සිය අන්යන්යයතාව හෙළි නොකර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක් ආරම්භ කළ සිල්මාතාව දැඩි ලෙස රෝගාතුර වී මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටින්නීය.
යහපාලන රජය පාලන බලය අත්හරින තුරු මෙම උපවාසය කරන බව කියමින් ඇය පසුගිය 22 වැනිදා උපවාසය ආරම්භ කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයගේ උත්සාහයට අපෙන් මල්මිටක්! (නි)
මෙවැනි දේවල් ඕනෑතරම් අපි දැකලා තියනවා, අහලත් තියනවා. ඒත් මොකක්ද ලැබුණේ? (නි)
ලංකා ඉතිහාසය ගැන නොදත් පිරිස් විසින් දෙන අදහස් වලින් පේනවා අපි කොච්චර දුරස්ද අපේ ආගමෙන් සහ රටින් කියා. පුද්ගලික ලාබ ප්‍රයෝජන තකා එදත් අදත් රට මෙන්ම බුදු දහම පාවාදුන්නා. මේ සිල් මාතාවගේ උත්සාහය අගයන අතර දැන්වත් එදා දුටුගැමුණු කුමරුගේ ක්‍රියාකලාපය ගැන හිතන්න. ඔබ ඔබ ගැනම දුක්වෙන දිනය වැඩි අෑතක නොවෙයි (නි)
විකුම් වැනි පුද්ගලයින් මෙලොවටත් එලොවටත් වැඩක් නොමැත (නි)
මේ සිල් මෑණියන්ගේ ඉල්ලීම ගැන සැළකුවොත් ලොකු පිනක්. (නි)
සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වගේ මෙහෙණින් වනසේගේ උපවාසය. අතීතයේ හිටි වීරෝධාර අප මාහිමිපානන්ලාට පින්සිද්ධ වෙන්න බුදු දහම තාමත් ඉතුරුවෙලා තියෙනවා. මොවුන් හිටියා නම් එදත් අහනවා මේ මෝඩ ප්රශ්නය. (නි)
දැන් මේවා ලංකාවට විලාසිතාවක් වෙලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරිහැටි අවබෝධ කරගත්තා නම් මෙහෙම වෙන්න ඕනෑ නැහැ. උපවාස කරලා ආණ්ඩු පත්කරන්න එලවන්න පුඵවන් ක්ර්මයක් තියෙනවාද. (නි)
බුද්ධ ශාසනය බේරාගැනීමට ඔබ කළ කැපවීම වටී! (නි)
ඒකනායක ඔයාගේ වයස කීයද? කාලෙට ගැලපෙන්නේ නැති අදහස් තියෙන්නේ (බ)
වස් වදිනවා ඒකාන්තයි.. (බ)
ධර්මේ අනුව නම් කියන්නේ ඔක්කොම අත හරිනවා කියලයි. ඒ වුනාට ඇතුලතින් ලෝකෙම බදා ගන්න උත්සාහ කරනවා. මොකටද ඔය ආත්ම වංචාව කරමින් ජීවත් වෙන්නේ? අන්තිමේ එලොවත් නැහැ, මෙලොවත් නැහැ. බලාගෙන ගියාම මේ අයගේ ධර්මෙයි, ඒ අයගේ දේශපාලනෙයි අතර මහා ලොකු වෙනසක් නැහැ වගෙයි. (බ)
ඒකනායක මහත්තයෝ, ඔබතුම දුටුගැමුණු චරිතාපදානයට අගෞරව කරන්න එපා මේ වගේ මෝඩ වැඩවලට සම්බන්ධ කරලා. (බ)
