අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් ළඟ තබා ගන්නා ලදැයි නඩු නොපවරා සිටීම සඳහා ගොවියකුගෙන් රුපියල් 5000/- ක අල්ලසක් ගත්තැයි මහියංගන මහේස්ත්‍රාත් උසාවියේ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ඉඩම් නඩුවක් සඳහා මහියංගන උසාවියට පැමිණි ගොවියකු අත තිබු ජංගම දුරකථනයේ ඇතැයි කියු විත්තිකරු නඩු දැම්මොත් රුපියල් 50000/- ක දඩයක් ගහනවා කියා ගොවියා බියට පත් කොට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගෙන ඇතැයි චෝදනා පත්‍රයේ සදහන් වේ.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ මහියංගන මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණ පොලිස් නිලධාරියා ලෙස කටයුතු කළ බදුල්ල පතනවත්තේ පදිංචි පොලිස් කොස්තාපල් ආර්.ඩී.දයානන්ද නැමැත්තාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. වරෙන්ත්තු නැතුව ජංගම දුරකථන බැලිය නොහැක 2. තමන්ට අසභ්‍ය පින්තුර ළඟ තබා ගත හැක (බ)
කුරුණෑගල ටවුමේ ලොකු බස් එකක් නවත්තලා පාරේ යන අයගේ ෆෝන් චෙක් කරලා බස් ගණන් ගෙනියනවා (බ)