ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ඉවත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඔවුන් වෙන ලිපි යවා ඇත.
විශ්‍රාම වයස පසු කළ අධ්‍යාපන ලේකම්වරයකු අමාත්‍යංශයේ තබාගෙන සිටින යහපාලන රජය බුද්ධිමතුන් තනතුරුවලින් ඉවත් කිරීම තරයේ හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතනයේ සියලු ක්‍රියා අනුමත කරමින් ඇමැතිවරයාගේ සෑම ක්‍රියාකාරකමකටම හිස නමමින් සිටිනවා වෙනුවට අඩුපාඩු පෙන්වා දීම නිසා ඔවුන් ඉවත් කරන්නට ඇති බව ද ස්ටාලින් මහතා කීවේය.
මහාචාර්ය ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලක සහ මහාචාර්ය ඩී එස් එපිටවත්ත මහත්වරුන් ද පාලක සභාවෙන් ඉවත් කර ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට එෆ් සී අයිඩී එකට කැඳවයි ද දන්නෑ. (හේ)
අනේ හැබෑටම, වෙනස නම් මාරයි. (නි)
උගතුන් වුණත් මගේ සිතේත් ඔවුන්ට කැමැත්තක් නැහැ (නි)
රටට ඕනෑ කුල්ලක්ද? පෙනේරයක්ද? ඉදලක්ද? කොස්සක්ද? කුල්ල හොඳ දේ රඳවාගෙන නරක දේ ඉවත දමයි. පෙනේරය හොඳ දේ ඉවතදමා නරක දේ රඳවාගනී. ඉදල කුණු ඉවත්කර පිටත පිරිසිදු කරයි. කොස්ස කුණු ඉවත්කර ඇතුළත පිරිසිදු කරයි. තේරීම ඔබට බාරයි (නි)
දැන් කවුද මේ වෙනුවට දාන්නේ මෙතනට? (නි)
මේ රටේ කවදද සුදුස්සාට සුදුසු තැන දුන්නේ? (නි)
මේවා දකින්න තරම් අපි පවුකරලා තිබුනනේ... (නි)
දැන් උත්තරය විදිහට කියයි “ඒ අයව අයින් කළා නොවෙයි. ඒ අයගේ කාලය අවසන්. අලුත් අය පත්කළ යුතුයි මේ තනතුරු වලට“ කියලා (නි)
කිසිම හේතුවක් දක්වා නැහැනේ. අායෙත් පරණ ‘ට්‍රැක් එකේමද‘ යන්න හදන්නේ? (නි)
යහපාලනය කියන වචනය වෙනස්වෙන්නයි එන්නේ (නි)
මේගොල්ලෝ වැඩ කළේ කොහොමද ඒ කාලේ? ඊටපස්සේ ලංකාව එංගලන්තය වගේ වෙයි කියලද හිතුවේ? මහින්ද හිටියා නම් අඩුගානේ රටක් හරි අපිට තියෙනවා. (නි)
හැමදාම දේශපාලකයොයි ඔවුන්ට පන්දම් අල්ලන හෙන්චයියොයි නිසා රටේ හොඳ මිනිසුන්ට තැනක් නැහැ (නි)
මෙහෙම ගියොත් අපේ අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි (නි)
ඒක තමයි අපි කියන්නේ දෙගොල්ලොම එකයි කියලා. ජවිපෙට විතරයි දැන් දීලා බලන්න ඉතුරුවෙලා තියෙන්නේ (නි)
ඇත්ත. විශ්‍රාම ගියා නම් අපි වාගේ පැත්තකට වෙලා ඉන්න ඕනෑ තමයි. (නි)
