IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උෟව විකෘතිය හරියයි : මහ ඇමැති සන්ධානයේ චාමර

ඌව මහ ඇමැති ලෙස චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2009 වසරේ සිට ඌව පළාත් සභා මන්ති‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක මහතා 2014 වසරේදී ඌව පළාත් කි‍්‍රඩා, යෞවන කටයුතු, විදුලිබල, පේෂකර්ම, කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

හිටපු ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා චාමර සම්පත් දසනායක මහතාට මහ ඇමැති ධූරය හිමිවිය.

හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැතිවීමට පෙර 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී බහුතර ආසන දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මහ ඇමැති ධූරයට පත්ව සිටියේය. පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂට විරුද්ධව සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඉවත්වීම නිසා වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස තෝරා ගැනුණි. 

නැවත මන්ත්‍රීවරු සන්ධානයට එක්වීමෙන් පසු වැඩි බහුතර සංඛ්‍යාවක් සන්ධානයට හිමි බැවින් මහ ඇමැති ධූරය සන්ධානයේ චාමර සම්පත් දසනායක මහතාට පිරිනැමිණි.

නව මහ ඇමැති ධූරයට පත්වූ චාමර සම්පත් දසනායක මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියේය. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන සන්ධාන පාර්ලිමේන්තු අසුනට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා තේරී පත්වනු ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

 



අදහස් (0)

උෟව විකෘතිය හරියයි : මහ ඇමැති සන්ධානයේ චාමර

නිහාල් Tuesday, 15 September 2015 10:56 AM

එක වෙලාවකට හිතේනවා මේ කරන වැඩ මොන විකාරද කියලා. (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 15 September 2015 09:19 PM

ලංකාවේ අනාගතය ගැන විදේශගත ලාංකික අපිට හරිම දුකයි.මට හිතෙන හැටියට ඡන්දදායකයන්ට වැඩියෙන් දේශපාලඥයෝ ඉන්නවා.අන්තිමේදී අහිංසක දුප්පතුන් ලක් පොළවෙන් සත්ව විද්‍යාවේ කියවෙන පරිදි ස්වභාවික වාරණයට ලක්වේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site