නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා හොරණ බුලත්සිංහල පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් අරඹා පැය තුන හමාරකට පසු මහේස්ත්‍රාත් නියෝගයකින් පාර විවෘත විය.
නියෝජ්‍ය ඇමැති උසාවි නියෝගයට ගරු කරමින් එතැනින් ඉවත්ව ගියේය.
ඉන් පසු පිරිසක් හා පොලිසිය අතර ගැටුමක් ඇතිවිය. ඉන් තුවාල ලැබූ බව කියන දෙදෙනකු රෝහල් ගතවූ බවද වාර්තා විය.
දින තුනක් ඇතුළත පාසලට ගුරුවරයකු ලබාදෙන බව බලධරයෝ නියෝජ්‍ය ඇමැතිට කීහ.
තෙවරප්පෙරුම මහ පාරේ වාඩි වෙයි @ 9.51
අඩිකෝදු හා පැන්සල් සිසුනට ගිල්ලවතියි කියන ගුරුවරයකු හා දේශපාලන පත්වීම් ලැබු බව කියන අධ්‍යක්ෂකවරයකු මාරු කරන ලෙස ඉල්ලා අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මව්පියන් පිරිසක් සමඟ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මහ පාරේ වාඩී වී අද (06) උද්ඝෝෂණයක් ඇරඹුහ.
හොරණ බුලත්සිංහල ප්‍රධාන මාර්ගය දැඩි මාර්ග තදබදයක් ඇති වී ඇතැයි පොලිසිය පවසයි.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
![DSC03592[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035921.png)
![DSC03539[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035391.png)
![DSC03562[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035621-Copy.png)
![DSC03578[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035781.png)
![DSC03586[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035861.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නෙත් විසඳලා දෙන්න. ඔබතුමා විතරයි වැඩ කරන කෙනෙකුට ඉන්නේ. (නි)
මෙහෙම අය පත්කරන ජනතාවට බූවල්ලෙන් තළන්න ඕනෑ (නි)
තෙවරප්පෙරුම වගේ අය අපේ රටට අවශ්‍යයි (නි)
හැමදේටම කොන්ද කෙළින් තියාගෙන ඉදිරිපත්වෙන කෙනෙක් (නි)
අනේ මන්දා මෙයා එතකොට ආණ්ඩු පක්ෂයේ නොවෙයිද. උද්‍ඝෝණය නොකර මේවා විසඳන්න මෙයාට බලයක් නැද්ද? එහෙම නැත්නම් එහෙම විසඳන විදිය මෙයා දන්නේ නැද්ද. (නි)
රටේ නීතියට ගරුකිරීම නම් අපි අගය කරනවා (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් පාරේ ඉඳගෙන මේවා කරන්න ඕනෙද ? (ර)
ගැලරිය පිනවන වැඩ... (ර)
ඇමතිවරුත් උද්ගෝෂණය කරනවානම් අපිට කරන්ට තියෙන්නේ මොනවද? (ර)
ඡන්දෙ දීපු අයයි මේවට වගකියන්න ඕන. (ර)
මිනිස්සු එතුමාව පාර්ලිමේන්තුවට ඇරලා තියෙන්නේ ඔය වාගේ දේවල් වලට නැවත පාරට ඇවිත් ඉඳගන්න නෙමෙයි. මෙතුමා මේ ජනතාවට කියන්නේ පාර්ලිමේන්තු ගියත් තේරුමක් නැහැ කියලද ? (ර)
මෙතුමාට නියෝජ්‍ය ඇමැති කමක් ගැලපෙන්නේ නැහැ, (ම)
ගුරුවරු බදවා ගන්න කලින් මානසික තත්වය අනිවාර්යයෙන්ම පරික්ෂා කළ යුතුයි.(ම)
බඩු මිල කියපු විදිහට අඩු නොකලහම මිනිස්සු වියරු වැටෙනවා. (ම)
අපේ රටේ මොනවද නීත්‍යානුකූල ලෙස කරගන්න පුළුවන්? රටේ අවාසනාවට හෝ ජනතාවගේ අවාසනාවට යමක් විසඳා ගැනීමට ක්‍රියාත්මක කළයුතු ක්‍රමය මේක තමයි. පැත්ත ගියත් ඇත්ත කියන කෙළින් වැඩ කරන එතුමාට ජය වේවා!!! (නි)
පාරේ බුදියගෙන ඉල්ලීම් දිනාගන්න නම් ඇමැතිලා මොකට ද ? අඩුම ගානේ අර දෙමල ,මුස්ලිම් ඇමතිවරුන් දිහා බලා හැදෙනවානම් හොඳයි. (ම)
කඳුළු ගැස් නැද්දෝ ..............(ම)
සිනමාවෙන් දේශපාලනයට, දේශපාලනයෙන් සිනමාවට. රටට විහිලු සපයන්න එපා.(ම)
බොරු සෝබන විතරයි . (ම)
ඕක හැම තැනම කරන්න ගියොත් අගයක් නැති වෙනවා..(ම)
රටකට නීතියක් කියලා දෙයක් තිබෙන්නේ කුමකටද? නීතිය පාවිච්චි නොකර මේ වගේ පාරවල් වල සිටින දේශපාලඥයින්......? අනේ දුප්පත් අපේ රට! (නි)
දේශපාලනය කියන්නේ ජන්දේ ගන්න බොලද වැඩ කරන එක නෙමෙයි,රටේ මිනිසුන්ට යහපතක් වෙන්න සේවයක් කරන එක . (ම)
චන්ඩි රජ වෙලා ගස් බදින වැඩත් එකක් දෙකක් කරන්න (ම)