‘නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා‘ යනුවෙන් කන්තලේ නගරයේ අලවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් කිහිපයක් බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා ඉවත් කළේය.
‘නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා‘ යනුවෙන් කන්තලේ නගරයේ අලවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් කිහිපයක් බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා ඉවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි අපේ පැත්තෙත් ඔය පෝස්ටරය හැම තැනම අලවලා තියෙනවා.මොනවා කරන්නද? (අ)
ඇමතිතුමෝ, ඔය පෝස්ටර් ඉරාන එකද දැන් ලොකුම වැඩේ... ඔය කියන කතාව ඇත්තද නැද්ද කියල ඡන්ද දයකොයෝ තීරණය කරවී. නමුත් කෝ ඔබතුමාගේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ කෙරෙන්න ඕන දේ වෙනවට ? අපේ බුදුදහම විනාශ වෙන යුගයක මේවද කරන්න ඕන??? ඔබතුමන්ට ඡන්දෙ දීපු අපි තමා මෝඩයෝ (අ)
අපේ මාධ්‍යවේදියා ලස්සනට පෙන්නුම් කරලා තියෙනවා නිදහස් පල කිරීමේ අයිතියට ඇති තහංචිය. හරිම ලස්සනයි ඇමතිතුමෝ සරම ගලවල කරා නම් වඩාත් උචිතයි .එතකොට හේරත් කියපු 'නිහතමානී' කමත් බලාගන්න පුළුවන්! (අ)
ඔබතුමා ඔය කරන වැඩෙන් වෙන්නේ පෝස්ටර් ටිකට අමතර ජනප්‍රියතාවක් එකතුවෙන එකයි (නි)
ඕක නීති විරෝධියි නේද? අනික මේක පොලිසිය කරන්න ඕනෑ වැඩක්. (නි)
එපා කියලා තමා අපි කියන්නෙත්. (නි)
කොන්ද පන ඇති පිරිමි වගේ අභියෝගය භාර අරගෙන ප්‍රතිවාදියාට මුහුණ දෙනවා මිසක් ඒක මග ඇරලා ජාතිවාදය උපක්‍රමයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්න අයට අපිනම් ගමේ ගොඩේ කියන වදනක් තියෙනවා. මේ පෝස්ටරේ ගහපු අයට ඒක හොදින්ම ගැලපෙනවා. මැරිච්ච නායකයෝ වලවල් වලින් නැගිටලා ඇවිත් මේ කරන ලැජ්ජාවට මුන්ගේ බෙලි මිරිකන්නේ නැති එකටයි මට නම් පුදුමේ (නදී)
ලැජ්ජයි මහත්තුරුනේ.. නියම පිරිමි වගේ මේ ජනාධිපතිවරයාත් එක්ක ජනාධිපතිවරනේදී හැප්පිලා බලන්න. ඒකෙන් ලබන අන්ත පරාජය නම්බුයි මේ දෙකේ පන්තියේ වැඩට වඩා. මේ රජයේ ඉන්නේ බබ්බු නෙමෙයි..අවශ්‍ය නීති නැත්නම් නීති හදල හරි ඉන්න. ජනපති මැතිවරණයට ඒවි අනිවාර්යයෙන්. පිරිමිකමට ඔබින් නැති වැඩ කරලා ඔය පක්ෂය බිහි කල නායකයන්ගේ මිනි වලවල් වලටත් ලජ්ජා කරවන්නේ නැතුව කොන්ද පන ඇතුව ඔහුට මුහුණ දෙන්න සුදානම් වෙන්න අනුර මහත්තයෝ. (නදී)
මේ පෝස්ටරය ඉවත් කරන එක නෙමෙයි මට නම් පෙනෙන්නේ. මින් පෙනෙන ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපයයි (නි)
මෙහෙම වැඩක් කළ එක හොඳයි (නි)
කාලයක් නම් තිබුනා ජනතා විමුක්ති පෙරමුණේ දැන්වීම් ගලවපු අයට දැඩි දඩුවම් දුන්න. එම අතීතය මතක අය තවමත් ඉන්නවා (නි)
හරි විදියට නම් නීතිවිරෝධී වැඩක් ඕක.ප්‍රජාතාන්ත්‍රික ජන රජයක ජීවත්වෙන සෑම මිනිසෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. එසේනම් ඇයි ඒ පෝස්ටරයට අයිතියක් නැද්ද ? අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්නත් මම හිතනවා අයිතිය තියෙනවා කියලා (නි)
