උපන් හැටියේ බිළිඳියක රෙදිවලින් ඔතා ලාච්චුවේ දමා මියයෑමට සැලැස්වීයැයි සැකපිට 23 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලිසිය කියයි.

අවිවාහක කතක වන ඇය නිවසේදී දරුවා ප්‍රසූත කර ඇති බවත්, ඉන් පසු රෙදිවලින් ඔතා ලාච්චුවේ දමා ඇති බවත් පොලිසිය පවසයි.

රුධිර වහනය නිසා ඇය රෝහල් ගත කළ පසු වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ දරු ප්‍රසූතිය ගැන කියා ඇති බව ද, බිළිඳියගේ සිරුර සොයා ගත්තේ ඉන් පසුව බව ද පොලිසිය සඳහන් කරයි.