ඇය මේ වෙනුවෙන් කළ කැපවීමට ගොඩක් ස්තුතියි. සිංහලේ කියන රටත් බුද්ධාගමත් අපි වැනි දේශමාමකයින් විසින් බේරාගත යුතුමයි (නි)
රොනී මහත්තයෝ, මටත් ඔයාගෙන් අහන්ඩ තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි. පේදුරු මහත්තය දැන්වත් එලියට බහින්ඩ සුදානම්. ඔයා තවම පස්ස ගහනවා. (බ)
මේ පිස්සු මනුෂයෙක්ද කොහෙද, ජීවිතේ කලකිරිලා බාගෙට පිස්සු හැදිලා වගේ. (ම)
දැන් ඉතින් මේ සිද්ධියත් මෙතනින් හැමෝටම අමතකවෙලා යයි (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
දැන් බුද්ධාගමත් මිනිසුන්ට එපාවෙනවා මේ වැඩ වලින් (නි)
ඒ සිල්මාතාවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉතිහාසය තළු මරමින්, වර්තමානයේ ජීවත්වෙමින්, අනාගත දවල් හීන දකින සමහරක්ට මේවා වීර ක්‍රියා වගේ පෙනුනට, අපිට නම් අප්පිරියයි. ගෝත්‍රික දේශපාලනය හා මිත්‍යාව සමාජගත කළ, ඒ බංකොලොත් දේශපාලකයෝ ගෞරවනීය සිවුරත් දේශපාලන මෙවලමක් කරගෙන දැන් ගොඩක් කල්. (නි)
එකලත් දඹදිව රාජ්‍ය පාලකයන්ගේ අයහපත් පාලනයට එරෙහිව ඔය වාගේ වැඩ කරන්න ඇද්ද?
අනන්‍යතාව හෙළිනොකරන්න හේතුව කුමක්ද? (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? දළදා මාළිගාව ළඟ එක කාලෙකට නයිට් රේස් පදිනවා, අඩනිරුවත් රංගන පවත්වනවා, තව සමහරු ගිනි තියාගන්නවා, මාරාන්තික උපවාස කරනවා. උතුම් දළදා මාළිගාව මේවාට යොදාගත යුතුද? හේමමාලයි දන්ත කුමාරයයි අද හිටියා නම් දළදා වහන්සේ අරගෙන දුවයි ඇමසෝන් වනාන්තරයට හරි. එ්කට හරියන්නම ඉන්නවා මේ වගේ දේවල් වලට හුරේ දාන කට්ටියකුත් මෙතන. (නි)
මුළු ලංකාවම එකට එකතුවෙලා පාරට බහින්න කාලය ඇවිල්ලා, අපේ රටේ සම්පත් එක එකාට විකුණන්න ඉස්සර වෙලා. නැත්නම් අපිට ඉතුරු වෙන්නේ හැමදාම වගේ හූල්ල හූල්ලා ඉන්නයි. දැන්වත් ඇස්දෙක අැරපල්ලා මිනිසුනේ. (නි)
අපේ මිනිස්සු මේ බෞද්ධ භික්ෂුන් සහ භික්ෂුණියන්ට කරන අපහාස උපහාස දැක්කම, අපේ රට අන්‍ය ආගමිකයන්ට නතු වුණානම් හොදයි කියල හිතෙනවා. එදා භික්ෂුන් වහන්සේලා රට වෙනුවෙන් පෙරට වැඩියේ නැත්තම් දැන් රටක් නැහැ. ඒවගේම අපේ මිනිස්සු වියට්නාමයේ හිටියනම් එදා වියට්නාමේ භික්ෂුන් කරපු උපවාස හැටියට අපේ අයම ලජ්ජා නැතුව විවේචනය කරයි. (බ)
