හබරකඩ ප‍්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා නීත්‍යානුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම සිද්ධියෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම, පොලිස් සැරයන් ගාමිණිවංශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ පනහක් නේද? ඇති වෙයිද? (බ)
කොළඹ ජන්ද දායකයෝ නියම තීන්දුව අගෝස්තු 17 වැනිදා දෙනවා (ම)
මෙයා නේද පොලිසියේ රාජකාරියට අවහිර කලේ.(ම)
නීතිය පිළිපදින්නේ නැතිකොට දෙකක් ඇනල කුඩුවට දැම්මනම් හරි (බ)
තමන්ට අගතියක් සිදු වුණා කියලා හිතනවා නම් අධිකරණය ඉදිරියට යාමේ වරදක් නෑ.පොලීසිය කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන තැනක් මිස නීතිය අවභාවිතා කළ යුතු තැනක් නෙවෙයි.(ම)
නියමයි. ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)
ගිය ආණ්ඩුව කාලයේ අධිවේගී මාර්ගයක නීති කඩා ඇල්ලූ පොලිස් නිලධාරියෙකුට එකල ඇමති කෙනෙක් හිරිහැර කරනකොට දැන් පාලනයේ සිටින අය ඒක තදින් විවේචනය කළා. නමුත් දැන් ඒගොල්ලෝ කරන්නෙත් ඒකමයි. (නි)
පව්, ඉක්මණින් මේ වන්දිය ලබා දෙන්න කටයුතු කරත්වා! (නි)
ඔබ ඉතා අවංකයි.මේ ප්‍රශ්නය ගොඩින් බේරාගත්තොත් හොඳයි. (නි)
අනේ මන්දා මෙයාට මොනවා වෙලාද කියලා (නි)
ඡන්දයට සල්ලිත් අවශ්‍ය ඇතිනේ (නි)
මෙතුමාට මොකද වෙලා තියන්නේ? (නි)
හරි ශෝක් මෙයා (බ)
දේශපාලනය කරනකොට හැම එකාම එකයි.පොලීසියෙන් මේ වගේ වන්දියක් ඉල්ලනවානම් මුන් අපි වගේ සාමාන්‍ය ජනතාවකගෙන් මේ වගේ දෙයක් වුනානම් කොහොම ඉල්ලයිද. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන අපිට පිස්සු (බ)