ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.ආචාර්ය ලක්ෂ්මන් ජයවීරගේ ඉල්ලා අස්වීමෙන් එම පදවිය පුරප්පාඩු විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.ආචාර්ය ලක්ෂ්මන් ජයවීරගේ ඉල්ලා අස්වීමෙන් එම පදවිය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් ජයසූරිය මහත්මයාණෙනි, ආයෝජන කලාපයේ සමහර ආයතන වල විශාල දුෂිත ව්‍යාපාර කරගෙන යනවා. මෙන්න මෙවැනි වංචනික වැඩ ගැනත් හොයන්න.
අපි නම් දැනගෙන හිටිය මෙයා කෑගැහුවේ මේකට තමයි කියලා. (නදී)
ජයවේවා! (නි)
මෙය මේ දේශපාලනයේ අහම්බයක් නොවේ. හරි දේ කළොත් හරි (නි)
රටේ විද්වතුන් රට හැරලා යයි වගේ (නදී)
මීට වඩා දෙයක් දෙන්න තිබ්බේ පවු.(හේ)
අනේ මන්දා. අපිට කියනවා කට්ටිය කඩේ යනවා කියලා. අපි කඩේ ගියානම් මෙතුමා ගියේ සිංගප්පුරු සුපර් මාර්කට්. ගිය තරමට අඩු නැතුව දීල තියෙනවා. (නදී)
මෙහෙමත් රටක් .(හේ)
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
රස්සාවක් ලැබුනාම නං කෙනෙකුට සුභ පතන එක හොඳ දෙයක් තමයි. (හේ)
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රජයේ හෝ සංස්ථා සහ මණ්ඩලවලට ප්‍රධානින් පත් කිරීමේදී මොකද මේ පරිපාලන සේවයේ හෝ විෂයානුබද්ධ උපාධිධාරීන් කොතෙකුත් සිටියදීත් ඔවුන් පත් නොකර තමන් වෙනුවෙන් කැස්ස කට්ටිය පමණක් යොදන්නේ? ගිය ආණ්ඩුව කලෙත් ඒකමයි.(හේ)
වීර පුරන් අප්පුට උපාධි තිබුනේ නැහැ නමුත් රටට ආදර කළා. මෙතුමා රටට ආදරය කරන නීතියට වැඩ කරන බව ඔප්පු කරලා තියනවා. ඔබ මගේ සුබ පැතුම් තුමනි. යහ පාලනය සහතික කරන්න. (හේ)
මෙතුමා ඉතාම දක්ෂයෙක්. මේ පත්කිරීම ඉතාම සාධාරණයි. බලය තිබෙනවිට මෙවැනි නිවැරදි කටයුතු කිරීම සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මම අගය කරමි. නිතරම ගරු ජනාධිපතිතුමාට සහාය පළකරමින් ඔබතුමා වෙනුවෙන් සුමන සමන් දෙවියන්ගෙන් පිහිට ඉල්ලා සිටිමි. (නි)
යහපාලනය යනු මෙයද? (නි)
මෙයාලා කෑගැහුවේ ඕකට තමා මෙච්චරකල්. අපි නොදන්නා ලයිවු කිවුවලු. (නි)
දර දිය ඇද්ද අය නෑ නේද?(දිල්)
ඕකටනේ මෙච්චර දවසක් කෑගැහුවේ නේද ? (නදී)
කඩේ ගිය අයට වඩා සුදුස්සාට සුදුසු තැන ලැබිලා තැන ලැබිලා (නදී)
ඔබට ජයවේවා (නදී)
මහන්සි වුණ තරමට මොනවා හරි ලැබෙන්නත් ඕන නේ.(හේ)
සිසිර ඔබ 100% හරි. සියලු දෙනා එතුමා වටේ එකතු වෙලා තියෙන්නේ රටට ආදරේට නොවේ .තමන්ගේ අරමුණ ඉටුකරගන්න ..(හේ)
මෙම තනතුරු කියපු විදිහට නම් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුට නේ ද ලැබිය යුත්තේ. (හේ)