පේදුරු මහත්තයෝ, ඔබේ ඇස් දෙක පහුගිය ආණ්ඩු කාලේ පියවිලාද තිබුනේ? ඒ කාලේ දේශපාලුවෝ රටේ සම්පත් එක එකාට විකුණනකොට, කොමිස් ගහනකොට, අවනීති කෙරුවාවල් කරනකොට ඔබ හිටියේ කොහෙද? (නි)
ඔවු සෑම් මහත්තයෝ. සමහර අයට තමන්ගේ මිනිහා මොන වරදක් කළත් ඒක හරි. අනිත් පැත්තේ මිනිහ මොනවා කෙරුවත් වැරදියි!වරද කවුරු කළත් වරද හැටියට සැලකීමයි අපේ පිළිවෙත. (බ)
ඩිලාන්ට. ඔබ බය වෙන්න එපා. බුදු දහම දැන් ඉතින් ලේඛන ගතවෙලා තියන නිසා කව දාවත් විනාශ වෙන්නේ නැහැ. අමුතුවෙන් ආරක්ෂා කරන්න වුවමනාවකුත් නැහැ. ලොව පුරා පැතිර තිබෙන නිසා ආරක්සා වෙනවා ස්ථිරයි. (බ)
කාන්තාවන් පැවිදි වනවිට බුද්ධාගමේ නියම හරය වන ලෞකික වුවමනා අතහැර භාවනාව මගින් රහත් භාවය ලබා ගැනීමේ සම්ප්රදාය නැවත ඇතිවීමට තුඩු දේය යන බලාපොරොත්තුව මේ වගේ වැඩ හා ඔවුන්ගේ බොහෝ චර්යා මගින් සුන්වී ඇත. (ම)
අපිටත් මේ ආණ්ඩුව එපාවෙලා තමයි තියෙන්නේ. හැබැයි අපි නම් උපවාස කර කර ඉන්නේ නැහැ. ඊළඟ ඡන්දෙ එනකම් ඉන්නවා (නි)
මේ ආණ්ඩුවට සිල්මෑනිවරු එක නමක් නෙමෙයි 100ක් අපවත් වුනත් කමක් නැහැ වගේ තමා දැනට වැඩ කරගෙන යන්නේ . රටම ඉන්දියාවට විකුණලා ඉවර කරාවි වගේ (බ)
ගිහි ජීවිතය අතහැර සිල් මාතාවක් ලෙස ..ජිවත් වන්නේ ගිහි ජිවිතයේ ඇති කරුණු කාරනා ගැන ..කලකිරී මේ සසර ගමන කෙටි කර ගන්න ..නේද ....එහෙව් එකේ ඇයි මේ උපවාසයක් ...(බ)
සසර කලකිරී සසුන් ගත වුනත්, සිල්පද ගැන නැහැ වැටහෙන්නේ...... සිවුරේ ඇයි නුඹ? , යනු මැන පෙරටම රට පාලනයට කැපවෙමිනේ..(බ)
ආණ්ඩුවක් පත් කරන්නේ ජනතාව.හොද හෝ නරක කෝ. එපානම් ඊළඟ ඡන්දෙ දී වෙනස් කරන්න පුළුවන්. මේ සිල් මෑණියන්ට තියෙන අමාරුව මොකක්ද කියල මට තේරෙන්නේ නැ.අන්ත අසරණ මිනිස්සු කොහොම හරි ජීවත් වෙන්න එදා වෙලා නොකා හරි.සිල් මාතාවට දවස් දෙකක් ඉන්න බැරි හැඩයි.(බ)
සිල් මාතාවන්ට අපහාස කරන්න එපා (බ)
කුමාර, ඊළඟ ඡන්දෙදි වෙනස් කරන්න රටක් ඉතිරි වෙන්න එපායැ. තවදුරටත් අරගල කරලා හරි මේ රජය එලෙව්වේ නැත්නම් ඡන්දයක් තියන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. ප්රශ්නය තියෙන්නේ මේ සත්‍ය වැඩි දෙනාට නොතේරෙන එක. තේරෙන එකාත් නොතේරුනා වගේ ඉන්න එක. ඉදිරියට ඇවිල්ලා අරගල කරන කෙනාටත් අගෞරව නින්දා අපහාස කරන එක. (නි)
