ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජයසූරිය මහතා 1978 වසරේදි නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය. එම වසරේදි මහ කොළඹ ආර්ථික කොමිසමේ පළමු නීති උපදේශක විය.
1982 ශ්‍රී ලංකා ට්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපති වූ ඔහු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිද විය. සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු දැරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපිය හරියට කියෙවුවා නම් ඔහුට සුදුසුකම් තිබෙනවද කියලා දැනගන්න තිබුනා. නිකන් කෑ ගගන්න එපා. ජනාධිපතිතුමා පත්කර තිබෙන්නේ සුදුස්සෙක් (නි)
දැන් සියලු රෝග නිවාරණයි... (නි)
දේශපාලන ගැත්තන් රජයේ ආයතනවලට පත්කිරීම හැම රජයකම ප්‍රතිපත්තිය වෙලාද කියා සිතෙනවා. මෙහෙම රටකට ඉදිරියට යන්න බැහැ. මේ ක්‍රමය කිසිම රජයක් වෙනස් කරන්නේත් නැහැ. ජපානය වගේ රටක හැම ආයතනයකටම පත්කරන්නේ ඒ සම්බන්ධව නිපුණ පුද්ගලයින්. (නි)
මට මතකයි කලින් කිවුවා නේද, එළියට බහින්න බැහැ පස්සෙන් නාඳුනන පුද්ගලයින් එනවා කියලා. දැන් එන්නේ නැතුව ඇති. (නි)
දැන් මොකද්ද අර සභාවක් මඟින් තෝරාගන්නා ක්‍රමය කෝ? (නි)
ඔහොම යමු. කමක් නැහැ. යහපාලනයනේ... (නි)
දැන් අර තර්ජන එහෙම නැද්ද දන්නේ නැහැ (නි)
ලබා ගත් තනතුරුවලට අමතරව තිබූ සුදුසු කම් තමා රැකියාවට මග පෑදුවේ (නදී)
මොහු මේ තනතුරට සුදුසුද නැද්ද මම දන්නේ නැහැ. සුදුසු ඇති. නමුත් සැබෑ සුදුස්සන් නිහඬව සිටිනවා.ඒ මිනිසුනුත් ඡන්දය දෙනවා. නමුත් ඒ ඡන්දයෙන් ඒ අයට වැඩක් වෙන්නේ නැහැ. (නි)
දැන්නම් කාලය ඇවිල්ලා... (නි)
වෙනසක් නෑ නේද....?(හේ)
ඔබට සුභ පැතුම්.(හේ)
යහපාලනය දොරේ ගලනවා. මහින්ද ද්වේශ සහගතව හරි නිවැරදි පිළිවෙත අනුගමනය කරලා ශිරානිව අයින් කළා. ඒත් යහ පාලන නඩය කිසිම පිළිවෙතක් නැතුව මොහාන්ව අයින් කළා (නදී)
නීති තර්ක ඕකටද ? (නදී)
ඔක්කොම එකයි. කඩේ ගියාට පාඩු නැහැනේ (නදී)
නියම දෙන්නා. තර්ජනයෙන් බොරුවෙන් තමයි හැම දෙයම කරන්නේ. (නදී)
දැන් පේනවා නේද මොහු පැතු යහ පාලනය (නදී)
අබේ ටෝකියෝ. මොන පාඩුද ලාබෙ දෝරේ ගලනවා. (නදී)