ඕකටනේ මෙච්චර කාලයක් කෑ ගැහුවේ (නදී)
මේකට නියම සුදුස්ස හැටියට යෝජනා කරන්න කැමතියි සිසිර, විමුක්ති, සමන්ත, නදීක සහ පිරිස. (නදී)
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනෙ. කෑගැහුවගේ ප්‍රතිපල තමයි ඔය. (නදී)
පහුගිය කාලේ ඔතන වංචා කරපු උදවිය තවම නිදහසේ ඉන්නවා (නදී)
මං කරපු ගොං කම. අපේ අප්පච්චි පන යනකං කිවුවා උපාධි සහතික පෙට්ටියේ ඔබාගෙන ඉන්නේ නැතුව වෙනසක් ඇතිකරගනිං කියලා. කෝ මං ඒවාට කන් දුන්නේ නැහැනේ. මමත් දන්නා විජ්ජා පෙන්නුවානං මටත් හොඳ කලක් යවාගන්ට තිබ්බා. (නදී)
මෙතුමා ඡන්දෙට සැහෙන්න මහන්සි වුනා. (හේ)
අපරාදේ ..මම හිතුවේ අගවිනිසුරු කමට පත් කරයි කියලා.එතුමා තරම් එකට වෙන සුදුස්සෙක් නැහැ..(හේ)
මීට වැඩිය තනතුරක් දෙන්න තිබුණා නේද ..(දිල්)
අපි හිතුවේ අග විනිසුරු තැනටවත් පත් කරයි කියලා (දිල්)
වෙනසක් පතා ඡන්දය දුන්න සැමට දැන් දැන් කලකිරීමක් පමණයි ලැබෙන්නේ වගේ (දිල්)
මෙයා දඟලන කොට අපි දැන ගත්තා නීතියේ ආදිපත්‍ය අතටම අරගෙන තමයි මේ අය තනතුරු ගන්නෙයි , තනතුරුවලින් ඉවත් කරන්නෙයි. අපුරු යහ පාලන නඩේ සහ කඩේ. මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා. (නදී)
නියම ආදර්ශ පාටය. උපාධි සහතික නැතුවාට කමක් නෑ පොඩ්ඩක් දැඟලුවා නම් තනතුරු ඉබේම අත ළඟටම එ්වි. හොඳ හොඳ සෙල්ලම් දවස් සියයට. (නදී)
ෂෝක් නේද යහ පාලනය. අපරාදේ මටත් තිබුනේ කඩේ යන්න. එහෙනම් දැන් මමත් සබාපති කෙනෙක්නෙ (නදී)
කලමනාකරණය ගැන පැහැදීමක් තියෙනවද ? (නදී)
දැන් මර බිය නතුව යනවා ඇති. ඉස්සර කිවුවේ එලිය බැස්ස හැටියේ නාදුනන පුද්ගලයින් පස්සෙන් එලවනවා කියලා. කොහොමත් බොරු කියන්න දන්නේ නැති රස්සාව කරන අයනේ. (නදී)
මෙයා කිව්වා නේද නීතිංඥ සංගමය දේශපාලනයට නැහැ කියලා. ප්‍රේමදාස කාලේ ට්‍රැක්ටර් සංස්ථාවේ සභාපති වෙලා හිටියා නේද ? (නදී)
උපුල් ජයසුරිය මහත්තයට කළමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ මහත්තය කලකට පෙර නමගිය සමාගම් වල කලමනාකර අධ්‍යක්ෂක දුරයක් දරපු මහත්තයෙක්. සේවකයන්ගේ හිත දිනාගෙන ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. අපේ සුබපැතුම් (නදී)
ආයෝජන මණ්ඩලයට පත්කරන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ම නොවෙයි. පසුගිය කාලයේ නම් කවුරුවත් කතාකළේ නැහැ නේද? (නි)
බලමුකෝ වැඩකටයුතු වල ස්වභාවය... (නි)
මෙයා කඩේ ගියපු එකට පාඩු නැහැ වගේ. ලංකාවේ කවදාවත් මේ ක්‍රමේ වෙනස් වෙන්නෙත් නැහැ වෙනස් කරන්නත් බැහැ. හැමෝම දගලන්නේ රටට ආදරේට නෙමේ තමන්ගෙ පැවැත්මට. (නදී)