කොළඹ බ්‍රෝකර් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු එහි ආයෝජන උපදේශිකවක අපයෝජනය කිරිමට තැත් කළැයි කියන සිද්ධියක් ගැන පොලිසිය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ බී වාර්තාවක් ගොනු කළේය.
සීසීටීවී කැමරා ස්ථානයක දී කළමනාකාර අධ්‍යක්ෂ එම කාන්තාවට අතවර කළ බව පැමිණිල්ලේ කීවේය. එහෙත් ඔහුගේ නීතිඥයන් කියා සිටියේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මීට කලින් ඇගේ වැඩ තහනම් කැර ඇති බවයි.
පොලිසිය බී වාර්තාවක් ඉදිරිපත් කරන්නට පෙර කළමනාකාර අධ්‍යක්ෂ ඇප අයැදුමක් උසාවියට ඉදිරිපත් කර තිබිණි.
ඇප අයදුම සැප්තැම්බර් 20 වැනි දාට කල් තැබු මහේස්ත්‍රාත් දෙපාර්ශවයටම දැන්වුයේ ලිඛිත ප්‍රකාශ ගොනු කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෝජන උපදේශිකාව අපයෝජනය නොකර මනා සංයෝජනයකින් නිසි ප්‍රයෝජන ගැනීම අධ්‍යක්ෂකගේ වගකීමවේ. (අ)