මට පෙනන විදියට සමහර පාඨකයන් මෙය වැරදියට තේරුම් ගෙන. මෙතුමා පරිසරයට තියන ආදරයට කරන දෙයක් නොවෙයි. මෙතන තනිකරම තියෙන්නේ අනෙකුත් මතයන් නොඉවසීම සහ ඉහලින් ලකුණු ගැනීම. ජනතාව විදියට අපි අවබෝද කරගත යුතු වන්නේ මෙම දැන්වීම ඇලෙව්වේ කවුද මොන වෙලා වේද යන්න නොව මෙයින් අදහස් කරන දේ නිවැරදිද නැද්ද යන්නයි (නදී)
මේකත් නරකම නැහැ (නි)
මේ පෝස්ටර් දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇස් දෙකේ කටු අනිනවා වගේ. (නි)
බුද්ධ ශාසනයට කරන්න කොච්චර වැඩ තියෙනවද? (නි)
හැමෝම දැන් වෙනස් වෙමින් යනවා වගේ. (නි)
මට නම් මේකේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)
මම නම් හිතන්නේ සීල මහ දවාලේම කඩේ යනවා (නි)
අනේ පවු අනේ! (නි)
අනේ ඇත්තට ඇමතිතුමාටත් කරන්න වෙන දේවල්! (නි)
අලුත්රත්න නම වුණාට පරණ විදිහටමයි හිතන්නේ.මගේ වැකිය සිහිබුද්ධියෙන් නැවත කියවන්න.නිකන් පටලවාගන්න එපා. (නි)
මේ රාජකාරියත් මෙතුමා බාරගෙනද? (නි)
ඕක ඉරන එක නීතිවිරෝධියි නේද? (නි)
මොනවා වුණත් හරිම නිහතමානී වැඩක් (නි)
ඇමති පින් පඩියට හරියන වැඩ කරනවා. (නදී)
ඉස්සර පෝස්ටර් ගහල ගිහාම පාප්ප සුවඳට පාරේ යන එලහරක්,එළුවන් තමයි ගලවල කාලා යන්නේ .පව් අප්පා එදා ඉඳන් පක්ෂය රැකගන්න මෙහෙවරක් කරපු ගුණවර්දන උප ඇමති තුමා ගැන. අපිට කණගාටු තවමත් දුක් විඳින එකයි. එ්ත් හොඳ නාමයක් නම් නැහැ (නදී)
ඉස්සර පෝස්ටර් ගහලා ගියාම පාප්ප සුවඳට පාරේ යන එළහරක්,එළුවන් තමයි ගලවලා කාලා යන්නේ. පව්! එදා ඉඳලා පක්ෂය රැකගන්න මෙහෙවරක් කළ උප ඇමතිතුමා ගැන අපිට කණගාටුයි. ඒත් හොඳ නාමයක් නම් නැහැ (නි)
මට නම් පෙනෙන්නේ නීතිය අතට ගැනීමක් වගෙයි (නි)
අයියෝ සල්ලි! (නි)
මේක ඉරන්න කවුරුවත් එන්නේ නැහැ (නි)
ඔබතුමාට වඩා ගැලපෙන්නේ නගර සභාවේ කම්කරු ජොබ් එකක්. අපේ ජනාධිපති තුමාට නින්දා වෙන වැඩ කරන්න එපා ඇමතිතුමෝ. තියෙන ඇමති කමෙන් වැඩක් ගන්න බැරුවට. (නදී)
පොස්ටේර් ඇලවීම ජේ වී පියෙ පරණ පුරුදු රැකියාව . ඔවුන්ට වෙන වැඩ නැහැ. ඔවුන්ගේ මානසිකත්වය කොයි වගේද කියල හොඳට තේරනවා (නදී)
මම නම් කියන්නේ පෝස්ටර් ගහන්න හදපු බෝඩ් ගලවන්න තිබුනේ. එතකොට පෝස්ටර් ගහන්න බැහැනේ. ප්‍රජාතාන්ත්‍රික ජන රජයක ජීවත්වෙන සෑම මිනිසෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනත් මෙහෙ ඒවා බෑ. අපි කියන විදිහට හිටියොත් හරි නැත්නම් යවනවා. (නදී)
මට නම් මොකුත්ම කියන්න හිතෙන්නේ නැහැ (නි)
මෙන්න නියම මිනිස්සු! (නි)
කොන්ද පන ඇති පිරිමි වගේ අභියෝගය භාර අරගෙන ප්‍රතිවාදියාට මුහුණ දෙනවා මිසක් ඒක මග ඇරලා ප්‍රතිවාදිය උපක්‍රමයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්න අයට අපිනම් ගමේ ගොඩේ කියන වදනක් තියෙනවා. .. මේ පෝස්ටරේ ගහපු අයට ඒක හොදින්ම ගැලපෙනවා..මැරිච්ච නායකයෝ වලවල් වලින් නැගිටලා ඇවිත් මේ කරන ලැජ්ජාවට මෙයාලගෙ බෙලි මිරිකන්නේ නැති එකටයි මටනම් පුදුමේ. (අ)
කඩේයාම සහ ලකුණු දා ගැනීම (නදී)
වෙන වැඩ නැති ද ඇමති තුමෝ. 3 වර ඉල්ලන්ඩ බෑ කියල ගමේ ගොඩේ කට්ටියත් කියනවා. ගමේ මින්නිසු කියන්නේ අනේ මෙහෙම තණ්හාවක් කියල. (අ)