ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරා ලිම්පික් ක‍්‍රීඩා උළෙලේ (ආබාධ සහිත වුවන් සඳහා වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල) රෝදපුටු ටෙනිස් තරගාවලියට ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක සුදුසුකම් ලබා සිටිති.
පැරා ලිම්පික් ක‍්‍රීඩා උළෙල එළැඹෙන අගෝස්තු මස 29 වැනිදා සිට සැප්තැම්බර් මස 9 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.
කී‍්‍රඩා උළෙලේ රෝදපුටු ටෙනිස් තරගාවලියේ කේවළ ඉසව්වට (පිරිමි) සහභාගිවීමේ අවස්ථාව ලෝකයේ දක්‍ෂතම ක‍්‍රීඩකයන් 64 දෙනකුට හිමිවේ.
ඒ අනුව පරිසාධන මට්ටමට නොපැමිණි රටවලට (වයිල්ඞ් කාඞ්) ලැබෙන අවස්ථා යටතේ උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක මෙවර පැරා ලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇතැයි අන්තර්ජාතික පැරා ලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට ඊයේ (14) නිල වශයෙන් දැනුම් දී තිබේ.
රෝදපුටු ටෙනිස් කී‍්‍රඩාවේදී ශී‍්‍ර ලංකාවේ ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම් අතරේ 56 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 70 වැනි ස්ථානයේ පසුවෙයි.
රාජකරුණා සහ උපාලිගේ දස්කම් නිසා කොරියාවේ සෝල් නුවරදී පසුගියදා පැවැති ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd