IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උප ඇමැතිට අලුත් ‘ජොබ් එකක්‘

‘නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා‘ යනුවෙන් කන්තලේ නගරයේ අලවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් කිහිපයක් බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා ඉවත් කළේය.

unnamed(1) unnamedddd

 



අදහස් (0)

උප ඇමැතිට අලුත් ‘ජොබ් එකක්‘

අජිත් කරුණාරත්න Tuesday, 07 October 2014 03:33 PM

ඇමතිතුමනි අපේ පැත්තෙත් ඔය පෝස්ටරය හැම තැනම අලවලා තියෙනවා.මොනවා කරන්නද? (අ)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 07 October 2014 04:08 PM

ඇමතිතුමෝ, ඔය පෝස්ටර් ඉරාන එකද දැන් ලොකුම වැඩේ... ඔය කියන කතාව ඇත්තද නැද්ද කියල ඡන්ද දයකොයෝ තීරණය කරවී. නමුත් කෝ ඔබතුමාගේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ කෙරෙන්න ඕන දේ වෙනවට ? අපේ බුදුදහම විනාශ වෙන යුගයක මේවද කරන්න ඕන??? ඔබතුමන්ට ඡන්දෙ දීපු අපි තමා මෝඩයෝ (අ)

:       0       0

සීල Tuesday, 07 October 2014 04:09 PM

අපේ මාධ්‍යවේදියා ලස්සනට පෙන්නුම් කරලා තියෙනවා නිදහස් පල කිරීමේ අයිතියට ඇති තහංචිය. හරිම ලස්සනයි ඇමතිතුමෝ සරම ගලවල කරා නම් වඩාත් උචිතයි .එතකොට හේරත් කියපු 'නිහතමානී' කමත් බලාගන්න පුළුවන්! (අ)

:       0       0

සෑම් Tuesday, 07 October 2014 04:20 PM

ඔබතුමා ඔය කරන වැඩෙන් වෙන්නේ පෝස්ටර් ටිකට අමතර ජනප්‍රියතාවක් එකතුවෙන එකයි (නි)

:       0       0

පිටිගල Tuesday, 07 October 2014 04:20 PM

ඕක නීති විරෝධියි නේද? අනික මේක පොලිසිය කරන්න ඕනෑ වැඩක්. (නි)

:       0       0

යොමාල් Tuesday, 07 October 2014 04:37 PM

එපා කියලා තමා අපි කියන්නෙත්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 06:05 AM

කොන්ද පන ඇති පිරිමි වගේ අභියෝගය භාර අරගෙන ප්‍රතිවාදියාට මුහුණ දෙනවා මිසක් ඒක මග ඇරලා ජාතිවාදය උපක්‍රමයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්න අයට අපිනම් ගමේ ගොඩේ කියන වදනක් තියෙනවා. මේ පෝස්ටරේ ගහපු අයට ඒක හොදින්ම ගැලපෙනවා. මැරිච්ච නායකයෝ වලවල් වලින් නැගිටලා ඇවිත් මේ කරන ලැජ්ජාවට මුන්ගේ බෙලි මිරිකන්නේ නැති එකටයි මට නම් පුදුමේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 06:10 AM

ලැජ්ජයි මහත්තුරුනේ.. නියම පිරිමි වගේ මේ ජනාධිපතිවරයාත් එක්ක ජනාධිපතිවරනේදී හැප්පිලා බලන්න. ඒකෙන් ලබන අන්ත පරාජය නම්බුයි මේ දෙකේ පන්තියේ වැඩට වඩා. මේ රජයේ ඉන්නේ බබ්බු නෙමෙයි..අවශ්‍ය නීති නැත්නම් නීති හදල හරි ඉන්න. ජනපති මැතිවරණයට ඒවි අනිවාර්යයෙන්. පිරිමිකමට ඔබින් නැති වැඩ කරලා ඔය පක්ෂය බිහි කල නායකයන්ගේ මිනි වලවල් වලටත් ලජ්ජා කරවන්නේ නැතුව කොන්ද පන ඇතුව ඔහුට මුහුණ දෙන්න සුදානම් වෙන්න අනුර මහත්තයෝ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 07 October 2014 04:44 PM

