
(අංජුල මහික වීරරත්න)
උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සහනය කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ඇහැලියගොඩ නව වෙළෙඳපොළ අසල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන විදිහට රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනේ. ඉතින් මොකටද පඹයෙකුට පඩි ගෙවන්නේ...?
ආන්න ඒ බය තියෙන්න ඕනේ....උඹලට ඕක කලින් කරන්න මොලයක් ආවේ නෑනේද?
අමූලික බොරු. ඡන්ද ගන්න කියන බොරුවක් මේක..!
අම්මට සිරි, මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ ක්‍රියාත්මක වෙලාත් ඉවරයි නේද?
මෙයා ඉස්සෙල්ලා කිව්වා නේද කොන්දේසි කිසිවක් සංශෝධනය කළ නොහැකියි කියලා. එහෙනම් කොහොමද අඩුකළේ?
මාලිමාවේ ප්‍රතිපත්ති තියෙන ඒවා මෙයත් දැන් කොපිකරනවා...
ඕක මාලිමාව කියලා තියෙන්නේ... රාජ්‍ය සේවකයින්ගේ ඡන්ද ඔයාට ලැබෙන එකක් නැහැ.
මේ මනුස්සයා ඡන්දෙ ළං වෙනකොට තව මොන මොනවා දේවිද දන්නේ නෑ.
Payee tax බදු නිදහස් සීමාව රු 100000 දක්වා අඩුකරලා බදු අනුපාතයත් ඉහළ දමා අපව අමාරුවේ දැම්ම රනිල් දැන්මේ ඡන්දයක් බලාගෙන බදු සහන දෙන්න යනවා කියන්නේ අපිව රැවටීමට ගොතන ලද බොරුවක්...
තනිකරම ඡන්ද ගුණ්ඩුවක්...
එකම දවසේ නුගේගොඩ රැලියකදී කිව්ව දේ නම් තේරුම් ගන්න පුළුවන් වුණා... ඒත් ඇහැලියගොඩදී කිව්වේ මොනවද කියලා තමයි තේරුම්ගන්න අමාරු වුනේ...
සංශෝදනය කරනව කියල විතරයි කිව්වේ කොම්ලෝ......,! මූ ඒක වැඩිකරන්න හිතං ඉන්නව වෙන්න බැරි නෑ පුතෝ...!
මෙතෙක්කල් උපයන විට ගෙවනලද බදු මුදල නැවතත් සේවකයින්ට ගෙවන්න.
බොරු කියලා ජනතාව අන්දවන්ඩ හදනවා..මේකත්,අර බ්‍රෙස්ලට් දෙනවා කිව්වා වගේ කතාවක් වෙන්ඩැ ? තමුන් කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
කලින් ජනතාව මේ බද්ද අඩු කරන්න කිව්වහම උද්දච්ච්ච ගල් ඉබි කට්ටක් වගේ සත පහකට වත් මායිම් කලේ නැහැ. කිව්වොත් කිව්වේ නෑ නෑ ඒවා කරන්න බැහැ කියලා. මිනිස්සුන්ගේ අපහසුතා ගැන තඹ දොයිතුවක වත් හැඟීමක් නැති විදියටයි වැඩ කලේ හැබැයි තමන්ගේ උවමනාවන් නම් අත දිග හැරලා කර ගත්තා. අනුර කුමාර මේක අඩුකරනවා කියල කිව්වහම එහෙම කොහොමද කරන්නේ කිය කියා රැස්වීම වලත් කිව්වා. දැන් මිනිසුන් ඒ පැත්තට හැරේවි කියලා බයට රත්වෙලා මේ හිටිගමන් මේ කතාව කියන්න ගත්තා.