මව්පියන් පිරිසක් සමග මීගහතැන්න ප්‍රාථමිකයට බලෙන් ඇතුළුවී දරුවන් 10 දෙනකු බලහත්කාරයෙන් ඇතුළු කළැයි කියන සිද්ධීය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පොලිසියට බාරවීම සඳහා මීගහතැන්න බලා යමින් සිටි බව පොලිස් ආරංචි කියයි.
ඔහු මේ පියවර ගෙන ඇත්තේ එම පාසලට බලෙන් ඇතුළුවී යැයි කියන කාන්තාවන් 9 දෙනකු මීගහතැන්න පොලිසියෙන් අද අත්අඩංගුවට ගැනීමත් සමගය.
සුදුසුකම් නොලැබූ බව කියන මෙම දරුවන් බලයෙන් පාසලට ඇතුළු කිරීමට මුල්වූ බව කියන තෙවරප්පෙරුම විදුහල්පතිටද පහරදී සියදිවි නසාගැනීමේ රඟපෑමක යෙදුණු බව කියති. ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
විදුහල්පතිවරු හා ගුරුවරු සිය ගණනක් පෙරදින මතුගම අධ්‍යාපන කාර්යාලය අසල උද්ඝෝෂණයක් කරමින් කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
තමා පොලිසියට බාරවන බව තෙවරප්පෙරුම මහතා කියයි. මීගහතැන්න පාසලට තමාත් මවුපියනුත් බලෙන් ඇතුළු නොවූ බව ඔහු කියයි.
‘අපි එහේ යද්දී පොලිසියේ ඕඅයිසී මහත්තයාත් හිටියා. බලෙන් එහි ගියේ නෑ. දරුවන් පාසලට ඇතුළු කරගත්තේ විදුහල්පතිගේ කැමැත්තෙන්. අද මම පොලිසියට බාර වෙනවා. දොස්තරලා එපා කිව්වත් බලෙන් ටිකට් කපාගෙන යනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිකන් අලුත්ම සටන්කාමි චිත්‍රපටියක්ද වගේ.(හේ)
කවරුන් කුමක් කිවත් තමන් කළ දේ ගැන වගකිමක් හා වගවිමක් ඇති මිනිහෙක් (බ)
ඔන්න ඕක තමයි යහපාලනය කියන්නේ. හැම කෙනෙක්ම තමන්ගේ සීමාවන් දැන සිටින්න ඕනි. (බ)
උදාර, ඔයාගේ නමට ගැලපෙන ඒවා ලියන්න. මේ විදිහට ඇමති මට්ටමේ අය හිතන්න, ක්‍රියා කරන්න ගියොත් සිංගප්පුරුව කෙසේ වෙතත් නොදිවුණු ගල් යුගයේ රටක් වෙනවා. මේ ක්‍රමයට රටක ආර්ථික සමාජ සහ සංස්කෘතිකව රටක් වර්ධනය කරන්න බැහැ. (බ)
උදාර අහල තියෙනවද අර ගිනි ගොඩ ළඟටම කඩාගෙන බිඳගෙන ගිහින් නැවතුන ගිනි නිවන රථය ගැන. බලා හිටපු අය මුව නොසැහෙන්න ඒ රථයේ රියදුරුට ප්‍රසංශා කළා. හරියට ඔබ වගේම. හැබැයි, ගිනි රථය එතෙන්ට කඩා ගෙන බිඳගෙන ගියේ බ්රේක් නැතිවීම නිසයි. (බ)
උදාර, දෙවියෝ අඩිය තියන්න බය තැන්වල මෝඩයෝ කරණම් ගහනවා කියන්නේ ඕවට. මේවට සමහරු කියන්නේ බොරු සෝබන කියලා (නි)
මිත්‍රවරුනි, උදාර අහලා නැති දේ බොහෝ තිබෙනවා වගේ (නි)