IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


උපාලි රාජකරුණා - ගාමිණි දිසානායක පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබති

ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරා ලිම්පික් ක‍්‍රීඩා උළෙලේ (ආබාධ සහිත වුවන් සඳහා වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල) රෝදපුටු ටෙනිස් තරගාවලියට ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක සුදුසුකම් ලබා සිටිති. පැරා ලිම්පික් ක‍්‍රීඩා උළෙල එළැඹෙන අගෝස්තු මස 29 වැනිදා සිට සැප්තැම්බර් මස 9 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය. කී‍්‍රඩා උළෙලේ රෝදපුටු ටෙනිස් තරගාවලියේ කේවළ ඉසව්වට (පිරිමි) සහභාගිවීමේ අවස්ථාව ලෝකයේ දක්‍ෂතම ක‍්‍රීඩකයන් 64 දෙනකුට හිමිවේ. ඒ අනුව පරිසාධන මට්ටමට නොපැමිණි රටවලට (වයිල්ඞ් කාඞ්) ලැබෙන අවස්ථා යටතේ උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක මෙවර පැරා ලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇතැයි අන්තර්ජාතික පැරා ලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට ඊයේ (14) නිල වශයෙන් දැනුම් දී තිබේ. රෝදපුටු ටෙනිස් කී‍්‍රඩාවේදී ශී‍්‍ර ලංකාවේ ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම් අතරේ 56 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 70 වැනි ස්ථානයේ පසුවෙයි. රාජකරුණා සහ උපාලිගේ දස්කම් නිසා කොරියාවේ සෝල් නුවරදී පසුගියදා පැවැති ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දිනා ගත්තේය.



අදහස් (0)

උපාලි රාජකරුණා - ගාමිණි දිසානායක පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 49 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2175 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site