්ද බැරිද කියන එක උසාවියම තීරණය කරයි. ඒ වෙනතුරු ඉවසලා බලාගෙන ඉන්න (නි)
ඔබතුමාගේ අදහසක් නැද්ද ජනාධිපතිවරණයට ඉල්ලන්න? (නි)
මේක හරියට නඩුවක් අසන්නට පෙර තමන් නිදහස් වේදැයි ප්‍රශ්න කරන්නා වගේ ප්‍රකාශයක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
මේ සංවාදයවත් වැදගත් හරවත් අදහස් මතු කරමින් පවත්වාගෙන යමු. එහෙම නැත්නම් බන්දුලාගමනය සමඟ මෙතන පොර කුකුළු කොටුවක් තමයි. (නි)
අනුරගේ ඉදිරිපත්වීම විපක්ෂයේ වටිනා කාර්යභාරයක්. ඔබට වැඩි වටිනාකමක් ලැබෙන්නේ පක්ෂයේ නම වෙනස්කර දේශපාලනයේ නිරතවීමෙන් කියලයි මට හිතෙන්නේ. අනාගතය හදාගන්න බලන්න. (නි)
මෙතුමා නීතිය හැදෑරූ කෙනෙක්ද දන්නා කෙනෙක් කරුණාකර කියන්න. (නි)
සමහරු අසවලා තමයි සුදුස්සා කියමින් ඡන්දය දීම ගැන කතා කරනවා. ඡන්දය දෙන්න පෙර මේ පටලැවිල්ල ලෙහාගත යුතුයි නේද ? (නි)
මමත් කියන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැත්නම් උසාවි යන්න ඕනෑ නැහැනේ. (නි)
නීතියේ දෙවඟනගේ අතේ තිබෙන්නේ තරාදියක්නේ! (නි)
තමන් පොතපත ගැඹුරින් කියවා නොදැන කොහොමද නීතිය දැනගන්නේ? සමන්තිලා හිතන්නේ ඒකත් කාගේහරි කට වචනයක් අහලා දැනගත්තම ඇති කියලද? එහෙම ඇති සාමාන්‍ය ගෘහිණියකට. නමුත් ප්‍රසිද්ධියේ සමාජයේ පෙනීසිටින ජනතාව අමතන පක්ෂ නායකයෙකු එහෙම යන්තම් දැනගෙන ඉඳලා හරියන්නේ නැහැ. තමන් ජනතාව ඉදිරියේ යමක් ප්‍රකාශ කළයුත්තේ වගකීමෙන්. විශේෂයෙන්ම රටට බලපාන ව්‍යවස්ථා ආදී නීතිරීති ගැන.හරියට නොදැන කතාකරන එක නුසුදුසුයි. (නි)
"මාලා" නමින් පළවී ඇති ප්‍රතිචාරය ඇත්ත වශයෙන්ම කාලෝචිත වැදගත් ප්‍රකාශයකි. (නදී)
මම හිතන්නේ සියලුම දේශපාලකයින් පළමුව නීතිය හැදෑරීම කළයුතුයි. නීති උපාධියක් නොතිබුනත් තමන් හරියට මේ ගැන ගැඹුරින් හැදෑරීමක්වත් කර නොතිබුනොත් තමන්ගේ කටින් පිටවෙන්නේ මොනවාද කියලා තමන්ම දන්නේ නැහැ. මම මේ කිව්වේ පොදුවේ. (නි)
ජනපතිතුමනි, ඔබතුමාට මේ සියළු අභියෝගයන් ජයගැනීමට ශක්තිය ලැබේවා! (නි)
නීතිය කියන්නේ යම්කිසි කාලයක් තිස්සේ ගැඹුරින් අධ්‍යයනය කළයුතු දෙයක්. ඒක මේ නිකන් වටින් පිටින් දන්නවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. (නි)
මහත්තයෝ,පුලුවන් නම් ජනපතිවරණයට ඇවිල්ලා එදා විජේවීර මහත්තයා ගත්තා වගේ ඡන්ද ප්‍රමාණයක් අරගෙන පෙන්වන්න. එදාට අපි කියන්නම් ඔයත් වීරයෙක් කියලා (නි)
