IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


උමාරා දැන් ලංකාවේ

2016-07-15-ent-42

උමාරා සිංහවංශ. කාලෙකට පස්සේ ලංකාවට ඇවිත්. මේ සැරේ නම් වැඩි කාලයක් ලංකාවේ ඉන්නවා කියලයි ආරංචි වුණේ. ඒ අතර අලුත් ගීතයකුත් කරලා. මේ හැම දෙයක් ගැනම හදසර අපි හිතුවා උමාරාගෙන්ම අහන්න.

 

ඉතින් උමාරා කොහොමද ජීවිතේ?

2016-07-15-ent-39ජීවිතේ හොඳයි. ගොඩක් සතුටින් ඉන්නවා

 

කවද්ද ලංකාවට ආවේ?

දැන් ටික දවසක් වෙනවා. හැබැයි වැඩිය කවුරුත් දන්නේ නැහැ. දැන් මම ලංකාවේ කියලා.

 

කොච්චර කාලයක් රටින් ඈත්ව හිටියද?

දැන් අවුරුදු 5ක් විතර වෙනවා.

 

කොහෙද හිටියේ?

මම හිටියේ හොංකොංවල.

 

කොහොමද එහේ ගත කළ කාලය?

මම අවුරුදු 10 ඉදන් මේ ක්‍ෂේත්‍රයේ හිටියේ. ඉතින් මටත් ඕනේ වුණා ටිකක් විවේකයක් ගන්න. ඉතින් මගේ විවාහයත් එක්කම මම හොංකොංවලට ගියා.

 

එහෙදී සංගීතයට සම්බන්ධ වුණේ නැද්ද?

සම්බන්ධ වුණා. එහෙදීත් මම එක්තරා band එකක වැඩ කළා. ඒ වගේම සංගීතය ගැන මම ගොඩක් දුරට හැදෑරීමක් කළා ඒ අවුරුදු 5 තුළ. මට දැන් අවුරුදු 3ක පුංචි පුතෙක් ඉන්නවා. ඉතින් පවුල් ජීවිතේ පැත්තෙන් ගත්තත් මම සම්පුර්ණ වුණා ඒ කාලෙදී.

 

දැන් දිගටම ලංකාවේ ඉන්නවද?

මෙහෙමයි අපි ගොඩක් රටවල සංචාරය කරනවා. නමුත් වැඩි කාලයක් ලංකාවේ තමා ඉන්නේ.

 

පුතාට අවුරුදු 3යි කිව්වනේ එයාව පාසල් යවන්න අදහස තියෙන්නේ ලංකාවේද? හොංකොංවලද?

ලංකාවේ තමා දැනට හිතාගෙන ඉන්නේ. ගොඩක් අය මට කිව්වා ලංකාවේ ඉන්න කියලා.

 

මේ සැරේ ආපු ගමන් අලුත් ගීතයක් කළා නේද?

ඔව්. මේ ගීතය ලිව්වේ ධනුෂ්ක ප්‍රනාන්දු. සංගීතය අරුණ ගුණවර්ධන. ඒ වගේම මේක මම ගායනා කරන්නේ චිත්‍රාල් සෝමපාල එක්ක. වෙනස්ම ගීතයක් වේවී. මොකද චිත්‍රාල් කිව්ව ගමන් හිතන්නේ රොක් ගීතයක් කියලා මේක එහෙම ගීතයක් නෙවෙයි. වෙනස්ම ගීතයක්.

 

දැන් කොයි තරම් දුරට ගීතයේ වැඩ ඉවරද?

දැන් Voice කරලා ඉවරයි. Final වැඩ ටික තමා තියෙන්නේ

 

කොහොමද උමාරට මේ ගීතය ලැබුණේ?

මේක මාස ගාණක් තිස්සේ කතා වුණ ගීතයක්. අපි කට්ටිය තැන් තැන්වල හිටියේ. මොකද මම හොංකොං වල, මේක ලිව්ව ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එතකොට චිත්‍රාල් ඉන්නේ ජර්මන්. අරුණ අයියා කොළඹ. මේ සැරේ මම ලංකාවට ආපු නිසා චිත්‍රාල් අයියා ඇවිත් Voice කරලා ආයේ රට ගියා.