මේ පෝස්ටරය ඉවත් කරන එක නෙමෙයි මට නම් පෙනෙන්නේ. මින් පෙනෙන ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපයයි (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 October 2014 04:49 PM

මෙහෙම වැඩක් කළ එක හොඳයි (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 October 2014 05:00 PM

කාලයක් නම් තිබුනා ජනතා විමුක්ති පෙරමුණේ දැන්වීම් ගලවපු අයට දැඩි දඩුවම් දුන්න. එම අතීතය මතක අය තවමත් ඉන්නවා (නි)

:       0       0

රූපවතී Tuesday, 07 October 2014 05:44 PM

හරි විදියට නම් නීතිවිරෝධී වැඩක් ඕක.ප්‍රජාතාන්ත්‍රික ජන රජයක ජීවත්වෙන සෑම මිනිසෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. එසේනම් ඇයි ඒ පෝස්ටරයට අයිතියක් නැද්ද ? අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්නත් මම හිතනවා අයිතිය තියෙනවා කියලා (නි)

:       0       0

විමුක්ති Wednesday, 08 October 2014 07:53 AM

මට පෙනන විදියට සමහර පාඨකයන් මෙය වැරදියට තේරුම් ගෙන. මෙතුමා පරිසරයට තියන ආදරයට කරන දෙයක් නොවෙයි. මෙතන තනිකරම තියෙන්නේ අනෙකුත් මතයන් නොඉවසීම සහ ඉහලින් ලකුණු ගැනීම. ජනතාව විදියට අපි අවබෝද කරගත යුතු වන්නේ මෙම දැන්වීම ඇලෙව්වේ කවුද මොන වෙලා වේද යන්න නොව මෙයින් අදහස් කරන දේ නිවැරදිද නැද්ද යන්නයි (නදී)

:       0       0

හේමන්ත Tuesday, 07 October 2014 09:43 PM

මේකත් නරකම නැහැ (නි)

:       0       0

එම්. කේ. ඩී. සමන් Tuesday, 07 October 2014 10:14 PM

මේ පෝස්ටර් දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇස් දෙකේ කටු අනිනවා වගේ. (නි)

:       0       0

නලීන් Tuesday, 07 October 2014 10:20 PM

බුද්ධ ශාසනයට කරන්න කොච්චර වැඩ තියෙනවද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 07 October 2014 10:59 PM

හැමෝම දැන් වෙනස් වෙමින් යනවා වගේ. (නි)

:       0       0

හසිත Tuesday, 07 October 2014 11:14 PM

මට නම් මේකේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

අලුත්රත්න Tuesday, 07 October 2014 11:23 PM

මම නම් හිතන්නේ සීල මහ දවාලේම කඩේ යනවා (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Tuesday, 07 October 2014 11:35 PM

අනේ පවු අනේ! (නි)

:       0       0

වීරසිංහ Tuesday, 07 October 2014 01:25 PM

අනේ ඇත්තට ඇමතිතුමාටත් කරන්න වෙන දේවල්! (නි)

:       0       0

සීල Wednesday, 08 October 2014 12:42 AM

අලුත්රත්න නම වුණාට පරණ විදිහටමයි හිතන්නේ.මගේ වැකිය සිහිබුද්ධියෙන් නැවත කියවන්න.නිකන් පටලවාගන්න එපා. (නි)

:       0       0

යොහාන්‍ Wednesday, 08 October 2014 12:49 AM

මේ රාජකාරියත් මෙතුමා බාරගෙනද? (නි)

:       0       0

ක්‍රිෂ් Tuesday, 07 October 2014 01:43 PM

ඕක ඉරන එක නීතිවිරෝධියි නේද? (නි)

:       0       0

හේරත් Tuesday, 07 October 2014 01:48 PM

මොනවා වුණත් හරිම නිහතමානී වැඩක් (නි)

:       0       0

චන්දිම Tuesday, 07 October 2014 01:52 PM

ඇමති පින් පඩියට හරියන වැඩ කරනවා. (නදී)