මේ කාරණාව ගැන නීතිවේදියෙකු වන විපක්ෂ නායකතුමා පවා තාම ප්‍රකාශයක් කරලා නැහැ නේද? සමහරවිට එතුමා වුණත් හරිහැටි මේ ගැන විශ්ලේෂණය නොකර නිකම් කට අරින්න අකමැති ඇති. මේවා ආවට ගියාට කරුණු කියන්න හොඳ දේවල් නොවන බව කෘතහස්ත දේශපාලකයන්ට තේරෙනවා. (නි)
මට නම් මෙතන කාගෙවත් වරදක් පෙනෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ඇත්ත කතාකරන නායකයෙක් අනුර කුමාර. යුද්ධය දිනලා රටට සාමය ළංකර දුන් නායකයෙක් ජනාධිපතිතුමා. (නි)
සමහරවිට එයාලා කියන්නේ එයාලගේ නීතිය ගැන වන්නට ඇති (නි)
බන්දුල පෙරේරා, කෑ ගහන්නේ නැතුව ඉන්නවද? (නි)
බන්දුල පෙරේරා ගැන මට දුකයි (නි)
තිලක් ඩුබායි, මම අදනේ දන්නේ ජවිපෙ නැත්නම් රටේ 95% කට කන්න බොන්න නැහැ කියලා. මම දන්නේ නැහැ ඔයා කියන්නේ කොහේ තියන ජවිපෙයක් ගැනද කියලා. (නි)
අපෝ ඔව්, බන්දුල පෙරේරා ආවොත් ඉතින් ඉවරයි තමයි. ඒ නිසා උගත් බුද්ධිමත් අදහස් දාන අය ඉක්මනට තමන්ගේ අදහස් දමන්න. (නි)
හිතලා බලනකොට අනුර කුමාර මහතා නඟන ප්‍රශ්නයේ යම් වටිනාකමක් තිබෙනවා. නමුත් මේක පුද්ගලික ප්‍රශ්නයක්ද රටේ පොදු ප්‍රශ්නයක්ද කියන එක උසාවියම තමයි අර්ථ දක්වන්න ඕනෑ. (නි)
ජනපතිතුමා මේ කාරණාව ගැන අධිකරණයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන බව කියවෙනවා. (නි)
මෙයාගෙ බංකොලොත් කතා නෙවෙයි, පන ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ කතාවක් අහමු..!(අ)
මට හිතෙන්නේ මෙතන මත විමසීමකට වඩා උසාවි තීන්දුව තුලින් ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩවලට ජවයක් ලබාගන්න උත්සහ කිරීමක් තියෙන්නේ. එහෙම නැතුව උසාවියෙන් ඇහැව්වත් නැතත් ජනාධිපතිවරයාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් මැතිවරණ කොමසාරිස් තුමාට ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. (අ)
ජේවීපි ය මහින්ද මහත්තයා ජනාධිපති තරඟයට එනවට බයයි වගේ. බන්දුල මහත්තයෝ, ඔබට ජය සහ සුබ පතනවා! (නි)
කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකන රටේ ,ගිහින් බලන්න ගම්බද ප්‍රදේශයකට එදා වේල කන්න නැතුව,තේ කහට කෝප්පය බීලා, සෙරෙප්පු දෙකක්වත් නැතුව පාසල් යන දරුවන් කොපමණ ඉන්නවද කියලා.ඇස් දෙකක් තියෙනවා නම් ඇස් ඇරලා බලන්න. (නි)