මට මේ වෙලාවේ මතක් වෙනවා හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා කී කතාවක්. "මට ඉංජිනේරුවෝ ඕනෑ නැහැ , මේසන් බාස්ලයි වඩු බාස්ලයි හිටියහම ඇති" කියලා. අනික ඉතින් මේක ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්වුණ රටක්නේ (නි)
මේවා දකිනකොට අපිට පිස්සු වගෙයි. මොනවද මේ වෙන්නේ? (නි)
මොනවා වුණත් මේ සිද්ධවුණ දේ ගැන නම් අපිටත් කණගාටුයි (නි)
දැන් හොඳයිනේ. සතුටු ඇති සමහරුන්ට නම්... (නි)
ස්ටාලින්ගේ සම්බන්ධය මොකද්ද මේකට? (නි)
තව අය මග එනවා (හේ)
මේ ලැබිලා තියෙන්නේ තෑගී.(හේ)
ඔබට සතුටුයිද දැන්? (නි)
හැම දිනකම මොකක් හරි විහිලු කතාවක් කියනවා . (හේ)
හරිම කනගාටුයි.(හේ)
දිට්ඨ ධම්ම වේදනීය කර්ම පටිසන් දීල. බොරු කියල රටේ ජනතාව රවටල ඡන්දය දම්මවල නුසුදුස්සන්ට රට බාරදුන්නට ඔහොම වෙන්න ඕනේ (බ)
අපි දන්නවනේ (හේ)
මේවට ජනාධිපති වග කියන්න ඕන. එතුමා පත් කරන්න සැහෙන්න වෙහෙසක් ගත්ත දෙන්නෙක් මේ විද්වතුන් දෙදෙනා. එ්කේ වලිගෙ එල්ලිලානේ අධ්‍යාපන ඇමතිලා බලේට අාවේ. මේ දෙන්න අස්කර පත් කරන අය කව්ද කියල රටම බලා ඉන්නේ. (බ)
ඇමති තුමා හිතන්න ඇති ඕන කෙනෙකුට ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ වැඩ කරන්න පුළුවන් කියලා. (හේ)
මෙයාලා නේද යහපලානේ පොරෝගමියෝ .(හේ)
අධ්‍යාපන ලේකම්ට දූෂිත විදුහල්පතිවරු අයින් කරන්න පණ නැති වුනාට මේවාට පණ තියෙනවා. අනේ අනිච්චං (හේ)
අපේ රටට අවශ්‍ය කරන විද්වතුන් දෙදෙනෙක්....මොකද මේ වෙන්න යන්නේ.....(හේ)
ඔය පාලක සභා වලට දේශපාලන හෙන්චයියන් පත් කර ගන්න අනේ. අපේ රටේ විදියට වැඩ තියෙන්න එපාය.(හේ)
අධ්‍යාපන අමාත්‍යංශය නොහැකියාවේ කන්දක්. කවුද හරි කියන්න බැහැ (බ)
උගතුන් මැති ඇමතින්හට වහ කදුරුවගේ.(හේ)
කළ හොද පස්සෙන් එනවෝ.(හේ)
දැන් මේ පුරප්පාඩු වලට පත් කරන්නේ කවුද?(හේ)
රට ඉවරයිද ?(හේ)
මේ මොකද වෙන්නේ.(හේ)
හිටපු අධ්‍යක්ෂකට කලෙත් ඔය ටිකම තමයි.(හේ)
දැන් වෙනස හොදයිද?(හේ)
මේවට තමා හීන මානේ කියන්නේ (හේ)
කෙලින් කතාකරන උගතුන්ව හැමෝටම කරදරයක් වගේ ,(හේ)
උගත් බුද්ධිමත් කියන අයව පෙන්වන්න බැහැනේ.(හේ)
මේ අයට මෙහෙම සලකන එක වැරැදියි.(හේ)
බයවෙන්න එපා හෙට වෙනකොට මෙතුමන්ලා නැවත සේවයේ පිහිටුවයි.(හේ)
දැන් ගෙදර ගිහින් පිනක් දහමක් කර ගත්තොත් නරකද?(හේ)
මේකත් දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්ද?(හේ)
යාළුවන්ට මෙහෙම කරන එක හොඳ නැහැනේ.. (හේ)