මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගෙවල් බිඳුම් සහ සොරකම්වලට සම්බන්ධ බව කියන පුද්ගලයකු හය මාසයකට පසු රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රීයේ මව සමග නිදා සිටි බවත්, නිවසේ බඩු සොරකම් කිරීමට ඇතුළු වූ බව කියන සැකකරු හඳ එළියෙන් තරුණිය දැක ඇති බවත්, හිසට පහරදී නිවසින් එළියට ඇදගෙන විත් ඇය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු අඟහරුවාදා (11) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යාන්තම් මරපු එකාව හොයාගත්තා. එදා ඒ පුවත කියෙව්වට පස්සේ ඒ ගැන වගේ වගක් තිබ්බේ නැහැ මේ වනතුරු. පොලිසියේ මහත්තුරුන්ට අපේ උත්තමාචාරය මේ ගැන හොයා බලනවට. (නදී)
මේ අල්ල ගත්තේ හරිම සැකකාරයාද?නැත්තම් වෙන අහිංසක මනුස්සයෙක්ද?(හේ)
මේ කතාව අත්භූත කතාවක්.(හේ)
එල්ලුම් ගහ දළු දාල මල් පිපෙන්න ලගයි.(හේ)
එල්ලුම් ගහ දළු දමලා මල් පිපෙන්න ළඟයි (අ)
චමිලා, මොකද හසිත් ලියපුදේම කොපිකරලා? (නි)
මේක නම් අහස පොළොව නුහුලන අපරාධයක් (නි)
අදහන්න අමාරු කතාවක් . ගෙදර අනිත් මිනිස්සු නිදි පෙති බිලා ඉදලද ?(හේ)
කතාව ඔතනින් ඉවර නැහැනේ බලමු ඊළඟට වෙන්නේ මොකද කියල. (නදී)
චන්ද්‍රා මේකට අදහසක් ලියන්න නඩුකාර ඇසක් ඕන නැහැ. ඕන කෙනෙකුට පේනවා මෙතන එකිනෙකට පරස්පර සිදුවීම් ගණනාවක් තිබිල බව. ඔබ මේ කතාව මුල සිට පුවත් පත් වල කියවල නැතිව ඇති. එහෙම නම් ඔබටත් එය වැටහේවි. (නදී)
ඇත්තටම මේ මරණය ලොකු අභිරහසක්.මෙයා අල්ලලා තියෙන්නේ සැක පිට පමණයි. ඉවසලා ඉමු. (හේ)
මට නම් හිතෙන්නේ මෙහි පිටුපස සැඟවුණ යමක් ඇති කියලයි (නි)
කවුද අනේ රවට්ටන්න හදන්නේ.(හේ)
මේ කතාවේ අභිරහසක් තියෙනවා.(හේ)
නොවිසඳුන අපරාධ නිමවෙන ආකාරය ගැන නම් අපිට සෑහීමකට පත්වෙන්න අමාරුයි (නි)
මේ මිනිමැරුමත් ගැට ගැසුණ නූල් බෝලයක් වගේ.(හේ)
තේරුම් ගන්න බැරි කතාවක් මේක.(හේ)
ටිකක් කතාව අවුල් වගේ නේද? (හේ)
මේ කතාවේ ඇත්ත කතාව ළගදිම හෙලි වෙයි.(හේ)
තාම පොලිස් පරික්ෂණ සිදු කෙරෙන ගමන්නේ.මිනි මැරුමක් කරලා හැංගිලා ඉන්න බෑ.(හේ)
දූෂණයක් වෙලා තිබුණා නම් පරීක්ෂණයක් කරලා මෙයා හරිම කෙනාද කියලා කියන්න පුළුවන් නේද? (නි)
කන්ගැට්ට ඇල්ලුවා වගේද? (අ)
අපරාදේ එල්ලුම් ගහෙන් කව්රුවත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මාව රටේ ජනාධිපති කරනවා නම් මේ පාටකයෝ ටිකවත් එකතුවෙලා මම එහෙනම් වැඩ බාරගන්න පෙර එල්ලුම් ගහට කහ වතුර ටිකක් දමලා හෝදලා නැකතට මිනී මරුවෝ 500ක් එක වර එල්ලනවා. සතියට 500ක් ගානේ එල්ලුවානම් අපේ රට තමයි ආසියාවේ ආස්චර්ය. සදාචාර මිනිසුන් වාසය කරන, මිනිස් ජීවිතවලට ගරුකරන මිනිසුන් ඉන්න එකම රට (නදී)
මේ කතාව සිරස මාධ්‍ය ජාලයෙන් පෙන්නුවා මම මගේ බිරිඳ නම් සැක කරන්නේ අැගේ කෙනෙක්වයි. නමුත් එහිදි දුෂණය කරපු එකක් නම් කියවුනේ නැහැ වගෙයි මට මතක.(අ)
වැඩිදුර පරික්ෂණ වලින් ලඟදිම රහස හෙලි වෙයි.(හේ)
අර කටුගෙයි සිදුවීම මතක් වුනා.(හේ)
කොළඹ වි.වි. නීති පීඨයෙන් උපදෙස් ලබාගත යුතුයි. (ස)
මට මුකුත් මතක නෑ කියල එලියට ඒවිද දන්නේ නෑ. (ස)
ප්‍රතිචාර දාන අපේ හුඟ දෙනෙක් ඒ ගමන නඩුකාර භූමිකාව රඟපාන්නත් පටන් අරගෙන වගෙයි (නි)
මේක හරිම අමුතු කතාවක්. හොරෙක් ඇතුළු වුනාලු. මුළු පවුලටම නිදි බෙහෙත් ගැහුවා වගේ නින්ද ගිහින් තිබිලා. (නදී)
මේක අහස පොළොව නුහුලන අපරාධයක් (නි)
මේ චමිලා කියන කෙනා අනිත් උදවිය ලියන අදහසක්, ටිකක් වචන එහාට මෙහාට වෙන ලෙස කොපි කරනවා කියලයි මට හිතෙන්නේ. මීට කලින් පුවත් කීපයකම මට ඕක පෙනුනා. ඇයි දන්නේ නැහැ ස්වාධීන අදහසක් ලියන්න බැරි. (නි)
මේ කතාව අමුතු කතාවක් තමයි. මෙච්චර ලොකු උත්සවයක් තිබුන ගේකට එන හොරා පිස්සෙක්ද? අහිංසක උගත් වටිනා දියණියක්. අභ්‍යන්තරයේ මීට වඩා දෙයක් වෙලා ඇති. (නදී)
සාමාන්‍යයෙන් මගුල් ගෙදරක් වුනාම හොරුන් පනින ප්‍රවනතාවක් තිබෙනවා ගම් පැති වල නම්. ඒත් මට නම් මේ අස්සේ ස්ත්‍රී දුෂණයක් වෙච්ච හැටි ප්‍රහේලිකාවක්. (නදී)