හෝමාගම ගලවිලවත්ත, මායා මාවත අසල කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටි තරුණියක (28) ලොරියකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
බුලත්කොහුපිටිය පදිංචිව සිටි ඇය උපාධිධාරිනියක් වන අතර පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිට ඇත. හෝමාගම ප්‍රදේශයේ නැවතී සිටි තරුණිය අද පෙරවරුවේ රැකියාවට යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි කියති.
අනතුරට ලක්වූ තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
ලොරි රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාව වැනි රටවල කහ ඉර තිබෙන ප්‍රදෙස මදක් උසට සකස්කර හොඳින් තීන්ත ආලේපකර තිබෙනවා. කහ ඉර රියදුරන්ට ඈතට පෙනෙනවා. මෙහෙත් එහෙම තිබෙනවානම් වඩා හොඳයි. නමුත් කහ ඉර නොපෙනුනා කියා රියදුරන්ට අයිතියක් නැහැ කෙනෙකුට අනතුරක් වෙන විදිහට රිය පදවන්න. මමත් රිය පදවනවා. (ර)
රියදුරන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි අකාලේ මිය යාම් කියක් නම් සිදුවෙනවද. (බ)
සොයුරිය, ඔබට නිවන් සුව! (නි)
2016 මුල් මාස එකහමාරට දැන් කීදෙනෙක්ද.? (ර)
කහ ඉරි තියන තැන මාර්ගයෙන් උස්සා හැදීමෙන් වේගය ඉබේම පාලනය වෙනවා. මේ රටවල් වල කහ ඉර වේග පාලනයට ගොඩක් දේවල් කරනවා. ලංකාවේ වෙන තැනකින් පාර පැනීම ආරක්ෂිතය කහ ඉරෙන් පාර මාරු වෙනවට වඩා. (ර)
කහ ඉර තරම් භයානක තැනක් තවත් නැති තරම්. (නි)