මේ කතාව හාස්‍ය ජනක නොවන්නේද.? උසාවියට නඩුවක් පැවරීමෙන් පසුව නඩුව අහන්නට ගන්නෙත් නැතුව ඉවත දැමු අවස්ථා අප දන්නවා. ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නඩුවක් දාලා නැහැ. කරුණු විමසීමක් කරලයි තියෙන්නේ. අනුර දිසානායක මන්ත්‍රී තුමා කියන විදිහට ජනාධිපති තුමාට උසාවියෙන් විමසන්නට බැරි නම් ඒ බව මුලින්ම කියන්නේ අධිකරණය විසින්මයි. නමුත් අධිකරණය නිතිවේදින්ගෙන් එයට ඍජුව අදහස් විමසා තිබෙනවා. එයින් පෙනී යන්නේ දිසානායක මන්ත්‍රී තුමන්ලාගේ ම කුහක නීතිය මිස වෙන කිසිවක් නොවෙයි. අනිත් කාරණය නම් ජනාධිපති තුමා නිතිවේදියෙක් බව සහ එතුමා වටා නීති උපදේශකයින් සිටින බවත් අමතක කොට නිකම්ම නිකන් බයියෙක් කියලා හිතාගෙන කියන බවක් පෙනෙනවා. මේ මනුස්සයා කට ඇරියොත් කියන්නෙම ඔය වගේ කතා බව අපි දන්නවා. කිවුව දේවල් කවදාවත් වෙලා නම් නැහැ.(අ)
මොකද මේ සමහරු ඡන්ද පෙට්ටිය ලබන අවුරුද්දේ එළියට එන්න තිබියදී දැන්ම ඇඟිල්ල දික්කරන්නේ, තීන්ත ගාන්න කියලා. පොඩ්ඩක් ඉවසමුකෝ. (නි)
අනේ මන්ද..මහ සෝන දැක්ක වගේ බය වෙලා..සෝභිත හාමාදුරුවන්ටයි රතන හාමදුරුවන්ටයි කියල පිරිත් නුල් හත අටක් බැද ගන්න වේවි..අපි ඕකට කියාන්නේ මහින්ද භීතිකාව කියල..අනේ මේත් පක්ෂ නායකයෙක් නේද? මේ වගේ නායකයෝ මන් හිතන්නේ පොල්පිත්තකින් තුන හතරක් කපා ගන්න පුළුවන්..(අ)
ජනාධිපතිට තුන්වරක් ඉල්ලන්න බැහැ, ජනාධිපතිතුමාට කලින් ඉල්ලන්න බැහැ, ජනාධිපතිතුමාට අධිකරණයෙන් විමසන්න බැහැ... එතකොට ජනාධිපතිට මොනවද පුළුවන් මහත්තයෝ? මගේ අදහස නම් එක්වරක් හෝ දෙවරක් පමණක් ඉල්ලන අය තමයි රට කන්නේ. මොකෝ ඒ අය දන්නවා ආයෙත් අවස්ථාවක් නැහැ කියලා. කීපවරක් ඉල්ලන්න පුළුවන් වෙනකොට හිතනවා දිගටම බලයේ ඉන්න නම් හොඳින් කරන්න ඕනෑ කියලා (නි)
මොන ප්‍රශ්න තිබුනත් විපක්ෂය සංවිධාන වෙලා නැති නිසා මහින්දට දිනන්න පුළුවන් අනික ලංකාවේ ඡන්ද දායකය ඔය කියන තරම් උගත් නැහැ සියයට අනුපහක් සාක්ෂරතාවය තිබුනට බුද්ධිය අඩුයි.(අ)
මේ යන ක්‍රමයට අපිත් අද ලංකාවේ හිටියා නම් හිඟාකන්න තමයි සිද්ධවෙන්නේ. දෙවියනේ කියලා ලංකාවෙන් "චුත" වුණ නිසා අපි අපේ දරුවන්ට,දෙමාපියන්ට සහ දුප්පත් අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරමින් තුන්වේල කාලා ඇඳලා ඉන්නවා. (නි)
