සමූපාකාර ආයතනයක නායකයකුගේ උපන් දින සාදයක් වෙනුවෙන් බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වෙන උපන්දින සාදයක් සඳහා එම දිස්ත්‍රික්කයේ සේවකයන්ගෙන් රුපියල් 1500 බැගින් එකතු කරතියි එහි ආරංචි මාර්ග කියයි.
බදාදා (19)ට යෙදී ඇති එම උපන් දිනට වෙනුවෙන් රුපියල් 1500ක් ලබා දෙන්නැයි දිස්ත්‍රික් නායකයා අනිවාර්ය කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ආයතනයේ සේවක සේවිකාවෝ 100ක් පමණ සිටිති. නායකයාගේ උපන් දින සාදය වෙනුවෙන් රුපියල් 1500ක් එකතු කළ ද ඔවුන්ගේ මාසික වැටුප රුපියල් විසි දහසකටත් අඩුයැයි සේවකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටවැඩිය හොඳයි කොලයක් එළාගෙන පාරේ වාඩිවුණා නම්. (නි)
දනකට පිනකට යෙදෙව්වා නම් තව කමක් නැහැ කියන්න තිබ්බා.අනික මේවා අද කාලෙට උචිත නැති වැඩ.(හේ)
බය නැතුව ආයතනයේ නම දුන්නේ නැත්තේ ඇයි.? මේවා මහජනතාව දැන ගන්න තරමට තමයි අකටයුතුකම් සම්බන්ධයෙන් තමන්ට සහනයක් ලැබෙන්නේ. (ර)
මේ වගේ අයගේ උපන් දින නොවෙයි සමරන්න ඕනෑ...... (නි)
උපන් දිනේ සමරන්න වාසනාව ලැබේවා (දිල්)
ඊළගට ඒ තනතුර ගන්න දගලන කුලුමිමෙක් වෙන්න ඇති. මොකද නම ගහ ගන්න එපා යැ (අ)
ලොක්කකුගේ උපන් දින සාදයකට රුපියල් 1500 ක් එකතු කිරීම පොඩි සුළු සේවකයන්ගෙන් ඉතාම වැරදී ක්‍රියාවක් , ඔයිට වඩා හොඳා උපන් දින සාදයට සුළු සේවකයන් කැඳවා , ලොක්කා ගානේ කන්න බොන්න දුන්නනම් (අ)
ප්‍රවෘත්තිය ඇත්ත නම් ආයතනයේ නම දාන්නේ නැත්තේ අැයි?(අ)
මෙයාලටට පිස්සුද ? මේ අහිංසකයන්ව මේ තරමට සුරාකන්න . දේස පාලන පත්වීම් දුන්නහම මහ අයගේ උන මෙයාලට වැලඳෙනවා. භානු කිව්වා වගේ අපිටත් දෙන්නකෝ ඔය උත්තරීතර ආයතනයේ නම ගම. මේක නම් නියම හිඟා කෑමක් තමයි. (අ)
අනේ මෙහෙමත් වැඩ! අපේ රට ගැන ලැජ්ජයි (නි)
දැන් ඔය සල්ලිදෙන කට්ටිය සියල්ලන්ටම සාදයට යන්න පුළුවන්ද? (නි)
මේව ඉතින් ඉහලින් එන පූර්වාදර්ශ. (ර)
මේකේ පළවුණු කොමන්ට්ස් ටිකත් එක්කම මේක ඒ නිලධාරියටම ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් ඉතාමත් අගෙයි.(අ)
රටේ ලොකු කෙනෙක්ගේ උපන් දින සමරුමටත් තෝරන් සැරසිලි, දාන මාන,උත්සව ගන්නේ එයාගේ පුද්ගලික හෝ අම්ම අප්පාගේ මුදලින්ද ? නැහැ නේද ? මේ රටේ පොදු දුපත් ජනතාවගේ බදු මුදලින් ලොකුම කොටස වෙන්කරගෙන තමාගේ වගේ කරන ආදර්ශය දෙන විට යටින් ඉන්න කුඩා නගර පාළුවත් ඒ ක්‍රමය අත්හදා බලා ලොකු වුණාම ලොකුවට ජනතවගේ බදු මුදල් කාබාසින කරන ක්‍රමයට හුරුවෙන්න ඉගන්න ගන්නවා ඇති. මෙවන් අයව සොය සොයා පත්කරන ජනතාවට ජයවේවා !(අ)
ලොකු තැන්වලට අපේ සල්ලි වලින් උපන්දිනේට පෝස්ටර් ගහන්න කෝටි ගණන් වියදම් කරන්න හොද නම් ඔය මනුස්සය ඕක කලාට මොකද? ඉහලින් ලැබෙන ආදර්ශ තමයි මෙයාලත් ගන්නේ .(අ)
හෙණගහන්න ඕන සමරන දිනේම..දේසපාලන බලයනේ ඔය පෙන්වන්නේ..(අ“)
මේ වගේ වැඩ නවත්තන්න.(හේ)
හොඳ පාඩමක් උගන්වන්නයි තියෙන්නේ (නි)