පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැති මතුගම විදුහල්පතිවරයෙකුට පහර දී පාසල් වැඩ අවුල් කරති යි කියමින් මතුගම විදුහල්පතිවරු හා ගුරුවරු මතුගම කලාප කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයතක් ඇරඹූහ.
නියෝජ්‍ය ඇමැතිට එරෙහිව නීතිය නියමානුකූලව ක්‍රියාත්මක කරන්නැයි ඔවූහු කියති.
විදුහල්පති කාමරයක විදුලි පංකාවේ එල්ලී සියදිවි නසා ගැනීමේ රංගනයක යෙදුණු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඔවූහු ඉල්ලති.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නියෝජ්‍ය ඇමැතිලාට ඔලුවේ අං එහෙම තියෙනවාද කියාලා අතගාලා බලන්න කෙනෙක් නැද්දෝ.(හේ)
ළමයින් පාසලට නොගත් හේතුව පළමුව කියන්න. තෙවරප්පෙරුමට ඉදිරිපත් වෙන්න හේතුව වුයේ ළමයින් පාසලට නොගත් නිසාය. කව්ද එ්කට වගකියන්නේ? (නි)
ඇත්ත. අධ්‍යාපනයට දේශපාලනය සම්බන්ධ නොවිය යුතුයි (නි)
ළමයි ඉස්කෝලෙට ගන්න කියලා අැයි මේ අයට කියන්න බැරිවුණේ? (නි)
රැවුලකුයි, ලොකු බඩකුයි, ලොකු ඇඟකුයි තිබුන පළියට නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කරන්න එපා මිනිසුනේ. (නි)
ඉතා සාධාරණ විරෝධතාවක්. ගොඩක් අය තෙවරප්පෙරුමට රැවටිලා (නි)
එතකොට නවගත්තේගම ප්‍රශ්නය? (නි)
ආණ්ඩුවට එරෙහි පෙළපාලි උද්ඝෝෂණ වැඩිවෙලා කරගන්න දෙයක් නැතුව දහඅතේ කල්පනා කරනවා. දේශපාලකයෝ ගිහින් ලෙඩේ ඩබල් කරනවා. (නි)
නවගත්තේගමදී එහෙමයි. මීගහතැන්නේ දී මෙහෙමයි. කෝ මේ ජෝශප් මහත්තයා? (නි)
කෝ මේ ජෝශප් ස්ටාර්ලින් මහතා? (නි)
මෙවැනි අය පාර්ලිමේන්තුවට යැවූ ලක්ෂයකට අධික කළුතර ජනතාවට අපේ උපහාරය ! (බ)
ගුරුවරුන්ගේ විරෝධය සාධාරණයි (නි)
මේ වගේ මිනිසුන් තමයි යහපාලනයට හරියන්නේ (නි)
ළමයින් නොගැනීමෙන් අසාධාර්ණයක් වුවා නම් ඒ සඳහා ගත් යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග තියෙනවා(උසාවිය හා මානව හිමිකම් කොමිසම්). (නි)
මේ අය මේ පෙළපාලි යන්නේ පාසල් කාලය තුලදිනම් එකත් වැරදියි දරුවන්ගේ වැඩ අතපසු කිරීමක්. (බ)
මේ වගේ මනසක් තියෙන කෙනෙක් කොහොමද උප ඇමති ධූරයක් දරෙන්නේ. විල්පත්තු හරි යාල කැලයට ගිහින් දාන්න (බ)
උසාවියේ නඩුව ඉවර වෙද්දී ළමයට වයස 40ක් විතර වෙයි. ඔය ක්‍රමය හැර වෙන විසඳුමක් නැහැ. මහජන නියෝජිතයා හරි.(කෞ)
යහපාලන ආණ්ඩුව ආවදා ඉදන් රට පස්සට යන්නේ. හැමතැනම උද්ගෝෂණ,හැලහැප්පීම්, දේශපාලන ඩීල්, ජීවන බර අහස උසට ...දැන්නම් වෙනස සැපයි ද කියල තමයි අහන්න වෙන්නේ (කෞ)
ළමයි ගන්න පුළුවන් කම තියෙද්දී අයි ගත්තේ නැත්තේ? දැන් අරන් තියෙන්නේ..කලින් ගත්ත නම් කිසි දෙයක් නැනේ..වග කියන්න ඕනේ විදුහල්පති..(කෞ)
නීතිය ක්‍රියාත්මක කරන්න නොවේ උද්ඝෝෂණ පවත්වන්න ඕන. ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහාය. (බ)
හරි නම් හත් මසක් කිසිදු පාසලකට නොයවා ළමුන් ගෙදර තියන් සිටි දෙමාපියන්ටත්, ළමුන් පාසලට භාරගන්නා ලෙස දන්වා තිබියදී නොගත් විදුහල්පතිට විරුද්ධවත්, එයට බලපෑම් කළ ඇමතියාට විරුද්ධවත්, දරුවන්, ඉදිරියේ මාධ්‍ය වටකරගෙන ගුරුවරුන්ට ගැසූ සහ අමු කුණුහරුප පවසමින් දරුවන්ට මහගු ආදර්ශයක් සැපයූ ඇමතිටත්, ඒ දෙස නොදුටු සේ බලා හිදි පොලිසියට විරුද්ධවත් ක්‍රියා කළ යුතුයි (බ)
විදුහල්වලට ළමයින් අලුතෙන් ඇතුල් කිරීමීදී විදුහල්පති වරුන්, ආදි ශිෂ්‍ය සංගම්කාරයන් අධ්‍යාපන ලොක්කන් ගහන ගැහිලි ගැන කවුරුත් දන්නවා. සුදනන් වගේ කතා කෙරුවට මුන් ඔක්කොම හොරු! හොරුන්ව ආරක්ෂා කරනවා. විදුහල්පතිවරු, ගුරුවරු කල්ප ගණන් එකම විද්‍යාලයේ ලගින්නේ නිකමට නොවෙයි. (බ)
යහපාලනයේ නාමයෙන් ගුරුවරුන්ටත් පාරට බහින්න සිදු වුනා. (හේ)