අපොයි දෙයියනේ..අපිත් ඔය වගේ වැඩ කළා කලිසමේ තේමා ගන්න පොඩි කාලෙනම් .කද බඩ තියෙන එකත් එක්ක හැප්පෙන්න බැරි වෙන කොට ..ලැජ්ජයි මහත්තයෝ..ඔයා ඇත්තටම ජේ වී පි එකේ නායකයාද?(අ)
ආ, ඒ පාර බන්දුලත් ඡන්දෙ ඉල්ලන්නද යන්නේ? අල්ලපු ගෙදර එක්කෙනාද කොහෙද ජය වේවා කියලා තියෙන්නේ. (නි)
උසාවි යන්න කාටත් අයිතිය තියෙනවා.(හේ)
මහජන මුදල් නාස්ති කීරිමක් විතරයි.(හේ)
උසාවි යන්න බැරි නම් වෙන කොහේ යන්න කියලද මේ මහත්තයා කියන්නේ? (නි)
මේ රට නීති ගරුක රටක්.(හේ)
හැමෝම හිතට ගනු අපට ඕනෑ නීති ගරුක රටක් - එක නීතියක්, එක කොඩියක්, එක රටක්.(හේ)
එතකොට දැන් මොනවා කරන්න කියලද මෙතුමා කියන්නේ? (නි)
අපේ රටේ ගොඩක් නායකයෝ මේ නටන නැටුම් ඔක්කොම නටන්නේ රටේ දුප්පත් මිනිස්සු කන පාන් කාලෙන් ,පරිප්පු ටිකෙන් ගසාකන බදු මුදල් වලින් කියලා අපි දන්නවා (නි)
මෙසේ මත විමසීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ කල හැකි බව මගේ ස්වාධින අදහසයි. මේක පක්ෂයකට කත් ඇදීමක් නෙවෙයි. (හේ)
එතකොට අනුර කුමාරද හැමදේම දන්නේ? අනේ අපි එයා කියන විදිහට ඔක්කොම කරමුකෝ ....! හොඳ නැත්නම් ඡන්දෙන් පරාද කරන්න බැරිද? ම (නි)
ජනතා විමුකිති පෙරමුණ අතියයේ කල වැරැද්ද ගැන දැන් පසු තැවෙන පාටයි. හරි මග යමු, අපේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගනිමු.මී කඩිමුඩියේ ඡන්ද මුදල් නාස්තියක් බවයි මගේ හැංගීම.(හේ)
නිශාන්ත මහත්තයෝ, රටක් පාලනයට කෙනෙකුගේ සුදුසුකම තීරණය වෙන්නේ පාලනය කළ කාලයවත් ඉල්ලපු වාර ගණන නිසාවත් කියාද හිතෙන්නේ? පක්ෂ භේදයක් නැතුව ඔක්කොම දේශපාලකයන්ගේ ළමයි දිහා බලන්නකෝ. ඉල්ලන්න හිතෙන තවත් හේතු ඇත්තෙම නැද්ද? (නි)
මට නම් නිශාන්තගේ අදහස සම්පුර්ණයෙන් පිළිගන්න බැහැ. දේශපාලකයෙකුට දිගටම බලයේ රැඳී ඉන්න අවශ්‍යවීමට විවිධ හේතු තිබෙන්න පුළුවන්. ඉන් සමහර කාරණා පුද්ගලික වෙන්නත් බැරිකමක් නැහැ නේද? (නි)
මම සඳහන් කළේ තෙවැනියට අදහස් ලියා තිබෙන සුනිල් මහත්මයාගේ අදහසේ ඉතා සරල පැහැදිලි කිරීම ගැනයි. (නි)
අනුර මහත්තයා හරි. උසාවි යන්න සදාචාරාත්මක අයිතියක් නැහැ (නි)
ජේ. වී .පී .එක ගැන අපි දන්නවා. ඒ ගැන හිතනකොට මට ඔයාලා ගැන පුදුම හිතෙනවා දැන් කතාකරන හැටි. (නි)
