නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.
ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම මහතා එතෙර යාමට සිටින බවට තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.
වඳුරඹදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී පැහැර ගත්තැයි ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් මීට දින කිහිපයකට පෙර පොලිස්පති මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.
මුතුහෙටිටිගම බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ගම්පහ සිට කටුනායකට පැමිණි බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා සාලිය මේක තමා මහින්දගේ යහපාලනය. මේ යහපාලනය නිසා තමා මේ රට දවසෙන් දවස වලපල්ලට යන්නේ. පොඩි මිනිහෙකුට මේ යහපාලනය මේ විදිහට සලකාවිද? අජිත් රෝහණ මහත්තයත් නීති ක්ෂේත්‍රයේ කෙනෙක් නේද? (නදී)
ඔය තියෙන්නෙ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. (අ)
දැන් තිබෙන යහපාලනයද මේ? මේක ඉක්මනින් වෙනස් කරන්න ඕනෑ කියලා අපි කියන්නේත් ඒකයි. (නි)
කව්රුවත් වැරදි නෑ. මේකට වැරදි අහිංසක මහජනතාවයි. (ර)
අමතක වීමේ රෝගය හැදිලා ප්‍රතිකාර ගන්න සිංගප්පුරු යන්න ඇති. එනිසා කවුරුවත් මොනවත් කියන්න එපා.(හේ)
රටින් පනිනකන් මොකද කළේ.(හේ)
දේශපාලකයන් නීති විරෝදී වැඩ කරන්නේ දැනට පවතින නිතිය දේශපාලන බලයට යටවෙලා නිසා. (ර)