:       0       0

දැමිණි සිරිවර්දන Tuesday, 07 October 2014 01:55 PM

ඉස්සර පෝස්ටර් ගහල ගිහාම පාප්ප සුවඳට පාරේ යන එලහරක්,එළුවන් තමයි ගලවල කාලා යන්නේ .පව් අප්පා එදා ඉඳන් පක්ෂය රැකගන්න මෙහෙවරක් කරපු ගුණවර්දන උප ඇමති තුමා ගැන. අපිට කණගාටු තවමත් දුක් විඳින එකයි. එ්ත් හොඳ නාමයක් නම් නැහැ (නදී)

:       0       0

ගාමිණි සිරිවර්දන Tuesday, 07 October 2014 01:55 PM

ඉස්සර පෝස්ටර් ගහලා ගියාම පාප්ප සුවඳට පාරේ යන එළහරක්,එළුවන් තමයි ගලවලා කාලා යන්නේ. පව්! එදා ඉඳලා පක්ෂය රැකගන්න මෙහෙවරක් කළ උප ඇමතිතුමා ගැන අපිට කණගාටුයි. ඒත් හොඳ නාමයක් නම් නැහැ (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 07 October 2014 01:57 PM

මට නම් පෙනෙන්නේ නීතිය අතට ගැනීමක් වගෙයි (නි)

:       0       0

කුසුමා Tuesday, 07 October 2014 02:11 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

සමන්ති Tuesday, 07 October 2014 02:12 PM

මේක ඉරන්න කවුරුවත් එන්නේ නැහැ (නි)

:       0       0

සදුනි Wednesday, 08 October 2014 10:15 AM

ඔබතුමාට වඩා ගැලපෙන්නේ නගර සභාවේ කම්කරු ජොබ් එකක්. අපේ ජනාධිපති තුමාට නින්දා වෙන වැඩ කරන්න එපා ඇමතිතුමෝ. තියෙන ඇමති කමෙන් වැඩක් ගන්න බැරුවට. (නදී)

:       0       0

නඩරාජා Wednesday, 08 October 2014 03:36 AM

පොස්ටේර් ඇලවීම ජේ වී පියෙ පරණ පුරුදු රැකියාව . ඔවුන්ට වෙන වැඩ නැහැ. ඔවුන්ගේ මානසිකත්වය කොයි වගේද කියල හොඳට තේරනවා (නදී)

:       0       0

රවින් Wednesday, 08 October 2014 10:35 AM

මම නම් කියන්නේ පෝස්ටර් ගහන්න හදපු බෝඩ් ගලවන්න තිබුනේ. එතකොට පෝස්ටර් ගහන්න බැහැනේ. ප්‍රජාතාන්ත්‍රික ජන රජයක ජීවත්වෙන සෑම මිනිසෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනත් මෙහෙ ඒවා බෑ. අපි කියන විදිහට හිටියොත් හරි නැත්නම් යවනවා. (නදී)

:       0       0

නෙල්සන් Tuesday, 07 October 2014 02:41 PM

මට නම් මොකුත්ම කියන්න හිතෙන්නේ නැහැ (නි)

:       0       0

නුවන් Tuesday, 07 October 2014 02:45 PM

මෙන්න නියම මිනිස්සු! (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 04:01 AM

කොන්ද පන ඇති පිරිමි වගේ අභියෝගය භාර අරගෙන ප්‍රතිවාදියාට මුහුණ දෙනවා මිසක් ඒක මග ඇරලා ප්‍රතිවාදිය උපක්‍රමයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්න අයට අපිනම් ගමේ ගොඩේ කියන වදනක් තියෙනවා. .. මේ පෝස්ටරේ ගහපු අයට ඒක හොදින්ම ගැලපෙනවා..මැරිච්ච නායකයෝ වලවල් වලින් නැගිටලා ඇවිත් මේ කරන ලැජ්ජාවට මෙයාලගෙ බෙලි මිරිකන්නේ නැති එකටයි මටනම් පුදුමේ. (අ)

:       0       0

අචිනි Wednesday, 08 October 2014 04:29 AM

කඩේයාම සහ ලකුණු දා ගැනීම (නදී)

:       0       0

දිමුතු Tuesday, 07 October 2014 03:21 PM

වෙන වැඩ නැති ද ඇමති තුමෝ. 3 වර ඉල්ලන්ඩ බෑ කියල ගමේ ගොඩේ කට්ටියත් කියනවා. ගමේ මින්නිසු කියන්නේ අනේ මෙහෙම තණ්හාවක් කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site