දැන් කොහෙන්ද එතකොට මේ කාරණාව ගැන අසා දැනගන්නේ? (නි)
අනුර, ඔබ වෙනි කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එක ශ්‍රී ලාංකිකයන්ට වාසනාවක්. ඔබට දිර්ගයුෂ.(හේ)
මහින්දටත් ඉල්ලන්න බැරිනම් චන්ද්‍රිකාට පුලුවන්ද?මොකද මහින්දත් එක්ක මෙච්චර තරහ, මේ දෙන්නට ඉල්ලන්න බැරිනම් ඔයාවත් ඉල්ලනවකෝ වෙන දේ බලාගන්න, (හේ)
මහින්ද රාජපක්ෂ මහතා නීතිය අතට ගත් බවක් පෙනෙන්නේ නැහැ.ඒත් ජනතා විමුක්ති පෙරමුණ නීතිය අතට ගන්න වගේ හදන්නේ කියලයි මට හිතෙන්නේ. (නි)
කට විතරයි.(හේ)
මොනවා කලත් මහින්ද උඩින්ම දින්නනවා.(හේ)
එහෙනම් යමුද සිංගප්පුරුව පැත්තේ රවුමක්. (බ)
නීතිය ගැන මෙලෝ හසරක් නොදන්න මෝඩ අනුර කුමාර නිකම් පචවෙනව (බ)
3වෙනි පාර ඉල්ලන්න සුදුසු කම තමයි ිදපාරක් ඉල්ලපු එක. මේ හරක්ට ඒක තේරෙන්නෙ නෑනෙ. රටේ නායකයා වෙන්න හැමොටම බෑ . පරිණත, බුද්ධිමත් නිවරදි වෙලාවට නිවරදි තීරණය ගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. එයෙම කෙනෙක් වෙන කව්ද ඉන්නෙ? (බ)
හැබෑ නේන්නම්. මේ ප්‍රශ්නය අරගෙන මෙතුමා ළඟට ගියානම් හරි (නි)
සමහරුන්ගේ කතාවලට හිනාත් යනවා (නි)
බැරි නම් ගියෙ? (හේ)
18 වන සංශෝධනය මඟින් ජනතාවගේ නිදහසට බාධාවක් වුණ බවයි දිමගේ හැඟීම. ජනාධිපතිවරයකුගේ කාලය දෙවරකට සීමාකිරීමත් හොඳ දෙයක්. ඇයි මේ හදිසියෙන් ජනතාවට අනවශ්‍ය මැතිවරණයක්? (නි)
අනේ මන්ද..මහ සෝන දැක්ක වගේ බය වෙලා..සෝභිත හාමාදුරුවන්ටයි රතන හාමදුරුවන්ටයි කියල පිරිත් නුල් හත අටක් බැද ගන්න වේවි..අපි ඕකට කියාන්නේ මහින්ද භීතිකාව කියල..අනේ මේත් පක්ෂ නායකයෙක් නේද? මේ වගේ නායකයෝ මන් හිතන්නේ පොල්පිත්තකින් තුන හතරක් කපා ගන්න පුළුවන්..(බ)
මේ ප්‍රශ්නය තේරුම් ගන්න නීතිවේදිකු වීමට අවශ්‍ය නොවේ. 17 සහ 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තර්කානු කුලව තේරුම් ගන්න කෙනෙකුට අවබෝධ කරගත හැක නමුත් රටේ තත්වය කොහොමද කියලා ඉහත ප්‍රතිචාර වලින් තේරුම් ගත හැක (දිල්)
මටනම් පෙන්නේ ලංකාවේ ජනතාවට මොලය කළදක් නැති කට්ටියක් කියලා.(හේ)
රටේ ආරක්ෂාවට හා ඉදිරිගමනට මහින්ද මයා අවශ්‍යි .වෙන කවුරු අවත් රට අවුලට යනවා නියත යි . අනුරලා ඇවිත් මොනවා කරන්නද ? රනිල් ඇවිත් යලි රට පවා දුන්නොත් බටහිරට? තියන හකුර රැක ගන්නේ. (බ)
