IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘උපාධිධාරියාගේ සුදුසුකම් ඉහළයි‘

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පනවා ඇති ඇතැම් තහංචි ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

සේවය සඳහා පිරිමින් බඳවාගැනීමේ දී ඇති 5% සීමාව, සලකා බලන උස ප‍්‍රමාණය ආදිය උපාධිධාරීන් බඳවා ගැනීමේ දී සැලකීම සුදුසු නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

උපාධිධාරියා යනු ඉහළම සුදුසුකම් ඇති අයෙක් නිසා තවත් සුදුසුකම් සැලකීම අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවයට නවක නිලධාරීන් 631 ක් බඳවා ගැනීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ අද (9) පැවති උත්සවයක් අමතමිනි.

Nurse_201510905 Nurse_201510905-2 Nurse_201510905-3 Nurse_201510905-4



අදහස් (0)

‘උපාධිධාරියාගේ සුදුසුකම් ඉහළයි‘

විතාන Saturday, 10 October 2015 02:56 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

ඉන්දික Saturday, 10 October 2015 05:28 AM

සෞක්‍ය සේවයේ මේ පත්වීම් දීලා ටික දවසකට පස්සේ කියයි අපි උපධිදාරියෝ ඉල්ලයි වැඩි පඩි. (ර)

:       0       0

දුමින්ද Saturday, 10 October 2015 07:15 AM

උසස්ස්ම සුදුසු කම උපාධියද.? (ර)

:       0       0

මැටිපහන Friday, 09 October 2015 03:21 PM

හොඳ යෝජනාවක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 10 October 2015 11:18 AM

උගතෙක් කම්කරු ජොබ් එකකට ගියත් ඔහුට ගැලපෙන උසස්වීමක් අනාගතේදී ලැබෙනවා. (ර)

:       0       0

විරාජ් Friday, 09 October 2015 09:16 AM

උපාධිධාරියාගේ වටිනාකම දන්නේ තවත් උපාධිධාරියකු පමණි... ජය වේවා. (බ)

:       0       0

අමිත Friday, 09 October 2015 09:17 AM

කොයි අර හෙද සංගමයේ සභාපති තුමා රත්න(අ)ප්‍රිය පේන්ඩ නෑනේ (බ)

:       0       0

රුවන් Sunday, 11 October 2015 02:40 AM

උගත්කම විතරක් නෙමෙයි මහන්සිවෙලා වැඩ කරන්න කැමැත්තත්, රැකියාවට අත්‍යවශ්‍ය කුසලතාත් අද කාලයේ ඕනෑමයි. සමහර උපාධිධාරින්ට ඕනෑ නිකන් පුටු රත් කරලා පඩි වැඩිවීම් උසස්වීම් ගන්න. වැඩක් කිව්වොත් උසස්පෙළ යන්තන් සමත් කෙනෙකු තරම්වත් ඒ වැඩේ කරගන්න බැහැ. දැනුම පොතට පමණයි. ප්‍රායෝගික නැහැ. රැකියාව සම්බන්ධ ආකල්ප හරිම උද්දච්චයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site