IMG-LOGO

උප ඇමතිත් උසාවි කැඳවයි

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යන ‘ගලසීන උදානය‘ නම් සැනකෙලියේ සංවිධායක යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු හතර දෙනකුට බ්‍රහස්පතින්දා (31) අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද (30) නොතීසි නිකුත් කළේය. එම විදුහල් ක්‍රීඩා පිටියේ සැනකෙලිය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් නිස්සංක බන්දුල කරුණාරත්න සහ සරත් ගාමිණී එදිරිසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරු මේ නියෝගය දුන්හ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ආනන්ද කුලරත්න, දුමින්ද දිසානායකගේ ලේකම් නන්දන ලොකුබරණ, අනුරාධපුර ස්වර්ණපාලි පාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. වාසල ට නොතීසි නිකුත් කෙරිණි. අධිකරණ නියෝගය ෆැක්ස්, දුරකතන, පිස්කල් මගින් සීඝ්‍රගාමී තැපෑලෙන් හෝ නොපමාව ඔවුනට ලබා දිය හැකි වෙනත් ක්‍රමයක් ඇත්නම් බාර දෙන ලෙස අධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය. ඔවුන් අධිකරණයට නොපැමිණියහොත් ස්වර්ණපාලි බාලිකා විදුහල ක්‍රීඩාංගනයට ඇතුළුවීම සහ එහි සැනකෙළියක් පැවැත්වීම තහනම් කරමින් වාරණ නියෝගයක් පැනවීමට සිදුවන බවද විනිසුරුවරු ප්‍රකාශ කළහ.



අදහස් (0)

උප ඇමතිත් උසාවි කැඳවයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 07:17 PM

දිනුෂී, සුභාෂීණී, ගැහැණු වුනත් සත්‍යය එඩිතරව ප්‍රකාශ කිරීමට තරම් කොන්ද කෙළින් තිබූ ඔය සහෝදරියන් දෙදෙනාට මගේ හෘදයාංගම ආචාරය පුද කරමි.

:       0       0

ඌරුබොක්කේ දුමින්ද Wednesday, 30 May 2012 07:52 PM

මේ තමයි ආසියාවේ ආශ්චර්‍ය.

:       0       0

ඌරුබොක්කේ දුමින්ද Wednesday, 30 May 2012 08:32 PM

මේක තමයි ආසියාවේ ආශ්චර්‍ය..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:21 PM

කුමාරි ඔයා හරියටම හරි..ජය වේවා !

:       0       0

නිශාඩ් Thursday, 31 May 2012 02:38 PM

නීතිය හමුවේ හැමෝම සමානයි. යුක්තියට හිස නැමිය යුතුයි.

:       0       0

කරෝලිස් ගොයියා Wednesday, 30 May 2012 10:18 PM

ඕවත් ප්‍රශ්නද ?කැලේ අලි දළ පිටින් මැරෙන්නේ...

:       0       0

නවීන් Thursday, 31 May 2012 04:58 AM

ඔය සැණකෙළි මිනී මරා ගන්න හොද තැනක් තමයි

:       0       0

හනුමා Thursday, 31 May 2012 05:27 AM

මුල ,මැද , අග ගැලපෙනවා මේ ලංකාව නේ............

:       0       0

කිවී Thursday, 31 May 2012 08:51 AM

එයාට ස්ථාන මාරුවක් ලැබෙයිද ??

:       0       0

සකලබුජන් Thursday, 31 May 2012 08:11 AM

නාහේ බලාගෙනයි...

:       0       0

විධානේ Thursday, 31 May 2012 09:43 AM

පූජනීය නගරයේ සුරාසොඬුන් පතුරවන්න එපා...

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Thursday, 31 May 2012 10:42 AM

මේක අනුරාධපුරයේ වාර්ෂිකව පවත්වන උත්සවයක් . සමහරු මේකට කැමති නෑ. ඒකයි ගැටලුව.

:       0       0

කීර්ති Wednesday, 30 May 2012 06:04 PM

ඇත්තටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවානම් කොච්චර හොදද? මෙන්න මේ වගේ තීරණ තමයි රටට වැදගත් වෙන්නේ

:       0       0

ෆාරු Wednesday, 30 May 2012 05:25 PM

ඔහොම යන්

:       0       0

දිනූෂි Wednesday, 30 May 2012 05:28 PM

පොසොන් එක තියෙන්නේ එක එක්කෙනාට සැනෙකලි කරන්න නෙමෙයි.පොසොන් එක කියන්නේ ආගමික උත්සවයක්

:       0       0

කුමාරි Thursday, 31 May 2012 11:20 AM

වැඩේ නම් පංකාදු 5. ලොකු ලොකු දේවල් යට ගහන්න දන පොඩි සෙල්ලමක් වෙන්න පුළුවන්. ජය වේවා!

:       0       0

සහන් Wednesday, 30 May 2012 05:35 PM

ගජ සිහ උදානය???

:       0       0

සුභාෂිණි Wednesday, 30 May 2012 06:21 PM

මම කිවුවේ බොරුද? දේශපාලකයෙක් නොගෑවී වැසිකිළියකට වත් යන්න බැරි තරමට අද දේශපාලනය ගද ගහනවා

:       0       0

අනුරාධ Wednesday, 30 May 2012 06:24 PM

ලංකාවේ දේශපාලනයේ නිරුවතයි මේ....

:       0       0

කෙවින් Wednesday, 30 May 2012 06:25 PM

කමෝන්. සුභ අනාගතයක්!

:       0       0

චාමර Wednesday, 30 May 2012 06:35 PM

ගරු සංගමයේ සභා පතිට බුදු සරණයි!

:       0       0

ලලිත් Wednesday, 30 May 2012 06:01 PM

98%ක්ම මෙහේ ප්‍රශ්න වලට මුල ඔය දේශපාලනේ තමයි

:       0       0

අමිල කටුනායක Wednesday, 30 May 2012 07:36 PM

සිල් සමාදන්වීම කෙසේ වෙතත් ගාණක් හොයාගන්න තිබුණු අවස්ථාව ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2117 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 655 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 732 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site