මහින්ද මැතිතුමා ගැන ගැන නෙවෙයි මෙතැන් ප්‍රශ්නේ . එතුමාට මුවා වෙලා අනුගේ පානෙන් එළිය බලන ගමන් හතර වටේ ගසා කන උදවිය. (බ)
මුළු චන්ද ගණනින් 95% කට වඩා තියන ප්‍රධාන පක්ෂ සියල්ලම පහේ මෙවැනි බොරු තර්ක මතු නොකරන අතර 5%ත් වඩා අඩු චන්ද ප්‍රතිශතයක් තිබෙන සුළු පක්ෂයක් තමන්ගේ නොහැකියාව වහ ගන්න බොරු සද්දයක් දැම්මට ගණන් ගන්න එපා. වැඩි සද්දේ එන්නේ හිස් දේවල්වලින්නේ.(බ)
එතකොට ඉස්කෝලෙදි වැසිකිළි යන්න ටිචර්ගෙන් අහන්නෙත් ව්‍යවස්තාවට අනුවද? අනේ මෙහෙම මෝඩ ජෙප්පෝ....(බ)
දෙපාරක් ඉල්ලපු එක තුන්වෙනි පාර ඉල්ලන්න සුදුසු කමක් කියල තේරෙන්නේ නැද්ද?(හේ)
ජනතා විමුකිති පෙරමුණ නොතිබෙන්න මේ වෙනකොට රටේ 95% කටම යන එන මන් නැතිව කන්න අදින්න නැතිව හිගා නොකා හිගා කන්නයි සිද්ද වෙන්නේ. (බ)
මමනම් කියන්නේ මොනම කෙනෙකුටවත් අවරුදු 5 කට වඩා රට කන්න ඉඩ දෙන්න හොද නැහැ.(බ)
3 වැනි පාරත් රට කන්න එනවා කියන්නේ මුළු ලංකාවටම සොරි.කොම් තමයි.(බ)
මගේ මතේ නිදි මතේ. උඹේ මතේ වෙරි මතේ. අපි හැමදාම වේදිකා වල ෆයිට් දානවා තමා උගුරේ ලේ රතු වෙනකන්. (බ)
මොනවද මේ කියන කතා (දිල්)
ඇයි මේ කට්ටිය බන්දුල පෙරේරාට බයවෙලා..?(දිල්)
බෑ බෑ ගගා ඉන්නේ නැතුව විපක්ෂයේ අනිකුත් පක්ෂ සමග එකතුවෙලා පොදු අපේක්ෂකයකු හොයාගෙන නිසි වැඩසටහනක් සකස් කරගෙන ඡන්දෙට ලැස්ති වෙන්න (දිල්)
සිංහ හම පොරෝ ගත්තට කමක් නෑ...තප්පුලන්න එපා ... එතකොට ඔක්කොම දෙනගන්නවා... සිංහයෙක් වගේ ඉන්නේ බූරුවෙක් කියලා. සොරි සහෝදරයා ... විප්ලව වාදියෙක් කියන්න ත් ලැජ්ජයී ..ඔහෙලා වගේ නායකයින්ට....(බ)
ජේවීපී එකට කරන්න පුළුවන් එකම දේ තමා කලින් කලට රටේ එඩිතර තරුණ නායකත්වය බිලිදෙන එක. ඊට පස්සේ නායකයෝ හැංගිලා කාලෙකින් එලියට ඇවිත් ආයේ තරුණයෝ බිලි දෙන්න අවස්ථා හොයන එක. වෙන මොනවද මෙයාල කළේ ? (බ)
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තීන්දුව ගැන අපේ අදහස කුමක් වෙතත්, මෙය පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස සැලකීමට නොහැකි බවයි මගේ අදහස. මෙය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අපැහැදිලි වගන්තියක් පිලිබඳව අර්ථ දැක්වීමක් සඳහා ඉල්ලීමක්. අනුර මහත්තයා බොහෝ අවස්ථාවලදී ඉතා වැදගත් දේ කීවත් මෙය නම් ඉතා බාල ප්‍රකාශයක්. (බ)