 

ගීතයට VIDEO එකක් කරනවද?

ඔව් මේ දවස් වල ඒ ගැන තමා කටයුතු කරන්නේ.

 

උමාරා හිතනවා ද VIDEO එකක් ඕනෙමයි කියලා?

අද ඉතින් අපි ජීවත් වෙන්නේ ඩිජිටල් ලෝකෙක. Internet, laptop, I Pad   නැති කෙනෙක් නැති තරම්. හැබැයි ගීතයේ අර්ථයට හානියක් නොවන ආකාරයට තමා හොඳට හිතලා Visual එකක් කරන්න ඕනේ. එහෙම අර්ථයට ගැළපෙන Visual එකක් තුළින් ගීතයට හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ.

 

කවද්ද ගීතය ප්‍රේක්‍ෂකයින්ට දකින්න අහන්න ලැබෙන්නේ?

ඉතාමත් ඉක්මනින්ම අහන්න ලැබේවී. දැන් සියලු කටයුතු සාර්ථකව කරගෙන යනවා.

 

දැන් උමාරා අලුත් කට්ටිය ගොඩාක් ක්‍ෂේත්‍රයේ ඉන්නවා. මොකද හිතෙන්නේ?

ගොඩාක් සතුටුයි. ගොඩාක් ආඩම්බරයි. මොකද අපේ රටට අවේණික වුණු කට හඬවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම දැන් ඉස්සරට වඩා ක්‍ෂේත්‍රයේ ඉන්න කට්ටිය හොඳට හිතලා බලලා නිර්මාණ කරනවා. ඒක හොඳ දෙයක්.

 

මෑතකාලීන සිනමා පසුබිම් ගායනයට ආරාධනා ලැබුණේ නැද්ද?

මෑතකාලීනව නම් නැහැ. මොකද දැන් මම ලංකාවේ ඉන්නේ කියලා දන්නෙත් කිහිපදෙනෙක් විතරයි. මමත් වැඩිය ලංකාවේ කියලා කිව්වේ නැහැ. මොකද බබාට තාම මේ දේශගුණය හුරු නැහැ. තාම අවුරුදු 3යි නේ. තව ටික දවසක් එයා එක්ක ඉන්න ඕනේ.

 

උමාරාගේ අරමුණක් තියෙනවාද චිත්‍රපට පසුබිම් ගායනයට එන්න?

අනිවාර්යෙන්ම.. මොකද මම වැඩියෙන්ම ප්‍රේක්‍ෂකයින් අතරට ගියේ, ආසයි මං පියාඹන්න. චිත්‍රපටයේ කස්තුරි සුවඳ ගීතය හරහා

 

උමාරා ගේ ඉදිරි බලාපොරොත්තු?

පුතාගේ ඉදිරි අනාගතේ වෙනුවෙන් කැපවීම. මගේ මහත්තයාගේ company එකක් තියෙනවා හොංකොං වල එකේ වැඩ සහ මගේ සංගීත වැඩ කටයුතු හොඳින් කර ගැනීම. ඒ වගේම මම හොංකොංවලදී සංගීත වැඩ කටයුතු කළා Band එක මේ 23 ලංකාවට එනවා අගෝස්තු වෙනකම් ඒ අය ඉන්නවා. තව මගේ පෞද්ගලික Events කිහිපයක් සහ රියලැටි වැඩසටහනක් තියෙනවා කරන්න.

 

කොහොමද උමාරාට මහත්තයගෙන් ලැබෙන සහයෝගය?

අහසටත් වඩා ඉහළින් කිව්වොත් හරි

 

මහත්තයා සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ ද?

කොහෙත්ම සම්බන්ධ නැහැ. එයා මගේ හොඳම දීර්ඝකාලීන යාළුවෙක්. පස්සේ තමා අපි අවුරුද්දක් වගේ කාලයක කතා කරලා තීරණය කරලා විවාහ වුණේ.

 

ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩාක්ම සතුටුයි.

 

 

අනූෂා රණසිංහ / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-07-15-ent-41
2016-07-15-ent-40



අදහස් (0)

උමාරා දැන් ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 283 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 767 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site