IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උපන්දා සිට ඉතාලි පුරවැසිකම ඉල්ලයි

ඉතාලියේ ජීවත්වන විදේශිකයන්ට දාව ඉතාලියේ දී උපදින දරුවන්ට උපන්දා සිට පුරවැසි කම දිය යුතු බවත් ඉතාලියේ උගෙන ගන්නා විදේශ සිසුනට වසර පහක් ඉක්මවූ පසු පුරවැසිකම ඉල්ලූම් කළ හැකිවන සේ පවතින නීති වෙනස් කළ යුතු බවත් ඉතාලි සිවිල් සංවිධාන රැසක් රජයෙන් ඉල්ලයි. එවැනි සංවිධාන 60ක් එකතුව වෙරෝනා නුවර ස්තිමාතේ සම්මන්ත‍්‍රණ ශාලාවේ ජනහමුවක් පැවැත්විය. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දන් පියේත්රෝ දල් මෝරෝ හා රෝමයේ දකුණු අපි‍්‍රකා තානාපති කාර්යාලයේ විශේෂ නියෝජිතයෝ පිරිසක්ද සහභාගි වූහ. මෙම ජනහමුවට සහභාගි විම සඳහා පැමිණි පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් අතර වෙරෝනා නුවර උගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවෝද වූහ. ඉතාලියේදී උපදින විදේශීය දරු දැරියනට වසර 18 ක් ඉක්ම වූ පසුව නොව උපන්දා සිට පුරවැසි කම හිමි වන සේ පවතින නීති සකසන්නැයි පොර්ජෝ නාපොලිතානෝ පසුගිය දා නවරජයට උපදෙස් දුන්නේය.



අදහස් (0)

උපන්දා සිට ඉතාලි පුරවැසිකම ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site