පාසලේ විදුහල්පති වෙනුවට වැඩ බලමින් සිටිය දී සුසිලා හේරත් ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය එම මන්ත්‍රීට ඇති පක්ෂපාතිත්වය නිසා වසන් කරමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි අධිකරණයේ දී කියැවුණු නවගත්තේගම නවෝද්‍යා පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි ලංකා ගුරු සංගමය වයඹ පළාත් අධ්‍යාපන දොපාර්තමේන්තුවෙන් සහ රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුරුවරු අසරණයි. අද කාලේ බලය ඇති තැනට පිටුපෑවොත් රැකියාව පමණක් නොව ජීවිතයද අවදානම් (නි)
බණ්ඩාර, ඔයා කියන දේත් හරි. ඒ වුණාට මෙයත් වැරදියි (නි)
මෙයා කරගත්ත දෙයක් .විදුහල්පති වරයෙක් වුණාම බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. (ස)
දැන් මේ දේශපාලඥයා ඇවිල්ලා සේරම කරලා දේවි. අනිත් අයටත් මේවා පාඩමට ගන්න වේවි. (නි)
මෙහෙම නම් ගුරුවරයෙක් වෙන්න බැහැ. ඒ ගෞරවනීය පදවිය හොබවන්න සුදුසු කෙනෙක් නෙමෙයි වගෙයි එයා (නි)
මන්ත්‍රීලට කඩේ ගියහම ඔහොම තමයි වෙන්නේ. (ස)
කටු කන්න ගිහාම ඔවැනි දේවල් වෙනවා (ස)
එයාව මන්ත්‍රීගේ ගේ ඉදිරිපිට වරුවක් දණගස්සවා තැබුවා නම් හරි කියලා මට හිතෙනවා (නි)
කාටද අාඩම්බර? (නි)
ගුරුතුමිය දිනුවේ වෘතිය සමිති වල උදව් ලැබුණු නිසා. නිර්දන පන්තියට සංවිදානය වීම හැර අන් අවියක් නැත කියමන යලි සනාථ කල සිද්දියක්. (නධී)
ලංකාවේ නීතිය අනුව එයාව මන්ත්‍රී ඉදිරියේ දණගැස්සුවා නම් තව ලක්ෂ කියක් ලැබෙයිද දන්නෙ නැහැ (නි)
අසරණයි තමයි ඒත් ඉතින් හිතන්න තිබුනනේ තමන්ගේම වෘතිය සගයන්ට අසාධාරණයක් උනාම බලාගෙන ඉන්නවාද? ඒකට විරුද්ධ වෙනවාද කියලා. මොකද කවදා හරි තමන්ටත් මේ දේ සිද්ද වෙන්න පුළුවන්නේ.(නධී)
ඇයි එයාව යවන්න බැරි? මන්ත්‍රීලා ළඟ වැදගත් රැකියාවලට ඕනෑ තරම් පුරප්පාඩු තියනවා (නි)
මේ වගේ අය ගුරු වෘත්තියට නින්දාවක්. (නි)
වැඩ බලද්දී ඔහොම නම් විදුහල්පති වුණොත් කොහොම හිටීද ? (ස)
වයඹ පළාත් සභාවෙන් නම් මේ කපේට තීන්දුවක් ගන්න වෙන එකක් නෑ.ඒක බාලගිරි දෝශයට අහුවුණ, මන්දගාමී, නිද්‍රාවට පත් පුද්ගලයන්ගෙන් පිරි ජනතාවගේ නොවන ගැත්තන් ඇති මොකක්ද එකක්. (ස)