ගිරිඋල්ල පස්යාල මාර්ගයේ කඳන්ගමුව පාසල අසල අනාරක්ෂිත දුරකතන කණුව ගලවා ඉවත් කරන්නැයි වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සිය මෝටර් රථයේ බොනට්ටුව මත නැගී ආරම්භ කළ විරෝධයෙන් පැය හතරකට පසු එම කණුව ගලවා ඉවත් කිරීමට ටෙලිකොම් සේවකයෝ පියවර ගත්හ. කණුව ගැලවීමට නියෝජ්‍ය අමැතිවරයා ද සහාය විය. කාපට් ඇතිරීමේදී සිදුව ඇති අඩුපාඩුද නියෝජ්‍ය අමැතිවරයා බලධාරීනට පෙන්වා දුන්නේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්ත, ඔබ හරියට හරි. මේවා මෝඩයෝ රවටන සංදර්ශන. මේවට හුරේ දාන අය ඉන්නතුරු මන්ත්‍රීලා දිනුම් (නි)
හේමන්ත, අපි මේ මැතිතුමාව කන්ද උඩින්ම වාඩිකරවමුද? (නි)
කොළොන්නාවේ කුනුකන්දත් මහා කරදරයක් ප්‍රදේශවාසීන්ට . ඇමති තුමාගේ අවදානය පිණිසයි (බ)
කලින් ෆොටෝ එකට පණ්ඩිතකම් කියලා අදහස් පළකරපු මහදැනමුත්තලට දැන් සනීප අැති නේද? කොහොමහරි ඒ මනුස්සයා වෙන්න ඕනෑ වැඩේ කළානේ. දැන් හරිනේ. (නි)
මෙතුමාට ආඩපාලි කියපු අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
අනෙක් ඇමැතිවරුන්ටත් මෙය ආදර්ශයක් වේචා! (නි)
ඒ කියන්නේ අපේ රටේ දැන් වැඩක් ඉක්මනින් කරගන්න ඕනෑ නම් මෙහෙම කරන්නම ඕනෑ. අද තමයි කාරනය හරියටම වැටහුනේ? (නි)
මේවා නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි. ටෙලිකොම් එකේ ලොක්කෙකුට කෝල් එකක් දීලා වැඩේ කරගන්න බැරි එකෙන්ම පේනවා, මෙතුමන්ලාත් කටින් බතල හිටවන අය කියලා. (නි)
ඇමති කෙනෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙවන් දේද? (නි)
එතුමන්ලා ආපු අලුතනේ තවම! (නි)
වැඩේ නම් හොඳයි. පොඩි නාට්‍යමය ගතියකුත් තියෙනවා වුණත් කාපට් එකේ ඝනකම දැක්කම හුඟක් කලකිරුණා. දැන් ඔබතුමන්ලා කලින් කට්ටියගේ අඩුපාඩු හොයන ගමන් බෝක්කුවක්වත් හැදුවොත් නරකද. (නි)
දැන් පාර්ලිමන්ට් ජෝක්ස් නැවතී ඇත. ඒ වෙනුවට දැන් නියෝජ්‍ය ඇමති ජෝක්ස් පටන් අරගෙනවද්ද? (නි)
දැන් කෝ අර ඊයේ පැල් බැඳගෙන අදහස් දාපු අය. වැඩක් කෙරෙනවා නම් උපවාස කළාම මොකද? මෙතුමා සාමාන්‍ය මිනිසුන්ට කරපු සේවය ඉතා උතුම්. (නි)
මෙන්න පහුගිය කාලේ සංවර්ධනය. ජයවේවා......! (නි)
ඇමතිගොල්ලන්ගේ ප්‍රාතිහාර්ය කොහොමද? (නි)
හොඳ වැඩක්. ඇමතිතුමාට පින් (නි)
අපේ රටේ ඉන්න මැතිඇමතිවරු හිතාඉන්නේ මේ රටේ ඉන්නේ මන්දබුද්ධිකයෝ කියලා. අනෙක් අතට එහෙම හිතුවත් වරදක් නැහැ, එහෙම නොවෙන්න දැන් ඉන්න සමහරු මැතිසබේට යයිද? (නි)
ලොකු තනතුරක් දරන්නෙකුගේ මහ ගෙදර මේ ළඟම තිබිලත් එතුමා දන්නේ නැහැ වගෙයි (නි)
“අනෙක් ඇමැතිවරුන්ටත් මෙය ආදර්ශයක් වේචා!“ ඔව් ඔව් දකුණේත් මෙහෙම කෙනෙක් හිටියා. මෝඩයින් අතර වීරයෙක්. දැන් බලාගෙන හිටිය කට්ටිය ගෙදර ගිහිල්ලා ගෙදර උන්දැට කියාවි දැක්කද අපේ මන්ත්‍රීතුමාගේ වැඩ කියලා (නි)
ඇතැම් අය හිතනවා ඇති මේ සිද්ධිය මහා උදාර ක්‍රියාවක් කියලා. මේවා විහිළු වැඩ. පාරේ ගමනාගමනයට බාධාවන ලයිට් කණු, ටෙලිපෝන් කණු, තාප්ප මේ රටේ ඕනෑතරම් තියනවා. මේ උපවාස ක්‍රමයට ඒවා අයින් කරන්න කොපමණ කාලයක් යයිද? මීට අමතරව පොදු මහජනතාව එදිනෙදා අත්විඳින අපහසුතා අපමණ තියනවා. රාජ්‍ය ආයතනවලට අකාර්යක්ෂමතාව නිසයි මෙහෙම වෙන්නේ. එම අකාර්යක්ෂමතාවන්ට පිළියම් යෙදීම හා එම ආයතන නියම කළමනාකාරිත්වයකින් යුතුව වැඩ කරනවාද යන වග අධීක්ෂණය කිරීම තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම. (නි)
බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ. නැත්නම් ඕක තවම ඔතන (නි)
රටට වැඩ කිරීම පිණිස අපේ ඇමතිවරුන්ට බොනට් එක රත්වෙන්නේ නැති වාහන වහාම ලබාදිය යුතුයි. (නි)
ධම්මට ගිය ආණ්ඩුවෙන් කළ සංවර්ධනය ගැන සතුටු ඇති. මන්ත්‍රීවරයෙක් වුණාම මේවා තමයි මුලින්ම කරන්න ඕනෑ. අනතුරුදායක ලෙස කළ සංවර්ධනය ගැන කවුරුවත් කතාකරන නැහැ. (නි)
දිසා, මේවා කරලා තමයි ඒ දවස් වල අය හුරේ ගත්තේ. මේ වගේ වැඩ නිරීක්ෂණය කරන්න කට්ටිය හිටිය නැති එක තමයි ප්‍රශ්නේ. (නි)
කළ වැඩේ හොඳයි. නමුත් ඔය දේ කරන්න පත්තර ගෙනල්ලා ටීවී ගෙනල්ලා ඒවා ඉස්සරහා කරන්න ඕනෑ නැහැ. වැඩේ තියෙන්නෙ මේවා බලලා හුරේ දාන මිනිස්සුත් ඉන්න එක. (නි)
ඔය කරුණාපාල මහතාටයි කියන්නේ. ඉස්සර ඔය කියන විදියට ටෙලිකොම් ලොක්කන්ට විතරක් නෙමෙයි වෙන තැන් වලටත් බලපෑම් කළා. දැන් ඒ කාලේ ඉවරයි. සන්තෝෂ වෙන්න කිසිම ආයතනයක් දේශපාලකයන්ට ඕනෑ විදියට කඩේ නොයන එක ගැන (නි)