හිටපු ඒකාධිපතිය සහ දරුවන් පිස්සු කෙලිද්දී මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස උපවාසයක් ආරම්භ තිබුනනේ?එහෙම කළානම් අද වෙනකොට සිල් මාතාව ජිවතුන් අතරත් නැහැ. (බ)
උපවාසෙන් ආණ්ඩු පෙරළන්න පුළුවන්ද? (බ)
ඔය සිල් මාතාවට අමුතුවෙන් වෙන කවුරුත් අපහාස කරන්න දෙයක් නැහැ. තමුන් විසින්ම අපහාස කරගෙන ඉවරයි. එක් එක්කෙනා උපවාස කරනකොට පවතින ආණ්ඩු ගෙදර යනවා නම් මේ ලෝකේ කිසිම ආණ්ඩුවක් පැය ගණනක් වත් පවතින එකක් නැහැ. රට්ටු හිනස්සවන මෝඩ වැඩ. මම නම් කියන්නේ දේශපාලනය කරන්න ඕනා නම් ඔය සිවුර ගලවලා කරන දෙයක් කරන්න කියලයි. ජාතියට දරුවෙක් දායාද කළ මවක් ඔයිට වඩා මේ රට වෙනුවෙන් සේවයක් කරලා තියනවා.(බ)
ලංකා ඉතිහාසය ගැන නොදත් පිරිස් විසින් දෙන කොමෙන්ට්ස් වලින් පේනවා අපි කොච්චර දුරස්ද අපේ ආගමෙන් සහ රටින්, පුද්ගලික ලබා ප්‍රයෝජන තකා එදත් අදත් රට මෙන්ම බුදු දහම පාවාදුන්නා පරගැතියන් හිටිය ඉන්නවා, මේ සිල් මාතාවගේ උත්සාහය අගයන අතර දැන්වත් එදා දුටු ගැමුණු කුමරුගේ ක්‍රියා කලාපය ගැන හිතන්න නැත්නම් දුටු ගැමුණු චරිත පාදනය කියවන්න ඔබල ඔබල ගැනම දුක් වෙන දිනය වැඩි අෑතක නොවෙයි. (බ)
මොකටද රෝහලට ඇතුල් කළේ? දේශපාලකයෙක් ඇවිත් තැඹිලි වතුර ටිකක් පෙව්වා නම් ඔය උණ නිකම්ම හොඳ වෙයි. (බ)
බළලුන් ලවා කොස් ඇට බාවන්න බැලුමුත් බළලා පැමිණියත් බළල් අත යෙදවූ වඳුරන් පැමිණියේ නැත. තැඹිලි සහ බිස්කට් ද නැත ඔවුන් රේස් පදින්නට වැව රවුමට යන්න ඇත (බ)
ලංකා ඉතිහාසය දන්නා කට්ටියත් බුදුදහම දන්නා කට්ටියත් ලංකාවේ වැරදි වැඩ කරනවා. 2015 අවුරුද්දේ ස්ත්‍රී දුෂණ 1458 ක් වෙලා තිබෙනවා. මේ ඔක්කොම අනිත් ආගම් වල අයද? (නි)
තෙරුවන් සරණයි ,සිංහල බෞද්ධයා ගැන ,රටගැන,වේදනාවටයි මේ මෑණියන් වහන්සේ මේ උපවාසය කළේ. අපි ගිහියන් හැටියට ලජ්ජා විය යුතුයි. එහෙම නැතුව මෑණියන්වහන්සේට මොනවත් ලබාගන්න නෙවෙයි හරිම කනගාටුයි ඉක්මන් සුවය පතනවා. පුහුණු පොතේ කටින් ගහගන්න අය කෝ දැන් හැමෝම කටින් විතරයි..(බ)
ඒකනායක මහත්තයෝ, ලංකා ඉතිහාසයේ කොතනකද මෙබඳු දේ ගැන සඳහන් වන්නේ? ඔබ කියන ඔය දුටුගැමුණු චරිතාපාදනය ඉතිහාසය ලෙස සළකන්නේ ඔබ වැන්නන් පමණක්ම වෙන්න ඇති. රටේ ජනතාවගේ වැඩි මනාපයකින් තෝරාගත් ආණ්ඩුවකට ඉවත් වෙන්න කියා බලකරන්න පුලුවන්ද? (නි)