හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පනවා ඇති ඇතැම් තහංචි ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
සේවය සඳහා පිරිමින් බඳවාගැනීමේ දී ඇති 5% සීමාව, සලකා බලන උස ප‍්‍රමාණය ආදිය උපාධිධාරීන් බඳවා ගැනීමේ දී සැලකීම සුදුසු නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
උපාධිධාරියා යනු ඉහළම සුදුසුකම් ඇති අයෙක් නිසා තවත් සුදුසුකම් සැලකීම අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවයට නවක නිලධාරීන් 631 ක් බඳවා ගැනීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ අද (9) පැවති උත්සවයක් අමතමිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝෂයි (නි)
සෞක්‍ය සේවයේ මේ පත්වීම් දීලා ටික දවසකට පස්සේ කියයි අපි උපධිදාරියෝ ඉල්ලයි වැඩි පඩි. (ර)
උසස්ස්ම සුදුසු කම උපාධියද.? (ර)
හොඳ යෝජනාවක්. (නි)
උගතෙක් කම්කරු ජොබ් එකකට ගියත් ඔහුට ගැලපෙන උසස්වීමක් අනාගතේදී ලැබෙනවා. (ර)
උපාධිධාරියාගේ වටිනාකම දන්නේ තවත් උපාධිධාරියකු පමණි... ජය වේවා. (බ)
කොයි අර හෙද සංගමයේ සභාපති තුමා රත්න(අ)ප්‍රිය පේන්ඩ නෑනේ (බ)
උගත්කම විතරක් නෙමෙයි මහන්සිවෙලා වැඩ කරන්න කැමැත්තත්, රැකියාවට අත්‍යවශ්‍ය කුසලතාත් අද කාලයේ ඕනෑමයි. සමහර උපාධිධාරින්ට ඕනෑ නිකන් පුටු රත් කරලා පඩි වැඩිවීම් උසස්වීම් ගන්න. වැඩක් කිව්වොත් උසස්පෙළ යන්තන් සමත් කෙනෙකු තරම්වත් ඒ වැඩේ කරගන්න බැහැ. දැනුම පොතට පමණයි. ප්‍රායෝගික නැහැ. රැකියාව සම්බන්ධ ආකල්ප හරිම උද්දච්චයි. (නි)