
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම උයන් වත්ත වැවට වැටී අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර උයන්වත්ත වැවේ රාජගම තොටුපොළ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී ඊයේ (4) හමුවූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැත.
උයන් වත්ත වැවේ දිය නෑමට පැමිණි තරුණයන් පිරිසක් විසින් පිරිමි පුද්ගලයකු ගේ ඇඳුම් පැළඳුම් පාවහන් යුගලක් සහ හිස් මත්පැන් බෝතලයක් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිදු කළ විමර්ශන වලදී මෙම මළ සිරුර හමුවී ඇත
මෙම පුද්ගලයා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දියනෑමට ගොස් දියේ ගිලෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි
සිරුර තිබෙන ස්ථානයට හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැමිණ මූලික විමර්ශන සිදු කළේය
පාණදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදු කළේය
මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය හොරණ මූලික රෝහලේ තැන්පත් කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd