හෝමාගම ගලවිලවත්ත, මායා මාවත අසල කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටි තරුණියක (28) ලොරියකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
බුලත්කොහුපිටිය පදිංචිව සිටි ඇය උපාධිධාරිනියක් වන අතර පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිට ඇත. හෝමාගම ප්‍රදේශයේ නැවතී සිටි තරුණිය අද පෙරවරුවේ රැකියාවට යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි කියති.
අනතුරට ලක්වූ තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
ලොරි රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාධිධාරිනිය කහ ඉර මතදී ලොරියට බිලි
ඩිබි Wednesday, 17 February 2016 11:38 AM
ඔස්ට්‍රේලියාව වැනි රටවල කහ ඉර තිබෙන ප්‍රදෙස මදක් උසට සකස්කර හොඳින් තීන්ත ආලේපකර තිබෙනවා. කහ ඉර රියදුරන්ට ඈතට පෙනෙනවා. මෙහෙත් එහෙම තිබෙනවානම් වඩා හොඳයි. නමුත් කහ ඉර නොපෙනුනා කියා රියදුරන්ට අයිතියක් නැහැ කෙනෙකුට අනතුරක් වෙන විදිහට රිය පදවන්න. මමත් රිය පදවනවා. (ර)
රොෂේන් - රියාද් Wednesday, 17 February 2016 05:48 AM
රියදුරන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි අකාලේ මිය යාම් කියක් නම් සිදුවෙනවද. (බ)
රණසිංහ Wednesday, 17 February 2016 01:51 PM
සොයුරිය, ඔබට නිවන් සුව! (නි)
ලහිරු Wednesday, 17 February 2016 06:54 AM
2016 මුල් මාස එකහමාරට දැන් කීදෙනෙක්ද.? (ර)
දුමින්ද-ඩුබායි Wednesday, 17 February 2016 07:36 AM
කහ ඉරි තියන තැන මාර්ගයෙන් උස්සා හැදීමෙන් වේගය ඉබේම පාලනය වෙනවා. මේ රටවල් වල කහ ඉර වේග පාලනයට ගොඩක් දේවල් කරනවා. ලංකාවේ වෙන තැනකින් පාර පැනීම ආරක්ෂිතය කහ ඉරෙන් පාර මාරු වෙනවට වඩා. (ර)
ගාමිණී කුවේට් Wednesday, 17 February 2016 10:40 AM
කහ ඉර තරම් භයානක තැනක් තවත් නැති තරම්. (නි)